IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්

(කේෂර ගුණතිලක)

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක ජන රැළියක් අමතමින් අද පැවසීය.

මේ ආණ්ඩුව ග්‍රාමීය ජනතාව දුප්පත්කමින් මුදවා ගන්නවා. ඒ දුප්පත් භාවයෙන් මුදාගන්න ආහාර ගන්න බැරි බෙහෙත් ගන්න බැරි දරුවන්ට උගන්න ගන්න බැරි සෑම පවුලකටම යම් ආධාරයක් ලබාදෙනවා. හැබැයි හැමදාම නෙමෙයි. දුප්පත්කම තුරන් වෙනකන් අපි ඔවුන් ආරක්ෂාකර ගගන්නවා.

අලුතෙන් පාසල් පටන්ගන්න කලින් පාසල් දරුවන්ට යම් දීමනාවක් දෙන්න සැලසුම් හදලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳව, හිටපු ජනාධිපති කියනවා එතුමා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා සල්ලි පාස් කරාලු. අපිට තියෙන්නේ දෙන්න විතරයිලු. ඉතිං දීලා යන්න තිබ්බනේ. මතකද රාජ්‍යසේවකයන් වැඩවර්ජනය කළා.වි ශ්ව විද්‍යාල මාස තුනක් වැහිලා තිබ්බා.එතකොට කිව්වා පඩි ගෙවන්න විදිහක් නැහැ කියලා. දැන් ගෙදර ගිහිල්ලා කියනවා මං සල්ලි තියලා ගියේ කියලා.

පව් හලෝ. එයා කැබිනට් තීන්දු ගත්තත් එකයි නැතත් එකයි. එයා සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා.

ඒ වගේම පොහොර සහනාධාරය පහළොස්දාහේ සිට විසිපන්දහස දක්වා වැඩිකළා. ධීවරයන්ට ඉන්ධන සහනාධාරයක් ලබාදුන්නා. විශ්‍රාමිකයින්ගේ වැටුප පසුගිය ඔක්තෝබර් මාසයේ සිට රුපියල් තුන්දහසකින් වැඩි කළා. ආර්ථිකය කළමණාකරණය කරගනිමින් ජනතාවට සහන ලබාදෙමින් ආර්ථිකය ගොඩනැගීම සඳහා සැලැස්මක් හදලා තියෙන්නේ.

මේ පළාත්වල කෘෂි කර්මාන්තය,වී වගාව.මං එනකොට දැක්කා එහා පැත්තේ ලියල හොඳට බැදලා තියෙනවා. මේ මහ කන්නය. හැබැයි අස්වැන්න නෙලනකොට වී මිල අඩුවෙලා. අද වී මිල ගණන්. කිලෝ එක 135 - 140 යි.හැබැයි ගොවීන් ගාව වී තියෙනවද. නැහැ.වී ටික විකුණලා ඉවරයි .වී මිල ඉහළ යනවා. එතකොට හාල් මිලත් ඉහළ යනවා.ගොවීන්ගේ වී නැහැ. මුදලාලිලා කිහිප දෙනෙක් හාල් මිල තීරණය කරනවා. ඒක පාලනය කරන්න නම් රජයේ ගබඩාවල වී තියෙන්න ඕන. හැබැයි පහුගිය කන්න වල ආණ්ඩුව වී ඇටයක් අරගෙන නැහැ. වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවක්ම හිස්.ඉතින් කොහොමද හාල් මිල පාලනය කරන්නේ. පාලනය කරන්න ආකාර දෙකක් තිබේ.එකක් ගබඩා වල වී තොග තිබ්බ නම්. අපි වී තොග එළියට දැම්ම නම් හාල් මිල අඩු කරන්න පුළුවන්.

දෙක නීතියක් තියෙනවා. ව්‍යාපාර කරන මහත්වරුන්ගෙන් ඉල්ලනවා. කළේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරනවා .හැබැයි නැවත මෙහෙම අර්බුදයක් වෙන්න ඉඩ දෙන්න ඉඩ තියන්නේ නෑ. අපි නියෝග දුන්නා වී අලෙවි මණ්ඩලයේ සියලුම ගබඩා අළුත්වැඩියා කරන්න. ඊළඟ මහ කන්නයේ වැඩිම වී ප්‍රමාණය ආණ්ඩුව මිලදී ගන්න අපි සැලසුම්කර තිබෙනවා. අපි පොඩි මෝල් හිමියන්ට වී ටිකදෙනවා.ඒ ගොල්ලන්ට කොටලා දෙන්න කියලා. සමූපකාර ජාලය හරහා විකුණන්න දෙනවා.එතකොට ඒගොල්ලන්ට ඒකාධිකාරියක් හදන්න බෑ.අපි මේ ප්‍රශ්න විසඳනවා .සංචාරක කර්මාන්ත විශාල පිම්මක් ගන්න සැලසුම් කරනවා.රාජ්‍ය සේවය මීට වඩා කාර්යක්ෂම කර ඩිජිටල්කරණයට ආර්ථික යොමු කරන්න ඕන. මේ රට මේ කලාපයේ පිරිසිදු රට බවට පත්කරන වැඩපිළිවෙල  ජාතික ජන බලවේගය  ක්‍රියාත්මක කරනවා .මහන්සි වෙමු අපේ දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනඟන්න.මේ හැරවුම, මේ රට ආපහු හැරවීමට කිසිසේත් ඉඩ තියන්නේ නෑ.

ජාතික ජනබලවේගය රටේ ජනතාවගේ නිදහස තහවුරු කරලා තියෙනවා.අපිට ඡන්දෙ දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන්. ඒත් හැම පුරවැසියකුටම නිදහසේ වැඩකරන්න පුළුවන් වාතාවරණය හදලා තියෙනවා. වෙනදා මහ ඡන්දයක් නම් කොහොමද මොනරාගල. අපි නැතුව වෙන කෙනෙක් ජනාධිපති ඡන්දය දිනුවා නම් මේ ඡන්දේද මොනරාගල කොහොම වෙයිද?  කාර්යාල කොච්චර ගිනි තියයිද. මට මතකයි අපේ පක්ෂ කාර්යාල. මේ වැල්ලවාය බඩල්කුඹුර බිබිල ගිනිතිබ්බා. මැදගම පහර දුන්නා. එහෙම ඒ ගොල්ලෝ ඡන්දේ කළේ.

වෙනද ඡන්දේ නම් වෙන පක්ෂවල කොඩිවැල් පේන්න බැහැ. වෙන කාර්යාල පේන්න බැහැ.වෙන ක්‍රියාකාරීන්ට වැඩකරන්න බෑ .සමෘද්ධිය කපනවා කියනවා. රස්සාවෙන් අයින් කරනවා කියනවා. රෑට ඇවිල්ලා බය කරනවා. එහෙමයි මේ රට තිබුණේ.අද සෑම දේශපාලන ව්‍යාපාරයකට ඡන්දේ නිදහසේ කරන්න පුළුවන්.

රටක් ඉස්සරහට යන්නේ ජනතාවගේ නිදහස් අදහස් වලට ඉඩකඩදෙමින් ප්‍රජාතන්ත්‍රරවාදය ස්ථාපිතකරමින් තමයි රටවල් ඉස්සරහට යන්නේ.

අපේ රටේ දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍යයි.දේශපාලනඥයින්ට හිතූ හිතූ දේ කරන්න බෑ.යම් නිර්ණායක පද්ධතියක යම් රාමුවක දේශපාලකයා වැඩකරන්න ඕන.මහජනයාගේ දේපල දේශපාලඥයා පරිහරණය කරන්න ඕන ශිෂ්ට සම්පන්න විදිහට.දේශපාලකයා නීතියට යටත්වෙන්න ඕන.හැබැයි එහෙම නෑ අපේ රටේ. දැන් වාහන හම්බවෙනවා ලියාපදිංචි කරලා නැති. රේගුවෙන් නිසි පරිදි රේගු බදුගෙවන්නේ නැතුව. පන්නපු වාහන සමහර වාහන බලනකොට එංගලන්තයෙන් උස්සපු වාහන.ලේසි කට්ටිය නෙවෙයි.පහුගිය කාලේ වාහන ආනයනය කිරීම තහනම්.

ඒත් ඒගොල්ලො වාහන ගෙනල්ලා තියෙනවා.අපේ රටට ඕනෑම වාහනයක් ගේනවා නම් රේගුව හරහා නිසි බදුගෙවන්න ඕන.ඒගොල්ලෝ රේගුවට බදුගෙවන්නේ නැහැ. අපේ රටේ වාහනයක් දුවනවා නම් ආර්.එම්.යූ එකේ රෙජිස්ටර් කරන්න ඕන.අංක තහඩුවක් තියෙන්න ඕන.ඒගොල්ල බොරු අංක තහඩු දාගෙන වාහන දුවනවා.මෙතන වාහනය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි.ඒ ගොල්ලො නීතියට යටත් නැහැ කියන ප්‍රශ්නේ තියෙන්නේ.ඒගොල්ලන්ට එම නීතිය අදාල නැහැ.මේ රටේ දේශපාලනය ශිෂ්ට සම්පන්න කරන්න නීතිය හමුවේ සියලුදෙනාම සමානයි කියන සංකල්පයට පණ පොවනවා.

 

 



අදහස් (16)

පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්

Akalanka Tuesday, 05 November 2024 06:30 AM

බලපන්කො පාක්ෂිකයන්ගේ මූණු වල හැටි විතරක්. කරත්තෙට අහු වෙච්ච කජු ලෙලි වගේ.

:       0       0

Mohan Tuesday, 05 November 2024 07:17 AM

ඉතාමත්ම වැදගත් දේ තමයි කියලා තියෙන දේවල් ක්‍රියාත්මක කරන එක

:       0       0

චමින්ද Tuesday, 05 November 2024 08:20 AM

මහදැනමුත්තයි ගෝලයො රොත්තයි. අනේ මන්ද. ජත්‍යන්තර මූල්‍යය අරමුදලේ සාකච්චා ඇනහිටල තියෙද්දි දෙයි ඔය කියන දේවල් මේන් කියල.

:       39       43

Ideni Tuesday, 05 November 2024 09:46 AM

මෙයාගේ පොරොන්දු නම් ඉතින් සුපිරිම තමයි .ලොවෙත් නැහැ

:       24       47

Asanga thiththagalla gamage Tuesday, 05 November 2024 09:57 AM

මෙයත් පොරොන්දු දෙනවා විතරයි

:       31       42

Nishan Tuesday, 05 November 2024 10:12 AM

වැට් අඩු කලාද? පඩි වැඩි කලාද? උපයන විට ගෙවන බදු අඩු කලාද? ඒ බදු ගෙවන සීමාවා ඉහල දැම්මාද? ඒ දීපු පොරොන්දු එකක්වත් ඉටු නොකර තවත් පොරොන්දු දෙනවා. තවත් රැවටෙනවා නම් ඒ බත් කන අය වෙන්න බෑ.

:       31       42

PGPThilak Tuesday, 05 November 2024 12:03 PM

රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට තවත් බෙදලා රටම අර්බූදයක දමනවා නියතයි! ඒ මදිවට පාසැල් ළමුන්ට දීමනා වගෙ ඉල්ලන්නෙ නැති දේවලුත් දෙන්න ගියොත් රට නැවතත් මහින්ද යුගයම තමයි!! අනේ මන්දා, බලය ගන්න ඡන්ද මංකොල්ල කරුවන් සේ හැසිරෙන දේසපාලුවන් ඉන්න කල් රටට . අනාගතයක් නෑ!

:       14       22

sahan fernando Tuesday, 05 November 2024 12:23 PM

තමුන් ජනාධිපති කියලා තේරුම් කරලා දෙන්නකෝ මෙයාට කවුරු හරි.... තවම කතා කරන්නේ හලෝ හලෝ කිය කියා පරණ කුමාර වගේම තමයි

:       18       30

සිල්වා Tuesday, 05 November 2024 01:35 PM

ජනාධිපතිතුමා කියන දේවල් ඇත්ත ද නැද්ද කියල දැනගන්න වෙන්නේ උගන්ඩා කුමාරිගෙන්ම තමයි.

:       0       0

Toni Tuesday, 05 November 2024 03:41 PM

කටින් වැඩ කෝටියයි .

:       0       0

Bandara Tuesday, 05 November 2024 04:13 PM

තවත් ගජබින්න ඇදබානවා.. මේවට තවත් ජෙබයියෝ රැවටෙනවා.

:       6       16

prasanna Wednesday, 06 November 2024 02:48 PM

වැල් බයිලා...

:       8       17

Gaya Friday, 08 November 2024 02:54 PM

අනේ මන්දා මේකේ කමෙන්ට් කරලා තියෙන මිනිස්සු මොන තරම් බුද්ධියෙන් අඩුද කියලා හිතාගන්න බෑ. පොරොන්දු ඉටු කරන්න පඩි වැඩි කරන්න එක පාරටම කරන්න පුළුවන්ද කියලාවත් නොතේරෙන ජනතාවක් ලංකාවේ ඉන්නේ. ඇත්තටම මෙවැනි අයගේ මෝඩ කතා නොඅසා මේ යන විදියට ඉදිරියට ගියාම හරි. ඉවසුමක් නැති කුහක ජාතියක් ඉන්න රටක් මේක. කොපමණ කලත් ගුණයක් නොදකින් පිරිසක් ඉන්න රටක්. තව බොහෝ කලක් යාවි මෙවැන්නන්ගේ ආකල්ප වෙනස් වෙන්න...

:       15       6

Hamid Sunday, 10 November 2024 03:17 PM

ගයා, ඔයාට ඩිමෙන්ෂියාද? මතක නැද්ද ස්ටේජ්වල කියපු ටොම්පච ටික... කරන්න බැරි නම් කිව්වේ ඇයි?

:       2       10

Amal Sunday, 10 November 2024 03:19 PM

අම්මෝ පුදුම ඉවසීමක්නේ තියෙන්නේ. ඉවසනවා නම් ඉවසන්න ඕනේ ලොවෙත් නැතිවෙන්නද?

:       0       7

Shobha Tuesday, 12 November 2024 12:07 PM

රජය දුප්පතුන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමට උත්සාහ කරන්නේ නම්, ඔවුන් පහසු ප්‍රතිලාභ ලබා ගැනීමට දුප්පත්ව සිටීමට උත්සාහ කරයි. පළමුවෙන්ම ඔවුන් දුප්පත් වී ඇත්තේ මන්දැයි සොයා බැලීම වැදගත්ය. දුප්පත් ගෙවල්වල ඉන්න සමහර පිරිමි සල්ලි වියදම් කරන්නේ මත්පැ‍න් ‍සහ මත් කුඩුවලට. මු‍දල් ඇ‍ති අ‍ය කුමකටද මේ වගේ අය වෙනුවෙන් සල්ලි වියදම් කරන්නේ. ජනාධිපතිතුමා නිතරම කියන විදියට දුප්පත් පවුලක කෙනෙක්. ඈත පළාතක කෙනෙක්. නිදහස් අධ්‍යාපනය නිසා කැලණිය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනීමට හැකි විය. තායිලන්තයේ පවා ද්විතීයික භා‌ තෘතියික අධ්‍යාපනය නොමිලේ නැත. බොහෝ මිනිසුන් උපතින් පොහොසත් නොවේ. බොහෝ දෙ‍නෙ‍ක් වෙහෙස මහන්සි වී ඉගෙනගෙන වෙහෙස මහන්සි වී උ‍ප‍යා ගෙන මෙම තත්වයට පත්ව ඇත. එම‍නි‌සා‍ ධනවතුන්ගෙන් වැඩි බදු අයකර දුප්පතුන්ට ලබාදීමේ ජනාධිපතිතුමාගේ දැක්ම නිවැරදි නොවේ. ශ්‍රී ලංකාවේ සියලුම ආදායම් ලබන්නන්ගෙන් සමාන බදු ප්‍රතිශතයක් ලබා ගැනීම වැදගත් වේ. එවිට වෙහෙස මහන්සි වී උපයන ජනතාවට සහ‌නය‌ක් ද, දුප්පත් ජනතාවට ඉහළ ආදායමක් උපයා ගැනීමේ වැදගත්කම ද දැනෙනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 02 97 0

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරී


සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි
2025 අප්‍රේල් මස 02 309 0

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.


කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 02 223 0

දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ


බස් ගාස්තු ජූලි ඉහළ යනවා
2025 අප්‍රේල් මස 02 186 0

බස් ගාස්තු ලබන ජූනි මාසයේ අනිවාර්යෙන්ම සැලකිය යුතු ගණනකින් ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බාස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2)


අවුරුදු දෙකේ දරුවා බසයට බිලි
2025 අප්‍රේල් මස 02 1120 0

ලංගම බසයකට යටවී අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවෙකු අද (02) මියගොස් ඇති බව කළුතර පොලිසිය පවසයි.


එස් එම් රංජිත්ට වසර 16ක සිර දඬුවමක්
2025 අප්‍රේල් මස 02 4491 4

උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව ස


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 189 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 781 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site