(විනීතා එම් ගමගේ)
සේවක වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති සහනය දෙසැම්බර් මස 31 දින දක්වා දීර්ඝ කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවේ කොවිඩ් මර්දන බළකාය තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
කෙසේ වෙතත් එම සහනය ඒ ඒ කම්හල්වල ඉල්ලීම පරිදි අවස්ථානුකූලව කම්කරු කොමසාරිස් ජනරාල්ගේ අවසරය ලබාදීමට ද ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීම් කම්කරු දොපර්තමේන්තුව වෙත හාම්පුතුන් විසින් ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම සදහන් කරයි.
සූම් තාක්ෂණය ඔස්සේ කොවිඩ් මර්දන බලකාය රැස්වූ බවත් එහි දී වෙළද කළාප ආශ්‍රිතව සේවකයන්ගේ පැමිණීම පිළිබදව සමික්ෂණයක් කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කරයි.
පවතින සංචරණනීති හේතුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල මහජනතාව සදහා විවෘත නොකරන නමුත් දෙපාර්තමේන්තු (http://www.labourdept.gov.lk) වෙබ් අඩවිය හරහා කම්කරු නීති සම්බන්ධයෙන වන ඕනෑම කරුණක්, පැමිණීල්ලක් හෝ ලිඛිත විමසීමක් තමා සේවා ආයතනයට අයත් බල ප්‍රදේශයේ කම්කරු කාර්යාලය වෙත ඉදිරිපත් කළ හැකි බව ද චන්ද්‍රකීර්ති මහතා දැනුම් දෙයි. එසේ ඉදිරිපත්වන ගැටළු සම්බන්ධව කඩිනමින් විසඳුම් ලබා දීමට කටයුතු සළසා ඇතැයි හෙතෙම තවදුරටත් පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෞද්ගලික අංශයේ පඩි ගෙවන්න දුන් සහන දෙසැම්බර් තෙක් දික් කරයි
anula Saturday, 05 June 2021 08:47 AM
ඇයි ඔය සහන ලෙසින් ගෙවන මහජනයාට සහනයක් නොදෙන්නේ රස්සාවල් නැතුව මිනිස්සු කොහොමද ලීසින් ගෙවන්නේ? ඒ අය තමයි සංචරණ නීති තියෙන වෙලාවේ වැඩිපුර පාරට බැහැලා ඉන්නේ අත්‍යාවශ්‍ය සේවා කියලා..