ජාතික වගකීම් සපුරාලීම සඳහා දෛනික නිල කාර්යයන්වලදී ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පෞද්ගලික උත්සව සඳහා ඇරියුම් නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.
ජනතා වගකීම් සපුරාලීම සඳහා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටලු විසඳීමට ජනාධිපතිවරයා කැපවී ක්‍රියාකරන බවද ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එබැවින් උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍යය හා සාද වැනි අවස්ථාවනට සහභාගීවිමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා නොකරන බැවින් එවැනි අවස්ථා සඳහා ආරාධනා නොකරන ලෙසට සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඇති ගෞරවය සහ ප්‍රසාදය නිසා බොහෝදෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථාවට එක්වන ලෙසට ජනාධිපතිවරයාට ආරාධනා කරන බවත් එම බැඳීම ජනාධිපතිවරයා මහත්සේ අගය කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්කර ඇත.
නිල කටයුතුවලින් බැහැරව තමාට ලැබෙන හැම පැයක්ම ජනතාවගේ අභිවෘද්ධිය පිණිස කැපකිරීමට ජනාධිපතිවරයා අධිෂ්ඨාන කරගෙන සිටින බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
(***)
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෞද්ගලික උත්සවවලට ජනපති නෑ
Raveendra Wednesday, 02 September 2020 10:16 AM
අපද මෙය හොඳ තීරණයක් ලෙස විශ්වාස කරන්නෙමු. රටක නායකයා එක එක්කෙනාගේ පුද්ගලික අවස්ථාවන් වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය වැය කරනවාද, නැතහොත් සමස්ත රටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය මිඩංගු කරනවාද යන්න මෙතෙක් කල් බලයේ සිටි නායකයන් වැඩි දෙනෙකුට තේරුම් ගැනුමට නොහැකිවීමද කණගාටුවකි. එලෙසම රටේ පුරවැසියන්ද තේරුම් ගත යුත්තේ අපේ වැඩේ කරගැනුමට "පමණක්ම" වෙනත් කෙනෙකුගේ වටිනා කාලය කාදැමීමට ආරාධනා කිරීම සාධාරණද යන්නයි..
mariaWednesday, 02 September 2020 12:58 PM
රැවටෙන්න එපා. මතකනේ ඡන්දෙට මගේ මුහුණ පාවිච්චි කරන්න එපා කිව්වට අන්තිමට මීටිං වලට ගියේ...
abc Wednesday, 02 September 2020 11:01 AM
මගුල් ගෙදරකට, මළ ගෙදරකට හෝ වෙනත් ඔවුන්ගේ පුද්ගලික කරුණකට හෝ උත්සවයකට දේශපාලකයෙක් පැමිණියේ නැතිනම් ඔවුන්ගේ පළාතේ දේශපාලනයට හෝ පක්ෂයට ඡන්දය නොදෙන මිනිස්සු ඉන්න රටක් ලංකාව කියන්නේ. මොලයෙන් නොව හැඟීමකින් කටයුතු කරන මිනිස්සු..
Nuwan Wednesday, 02 September 2020 12:00 PM
ඒක හොඳයි...
pradeepa Wednesday, 02 September 2020 12:16 PM
ඔයා ඡන්දෙට කළින් කිව්වේ නැහැ අනේ මම හිටියේ අපේ සර්ට දුවගේ වෙඩින් එක කියන්න.
Nihal Dharmatileke Thursday, 03 September 2020 07:07 AM
ඔබතුමා බොරු ෂෝ කාරයින්ට ‘‘පිහි තලයක්‘‘