(සුජිත් හේවාජුලිගේ )
බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි .
කොරෝනා ආසාදිතයන්ට ලොකු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණද රෝහල්වලින් පිටව යද්දි ඔවුන් ලොකු බිල් ඉදිරිපත් කරන බව රහුමාන් මහතා චෝදනා කරයි .
රෝහල් වලින් පිටව යා හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කළත් සමහර පෞද්ගලික රෝහල් විවිධ ගිවිසුම් ගැන කියමින් රෝගීන් දින ගණන් ඒවායේ රඳවා ගෙන ලොකු බිල් ඉදිරිපත් කරන බවත් මෙවැනි අසාධාරණ අයකිරීම් වැළැක්වීමට රජය වහා මැදිහත්විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.
කොරෝනා ආසාදනයවූ අවස්ථාවේදී තමාද මෙවැනි අසාධාරණ අයකිරිම්වලට ගොදුරු වූ මන්ත්‍රීවරයෙකු යැයි ප්‍රකාශ කළ මුජුබර් රහුමාන් මහතා තමා මේ ප්රශ්නය පාර්ලිමේන්තුවේදීද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි සඳහන් කළේය.
දරුණු වසංගතයක් පවතින අවස්ථාවක කල දුටු කල වළ ඉහ ගැනීමට උත්සාහ දරන පෞද්ගලික රෝහල්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු රජයෙන් වැඩිදුරටත් කිරීමක් කරයි .
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෞද්ගලික රෝහල් ගැන මන්ත්‍රී මුජිබර් ගෙන් ජනපතිට පැමිණිල්ලක්
යෝගා Saturday, 29 May 2021 08:25 AM
පුද්ගලික රෝහල් ප්‍රර්ථනා කරන්නේ ලෙඩාට ඉක්මනින් සුව නොවේවා කියායි.
අතුල සයුදි Saturday, 29 May 2021 08:55 AM
ඇයි තමුන්නැහැලා නේද කිව්වේ කොරෝනා ප්‍රතිකාර සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න කියලා? ඕකට තමයි කියන්නේ ප්රශ්නය තමන්ගේ නොවනතාක් උත්තරය දාර්ශනිකයයි කියලා...
ZeylanicusSaturday, 29 May 2021 10:00 AM
කියල තියන දේ තේරුම් ගන්න. කියල තියෙන්නේ අසාධාරන අයකිරීම් නවන්ත්ත කියල, නැතුව ප්‍රතිකාර කරන්න එපා කියල නෙමෙයි.
සෙනෙවිරත්න Sunday, 30 May 2021 01:10 AM
එතුමා හොඳ යෝජනාවක් නේද කරලා තියෙන්නේ? එතකොට යෝජනාව කරපු අයගේ අගමුල මොකටද? මේ අසාධාරණය අපට වුණාම අපි කාට කියන්නද? මන්ත්‍රී කෙනෙක් නිසා හඬක් නගන්න පුළුවන්... අපි වගේ අය කිව්වොත් මාධ්‍ය වල යයිද? පාර්ලිමේන්තුවේ කතා කරලා මේ අයට යම් නියාමනයන් නියම කරවන්න ඔබට හැකිවේවා...!!! හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන්න පුරුදු වෙන්න එපා.. හඳ වළාකුල කට වැහුණොත් බලන්න බැරිවෙයි...
මුණසිංහ Saturday, 29 May 2021 10:32 AM
ආණ්ඩුවේ තැන් තියෙන්නේ මොකටද එතැනට ගියේ. හොඳින්ම සැප ගන්න නේ. එතකොට වැඩිපුරම ගෙවන්නට වෙනව. ඔය උත්තමයොම නේ පුද්ගලික අංශෙට පන දෙන්නෙ. ඒවා දන්සැල් නොවෙන බව කලින්ම කවුදෝ කිවුවා.
Shirley suraweera Saturday, 29 May 2021 10:39 AM
නිරෝධායනයෙනුත් ගසාකනවා
යාපා Saturday, 29 May 2021 10:55 AM
දුප්පතාගෙ හිතවතා කියන කෙනාගෙ ගෝලයෝ නේද.ඒ උනාට යන්නෙ දුප්පතා යන රජයේ රෝහල්වලටනම් නෙමෙයි.
Sri Lanka Saturday, 29 May 2021 11:39 AM
කොරෝනා හැදුණාට පස්සේ විකාර කියවනවා. ඕක තමයි අවුරුද් 70ක් තිස්සේ කළේ.. ආණ්ඩුව පටන් අරන් පුද්ගලික අංශයට දීලා කොමිස් ගන්නවා. බලන්නකෝ අපේ නිදහස් අධ්‍යාපනයේ වැඩිපුරම තියෙන්නේ පුද්ගලික පාසල්... නමට නිදහස..
Zeylanicus Saturday, 29 May 2021 11:54 AM
හැකියාව තියෙන අය පුද්ගලික තැන්වලට යන එක තමයි හොඳම දේ. එතකොට රජයේ රෝහල්වල ඉඩ ඉතුරුවෙනවා.
pakeer Saturday, 29 May 2021 12:05 PM
මිනිස්සු යන්නේ සල්ලි තියෙනවට නෙවෙයි... ඒත් බයට යන්නේ ... අඩුගානේ හරියට නිදාගන්න. රජයේ වාට්ටුවේ දෙගුණයක් සෙනග ඉන්නකොට... ලෙඩකට අවශ්‍ය මූලිකම දේ.. නිදාගන්නවත් පුළුවන්ද? ගාස්තු ගන්න ඕනේ.. සාධාරණ වෙන්න ඕනේ..
Sk Saturday, 29 May 2021 12:20 PM
රජයේ ඉස්පිරිතාල වලට නොගිහින්... දැන් නඩු කියනවා...
samanSaturday, 29 May 2021 12:49 PM
රජයේ රෝහල් පිරිලා ...
Mr,Don Saturday, 29 May 2021 02:16 PM
ජාතිවේදී කෝනෙන් බලන්න එපා.. කියන දේ හරියට තේරුම් ගන්න. කොහේද ඉතින් ලංකාව දියුණු වෙන්නේ.. ?
RamaniSaturday, 29 May 2021 11:54 PM
මෙතන කවුරුවත් ජාතිවාදී කතා කියලා නෑනේ. දේශපාලන කෝණයෙන් කතාකරලා තියෙනවා. නිසා නැති ප්‍රශ්න ඇති කරන්න එපා කමෙන්ට් දානකොට...
චින්තක Saturday, 29 May 2021 04:19 PM
කොට්ටාව ප්‍රදේශයේ සිටින මගේ සහෝදරියකට හා පවුලේ අයට පවුලේ සියලු දෙනාටම කොරෝනා හැදුණා... මුලින්ම සහෝදරියගේ සැමියාට කොරෝනා හැදුනේ සෞඛ්‍ය පරීක්ෂකතුමා දැනුවත් කළත් දින 04ක් යන තෙක් වෛද්‍යවරයෙකුට පෙන්නා ගැනීමට නොහැකිව දින හතරක් නිවසේ තබාගෙන සිට ගල්කිස්සේ පිහිටි පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලදී. සැමියා නිවසට පැමිණෙන විට පවුලේ අනෙක් තිදෙනාටද කොරෝනා සෑදී ඇති අතර ඔවුන් ඉහත සඳහන් පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද අතර දින 10ක්ම පුද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගන්නා ලදි. බාල පුතාට ඩෙංගු රෝගයද වැළඳී ඇත. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබද්දී ඩෙංගු රෝගය ඔහුට සැදුනේ කෙසේද යන්න තාමත් ප්‍රශ්නාර්ථයකි. සහෝදර පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් වන්නේ සැප ගැනීමට නොවන බවත් ජීවිතයත්, මරණයත් අතර රෝගයකින් බේරීමට කරන උත්සාහයක් ලෙස දකින ලෙසත්ය. තාමත් රජයේ රෝහල්වලට යොමු කිරීමට නොහැකිව දින ගණන් නිවාසවල රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බව අමතක නොකරන ලෙසත්ය...
WCA Saturday, 29 May 2021 05:31 PM
ඔබතුම ඉස්පිරිතලේදී බලන්න අදින PPE කට්ටලය 8000 ට එහා ගණන් බලන්නකෝ වේල් තුනට කන්න ගෙන්න තුනයි නස්ල කි පාරක් දවසට ආවද දොස්තරලා කී පාරක් ආවද බලන්න කියල ඒ ගාන 8000 වැඩිකරලා බලන්න එතකොට ඔය පුංචි මොලේට තේරෙයි ඇයි ඔච්චර ගණන් කියල