IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පාන් ගෙඩියක් 100 දක්වා අඩු විය යුතුයි

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරනවා මිස තවත් වැඩි කිරීමට සූදානමක් නැතැයි ද අඩුම තරමින් පාන් ගෙඩියක් රුපියල් 100ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බව  ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

මේ සඳහා රජයේ සහාය බලාපොරොත්තු වන බවත් දැනට අඩාල වී ඇති බේකරි කර්මාන්තය යථා තත්ත්වයට පත්කළ හැක්කේ ද පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළහොත් පමණක් බවත් ඔහු කීය .

මේ වන විට පාන් ගෙඩියක් රුපියල් 150ත් 160ත් 170 සහ ඇතැම් ප්‍රදේශ වල 180 ටත් අලෙවි කරන බව පවසන ජයවර්ධන මහතා එම මිල ගණන් පාරිභෝගිකයාට කිසිසේත් දරාගන්නට නොහැකි බවත් එම නිසාම පාන් බනිස් අලෙවිය සියයට 20ත් 25 ත් අතර ප්‍රමාණයකින් මේ වන විට අඩු වී ඇතැයි ද පැවැසීය .

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට විශාල බලපෑමක් වන අතර මෙය බේකරි කර්මාන්තය බිඳ වැටීමට හේතු වී ඇති බවත් එහෙත් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය නිසා එම බර බේකරි හිමියන්ට ඉතා අපහසුවෙන් දරාගැනීමට සිදුවී ඇති අතර බේකරි කර්මාන්තයට බලපාන විවිධ ගැටලු නිසා 7000 ක් පමණ වන බේකරි වලින් 5000 කටත් වඩා වැසී ගොස් ඇතැයිද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය .

 



අදහස් (5)

පාන් ගෙඩියක් 100 දක්වා අඩු විය යුතුයි

Lalla Monday, 06 March 2023 04:30 PM

පාන් ඕනම නෑ. තව ගනන් උස්සල බරත් අඩුකරපල්ල. ග්‍රෑම් 300ට විතර. දැනටම සමහර බේකරිවල ඒ ගාන තමයි බර. අපි දැනටම ගෙවල්වල බත් හෝ වෙන දෙයකට පුරුදු වෙලා ඉවරයි..

:       0       0

wedage Monday, 06 March 2023 04:38 PM

අපි පාන් ගෙඩියක් රුපියල් 3.50 ට කෑවා ඒ දවස් වල

:       0       0

Prase Monday, 06 March 2023 05:19 PM

අද ජනතාව බුද්ධිමත් තීරණ ගනිමින් සිටිනවා වැඩි කරන්න .බිස්නස් කාරයෝ ට වැඩි කරගන්න දීලා පාන් කෑමෙන් ඉවත් වෙලා උදේට අල බතල මයියොක්කා කන්න පුරුදු වෙමු. එතකොට ඕවගේ මිල නිකන් ම බහී

:       0       0

dhamneth Monday, 06 March 2023 08:57 PM

1994 ආණ්ඩු මාරුවට පෙර පාන් ගෙඩියක මිල සැමවිටම පැවතුනේ පිටි කිලෝ භාගයක මිලයි පිටි කිලෝව රුපියල් 50 නම් පාන් ගෙඩියක් රුපියල් 25 යි

:       0       1

පුෂ්පකුමාර Tuesday, 07 March 2023 11:48 AM

මම නම් තුනයි පනහට නැත්නම් පාන් කන්නෙ නැහැ මයියොක්කා කනවා. මහින්දලා වාසුලා මුලින්ම පාර්ලිමේන්තුවේ අසුන් ගත්ත කාලයේ අගහරුවාදා හා සිකුරාදා බත් කන්න තහනම් කල නිසා අපි මයියොක්කා කන්න පුරුදු වුනා පාන් නැතුවට අපිට ඒවා කන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරැස්ස ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 119 0


ඇහැලියගොඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 145 0


කරන්දෙණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 111 0


හිනිදුම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 131 0


දෙවිනුවර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 188 0


මහනුවර තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 116 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 239 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 561 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1672 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site