IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පැන ගිය දැරිවියන් අඟුලානේ නිවසකින් හමුවෙයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයෙන් පළා ගිය දැරිවියන් හයදෙනො අගුලාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (15)  සිය බාරයට ගත් බව පොලීසිය පවසයි.

මෙසේ පලා ගිය සිසුවියන් අතර අවුරුදු 15 තිදෙනෙකු අවුරුදු 16 දෙදෙනකු හා අවුරුදු 18 එක් අයෙකු සිට ඇති බව පොලිසිය කියයි.

අධිකරණ නියෝග මත පරිවාස දෙපාර්තමේන්තුව හරහා රැකවරණයට සුදුසුකම්  ලැබෙන බාල වයස්කාර දැරිවියන්  රදවා සිටින මෙම රැකවරණ මධ්‍යස්ථානයේ දැනට  දැරිවියන් 22 රඳවා සිටින අතර ඉන් දැරියන් හය දෙනකු මෙසේ පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.

ඊයේ( 14)  දැරිවියන් 22 ආහාරය බෙදා වෙන්කර තිබූ අතර රාත්‍රී 8.45 පමණ වන තෙක් හය දෙනෙකුගේ ආහාර පිගන් ඉතිරිව තිබීම පිළිබදව සැක සිතී එහි පාලිකාව විපරම් කර බැලීමේදී මෙසේ  හය දෙනෙකු පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.

දැරියන් රැඳී සිටි නිවස එක් දැරියකගේ ඥාති නිවසක් බව පවසන පොලීසිය දැරියන් මෙසේ අනාරක්ෂිතව පලායාමට හේතුව කුමක්දැයි විමර්ශන පවත්වත්වන බව පොලීසිය කියයි.



අදහස් (3)

පැන ගිය දැරිවියන් අඟුලානේ නිවසකින් හමුවෙයි

Pradeep Kumara Monday, 15 July 2024 12:10 PM

පලාගිය හේතුව වගේම අනාරක්ෂිතව පලාගිය ආකාරයත් සොයන්න. පලා ගිය හේතුව නම් බොහෝ විට ඔවැනි තැන්වල සිදුවන ලිංගික හිංසන වෙන්නත් පුළුවන්...

:       1       38

රංබොඩ Monday, 15 July 2024 01:04 PM

ළමා නිවාස වල දරුවන්ට සළකන්නෙ අමුතුම විදිහකට. ඒවයේ ඉන්න පාලිකාවන් බොහෝ විට ඉතා සැර පරුෂ ස්ත්‍රීන්. හරියට මානසික කායික හිංසන සිදුවෙනවා. ඒවා ගැන හොයන්න ක්‍රමවේදයක් රටේ නෑ.දරුවන් කබලෙන් ලිපට වැටුණා වගේ . ඒ නිසයි පැනලා යන්නේ.

:       0       18

බක්මීගොල්ල Monday, 15 July 2024 01:23 PM

දියණිවරුණි, ඔබලා සියළුම දෙනාටම සුව පහසු ආකාරයට, තමන් කැමැති, අනාගතය සුරක්ෂිත, ආරක්‍ෂිත ස්ථානයක ජීවත්වීමට වාසනාව ලැබේවා...! ඔයාලා සැමෝටම වාසනාවන්ත සුබම සුබ අනාගතයක්...!

:       1       24

ඔබේ අදහස් එවන්න

දියත

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1045 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 303 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1993 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 472 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 951 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 582 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site