IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පාන් පිටි නැතුව හෝටල් දහදාහක් වසයි

 

(සුජිත් හේවාජුලිගේ)

රටපුරා හෝටල්  30,000න් 10,000ක්  පමණ පාන් පිටි බිත්තර මස් මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම  වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

මෙයට අමතරව රජයේ ආයතන සහ පාසල්වල  ආපනශාලාවලින් හරි අඩක්  පමණද පාන් පිටි,බිත්තර, මස් මාළු, හිඟය හේතුවෙන් වැසී ගොස් ඇතැයි  ඔහු සඳහන් කළේය.

රට පුරා රාජ්‍ය ආයතනවල ආපන ශාලා 3000ක් පමණද පාසල්වල  ආපනශාලා 4600ක් පමණද ක්‍රියාත්මක විය.

එමෙන්ම උත්සව සඳහා (විවාහ මංගල්‍යය දාන  ගෙවල්, මළ ගෙවල් සහ පිරිත් ගෙවල්)  ආහාර පාන සැපයීම්  සේවාද   ( කේටරින්) පාන් පිටි බිත්තර මස් මාළු හිඟය හේතුවෙන්  සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇතැයි පැවසූ අසේල සම්පත් මහතා  තුන පහ ඇතුළු ආහාර රස කරන ද්‍රව්‍යවල  අධික මිල ගණන්ද  මේ තත්වයට තවත් ප්‍රධාන හේතුවක් බව ප්‍රකාශ කළේය.

තවද ගෘහාශ්‍රිතව පාන් පිටි හා බිත්තර  ආශ්‍රිතව කේක්, පුඩින්, වටලප්පන්  වැනි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ 60,000ක පමණ වැඩි පිරිසක්ද අමුදව්‍ය  හිඟය හේතුවෙන්  එම නිෂ්පාදන නැවතී මහමගට වැටී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර ඩොලර්වලට බලනොපාන   තැඹිලි ගෙඩිය, කෙසෙල්,පලා මිටිය,පලතුරුවල  හිතූ හිතූ මිල ගණන් වලට අලෙවි කරන අසාධාරණ වෙළෙද මාෆියාවක් අද රටේ   ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික භාණ්ඩ පාලනයට නිශ්චිත මිල නියාමනයක් නොමැතිවීම මේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව බවත් ඔහු සඳහන් කළේය.

යම් පුද්ගලයකු හරි  හම්බ කරන මුදලට වඩා වැඩි මුදලක්  ආහාර සඳහා වැය කිරීමට අද සිදුවී ඇති බව පැවසූ සම්පත් මහතා වෙළෙඳ මාෆියාවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා  පාරිභෝගික පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද  පෙන්වා දුන්නේය.



අදහස් (6)

පාන් පිටි නැතුව හෝටල් දහදාහක් වසයි

Rexi Tuesday, 13 September 2022 03:18 PM

මොන පාරිබොගික පනතක්ඩ ක්‍රියත්මක කරන්න කියන්නෙ? ළංකාවෙ ක්‍රියත්මක වෙන්නෙ.......... සල්ලි සහ බලයට පක්ෂපාති දේවල් පමනයි, අපිට අබ සරනයි

:       0       5

fairoos Tuesday, 13 September 2022 04:36 PM

රටට මේ කළ විනාශයට රනිල් රාජපක්ෂ ඇතුළු නඩයට හෙණ වදිනවා.

:       0       0

kamal Tuesday, 13 September 2022 05:50 PM

අද වෙළෙඳ පොලේ පවතින අධික භාණ්ඩ මිලට 75% ක් වග කිව යුත්තේ කූට වෙළෙන්දන්ය. පාරිභෝගික අධිකාරිය එය නොදැක්කාසේ අහක බලා ගෙන සිටී.

:       0       0

බද්රානි Tuesday, 13 September 2022 09:32 PM

හොඳ වැඩේ..! පහුගිය කාලේ ඕවා කාලා ඇඟවල්වල තෙලදාලා දැඟලුවා මතක ඇතිනේ කට්ටියට... ඇයි? අල, බතල, මයියොක්කා වවාගෙන කන්න මහන්සිද? මන්ද පෝෂණ කාරයින් රටේ වැඩිවුණාම පාලකයින්ට ලෝකෙන් හිඟා කාලා ඔවුන්ට තිරිහන් වෙන්න පහසුයි. හිඟමනට වැටුණත් සමහරකගේ කටේ නරිවාදම් නම් තවම ඉවරයක් නැහැ...

:       0       0

Helaya Tuesday, 13 September 2022 09:40 PM

දවස් දෙකකට ⁣පෙර තැඹිලි ගෙඩියක් රුපියල් 160. බට්ටා ලොරියේ රුපියල් 80... අද මම ෆුඩ් සිටියෙන් ගත්තා රුපියල් 82. ඇඔුල්කෙසෙල් ඊයේ රුපියල්...150. අද රුපියල් 200. අවංකවම වෙළෙඳ මාෆියාවක්...!

:       0       0

Perera Wednesday, 14 September 2022 01:01 AM

ප්‍රශ්නයක් නැහැ ඔය හොටල් කාරයොත් මෙ දවස්වල බොහොම සතුටෙන් ඉන්නව ඇති බොල ගහල කොප්ප දෙකක් දිනපු නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 164 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 465 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 246 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 606 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 106 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 669 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 336 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site