(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දෙවනවර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් එකොළහකට අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය අද (23) හිමිවිය.
එම කාරක සභාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22) රැස්විය.
මේ අනුව, අන්තරායකර සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත මගින් රුපියල් දහසේ දඩ මුදල රු. දෙලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. එසේම ළමයින් සහ තරුණ තැනැත්තන් සංශෝධන) පනත් කෙටුම්පත මගින් “ළමයකු” ලෙස සඳහන් කළ යුතු පුද්ගලයාගේ වයස අවුරුදු දහසයේ සිට අවුරුදු දහඅට දක්වා සංශෝධනය කිරීමටද කාරක සභාවේ එකගත්වය හිමිවිය.
තවද, නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත, අන්තිම කැමති පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සුළු හිමිකම් අධිකරණ කාර්යපටිපාටිය පනත් කෙටුම්පත, පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ අනුමැතිය හිමි විය.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ඩයනා ගමගේ, ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, එම්.එස්. තවුෆීක්, චාල්ස් නිර්මලනාදන්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, සුදත් මංජුල, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, යන මහත්ම මහත්මීන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පනත් කෙටුම්පත් එකොළහකට අනුමැතිය