(සුමිත් ප්‍රේමතිලක)
මන්නා පිහි පෙන්වා කාන්තාවන් බියගන්වා ගෙල බැඳි රන්මාල කොල්ල කෑ " පානදුර මන්නයා" නමැති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයා ජීව අත්බෝම්බයක් , කඩුවක්, මන්නාපිහි දෙකක් සමග අත්අඩංගුවට ගෙන කොල්ල කෑ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සහ යතුරුපැදියක් ද අද (25) සොයාගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ පාණදුර, කලුදෑවල සහ දිබ්බැද්ද ප්‍රදේශවල පදිංචි 29 සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව පැවසේ.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම පානදුර , මෝදරවිල ක්‍රීඩාංගණය අසලදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වලට අලෙවි කර තිබූ රන්මාල හයක්, පෙන්ඩන් දෙකක් සොයාගෙන ඇති අතර , ඔවුන් පැමිණි යතුරුපැදියද පිළියන්දල ප්‍රදේශයෙන් සොරකම් කල එකක් බැව් හදුනාගත් බව වැටලීමට එක්වූ පොලිස් නිලධාරීයෙක් කීය.
මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙල මන්නයකින් කපා ඝාතනය කිරීමේ වරදට වසර 27 කට අච්චු විද එය වසර 17 කින් ගෙවීයාමෙන් පසු නිදහස්ව ඇති "මන්නයා" යන අන්වර්ත නාමයෙන් හදුන්වන ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ සහායකයාට එරෙහිව ගල්කිස්ස, පිලියන්දල, මොරොන්තුඩුව, පානදුර සහ හිරණ ඇතුළු පොලිස් බල ප්‍රදේශවල රන්මල් කොල්ලකෑම් සහ යතුරුපැදි සොරකම් සම්බන්ධ චෝදනා දහයකට ආසන්න ප්‍රමාණයක් පවතින බැව් පොලිසිය කීය.
ගල්කිස්ස ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙලබැදි රන්මාලය කොල්ලකන මොහොතේ එයට මැදිවූ ඇයගේ ස්වාමිපුරුෂයාගේ අත්දෙකට මන්නයකින් පහරදීම සහ පින්වත්ත ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට මන්නයක් පෙන්වා බියගන්වා රුපියල් තිස්තුන් දහසක් කොල්ලකෑම ඇතුළු චෝදනා සැකකරුවන්ට එල්ලවී ඇතැයිද පොලිසිය කියයි . සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,පොලිස් අධිකාරී 1 උදය අමරතුංග සහ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සී.එස්. අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක එම්.එස්.පී. ලිවේරා , සැරයන් අබේසේකර (39811), කොස්තාපල්වරුන් වන තුෂාර (79335), මධුරංග (88245), ප්‍රියසමර (35145), ගුණරත්න (29631) වැටලීමට එක්වූහ .
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.
පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ශ්රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.
අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘පානදුර මන්නයා‘ සහ තවත් අයෙක් ආයුධ සමඟ පොලිස් දැලේ
arschfikaa Tuesday, 26 October 2021 12:56 AM
මේ අයගෙන් හරියට ප්‍රශ්න කෙරුවොත් අර ඇමැතිලාගේ නමුත් ගැවිලා ඇති.
sharm warn Monday, 15 November 2021 02:34 PM
කෝච්චියේ මාල කඩලා නැද්ද ?නවුකා ඇමති කරලා හරි පාර්ලිමේන්තු යවමු. පව් අහිංසකයා, කොහොම මොලයක් ඇතිද ඔය මාල කැඩුවාට