(ඉන්දිකා රාමනායක)
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පානදුර පල්ලිමුල්ල හංදියේ දී ඉකුත් (25) පෙරවරුවේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි ධීවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධන්ධ සැකකරුවන්ට නවාතැන් දුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
වෙඩික්කරුවන් දෙදෙනා ඝාතනයට පෙර ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක දින පහක් නවාතැන් ගෙන ඇති අතර ඝාතනය පැමිණි ඇත්තේ එම නිවසේ සිට බවද පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා ඝාතනයට පෙර ගල්කිස්ස ගඟුල පාරේ නිවසක දින 5 ගත කර ඇති බවට ලැබුණු තොරතුරක් මත පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතා යටතේ පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ගල්කිස්සේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 20 දින සිට 25 වැනි දින දක්වා ඉහත නිවසේ නවාතැන් ගෙන ඇති බවත් 25 වැනි දින එම නිවසේ සිට පැමිණි ඝාතනය සිදුකර පසුව යළිත් එම නිවසට ගොස් ඔවුන්ගේ බඩු බාහිරාදිය රැගෙන නිවසින් පිටවගොස් ඇති බවද, පරීක්ෂණ වලදී හෙළි වු බව පොලිසිය පවසයි.
ගල්කිස්ස නිවසේ දී අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ නිවසේ දින පහක කාලයක් ගතකළ පුද්ගලයන් තමන් නොහදුන බවත්, මිතුරකු ඔහුගේ මිතුරන් දෙදෙනකුට දින 5 ක කාලයක් නිවසේ නවා තැන් ලබාදෙන ලෙසට කළ දැනුම් දීමක් මත රුපියල් 10,000 ක මුදලකට තමන් නිවසේ නවාතැන් ගැනීමට අවසර ලබා දුන් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය විසින් සැකපිට තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ඝාතන සිද්ධිය වන අවස්ථාවේ ධීවරයා සමග එදින ත්‍රිරෝද රථයේ පිටුපස ගමන්ගත් පුද්ගලයා බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පොලිස් රැදවුම් නියෝග මත රදවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පසුවේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලාන ගැමුණු මාවතේ පදිංචි තිස්තුන් හැවිරිදි ලක්ෂාන් සදකැළුම් නමැති දෙදෙරු පියෙකි.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පානදුර වෙඩිතැබීමේ සිද්ධියේ ඝාතකයන්ට දින 5ක් නවාතැන් දුන් සැකකරැ දැලේ
fairoos Thursday, 28 January 2021 08:03 AM
මේ පාතාලය කවදා ඉවර වෙයිද කියන්න බැහැ....
Shirley suraweera Friday, 29 January 2021 01:03 AM
ආයුධ බාරදීලා ඉවර වුණු දවසට...