IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පනින්න කලින් පන්නන්න මෙහෙයුමක්

(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ ඉවත්වීමට සැරසෙන හෙයින් ඊට ප්‍රථම ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

නායකත්වය විවේචනය කළ සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීමට පක්ෂයට පූර්ණ බලය පවතින බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් පක්ෂයේ තවත් සමහර නායකයන් ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය නිර්දය ලෙස විවේචනය කළේය.

ෆොන්සේකා මහතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් පවතී.

 



අදහස් (8)

පනින්න කලින් පන්නන්න මෙහෙයුමක්

Lalla Friday, 28 June 2024 07:57 AM

ඇත්ත කතාවක්. ඉන්න තියෙන ගේ හැම තැනම රීගෙන ගඳ ගස්සවනවට වඩා හොඳ නැතිද එලියට ගිහිල්ල ඒ වැඩ කරගන්න එක. එතකොට ගේ ඇතුලේ ඉන්න අය කරදර නැතිව වැඩක් බලාගෙන ඉඳීවි.

:       4       32

Josap Friday, 28 June 2024 08:21 AM

කුහක සරත් ෆොන්සේකා වාසිතකා රනිල් ලගට ගිය එක හුගාක් හොදයි ඒ මොකද සමගි ජන බලවේගයේ නායකයන්ට ඉතාමත් හොද දෙයක් මේ කුහක මිනිහට කවුරුත් කැමති නැහැ

:       10       31

මැක්ස් Friday, 28 June 2024 10:02 AM

වයිරය, කුහකකම නිසාම 2010 දී මේ මනුස්සය පස්සේ ගිය උන්දලාට දැන් මොකද වෙන්නේ? අපුරුවට හිටි සරත් ෆොන්සේකා මහත්තයව දේශපාලන නරා වළට ඇදල කුහකත්වයේ පිකාසොලා වන ජවිපාවුන් මේ සියල්ලට වගකිව යුතුයි.

:       15       26

Bernard Perera Friday, 28 June 2024 11:44 AM

සරත් පොන්සේකා මහතාගේ දේශපාලන ගමනත් මෙයින් අවසන් වෙනවා. තමන්ගේ නම්බුව ගරුත්වය රැකගෙන දේශපාලනයෙන් අයින් වෙන්න. එක එක දේශපාලන පක්ෂ වලට බැල මෙහෙවරකම් කරන්ඩ එපා. රට රැක ගත්ත වීරයා බව කෙලෙස ගන්ඩ එපා.

:       4       24

kopral Friday, 28 June 2024 01:06 PM

මේ මනුස්සයට සිවිල් පරිපාලනය තේරෙන්නේ නැහැ . ගිය ගිය තැන රන්න්ඩු . මේ වන විට කරනම් කියක් ගැහුවද ? කිසි කෙනෙක් එක්ක හොඳින් ඉන්න බැහැ . ස්ජියත් හොඳ නැහැ නුමුත් මේ මනුස්සය හැසිරෙන්නේ පොඩි ළමයෙක් වගේ . රනිල් ලඟට ගියොත් මාස කීපයකින් රනිල්ට බැන බැන යාවි . තවත් කුහක මිනිහෙක් විතරයි .

:       0       7

මධුර Friday, 28 June 2024 01:45 PM

ජනතාවට අමතක නැහැ. හමුදාව යුද්ධය කරද්දි අලිමංකඩ යනවයි කියල පාමංකඩ යන්නෙ කියල අපහාස කල එවුන් සජබෙ ඉන්නෙ. SF කියන්නෙ වීරයෙක් එයා ඉවත් වෙන එක හොඳයි. කොහොමත් සජබෙ පරදිනවා.

:       2       4

SMR Friday, 28 June 2024 03:30 PM

Dollar වේයෝ කනකම් හිටපු එකා රට ගැන හිතයි ද.

:       1       6

ගාමිණී විජේසිරි ගිරිතලේ Saturday, 29 June 2024 08:18 AM

පනින රිලවුන්ට ඉනිමන් මොකටද? මුලදී රාජපක්ෂ කඳවුර (2009 ජනාධිපති මැතිවරණ ඡන්ද ලක්ෂ 40 තනිවම කෑම) ඉන්පසු මැතිණියට තනිව ඡන්ද 5000 ගණන් නොගෙන ඉවතට 2015 යහපාලන රජයේ සිරිසේන ජනාධිපති හා රනිල් දැන් සජිත් නායකයා... තරු පටි දැම්මාට එයා කටුස්සා.. තව සතුන්ගේ නම් ඈඳා ගැනීම ඔවුන්ට හොඳ නෑනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2533 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1685 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3335 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site