(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික ජනතාවට පිරිසිඳු පානීය ජලය සැපයීම සඳහා පර්යේෂණ කිරීමට ඉදිරි වසර තුනක කාලය සඳහා තාක්ෂණික, පර්යේෂණ සහ මූල්‍ය සහාය සැපයීමට ත්‍රෛ පාර්ශ්වික ගිවිසුමකට අද(18) චීන තානාපති කාර්යාලයේදී අත්සන් තැබිණ.
චීන විද්‍යා ඇකඩමිය, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පාර්ශව අතර විය.චීන විද්‍යා ඇකඩමිය වෙනුවෙන් ජල දුෂණය පාලනය කිරීමේ තාක්ෂණය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආචාර්ය වෙයි යුආන්සොන්ග්, ශ්‍රී ලංකාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ළමාවංශ සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුමට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇති අග්නිදිග ආසියාවේ විශාලතම ශ්‍රී ලංකා චීන ඒකාබද්ධ ජල පර්යේෂණාගාරයට අවශ්‍ය තාක්ෂණික සහාය හා විශේෂඥ දැනුම චීන විද්‍යා ඇකඩමිය ලබා දෙනු ඇත.
ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග්, චීන විද්‍යා ඇකඩමියේ ජල දුෂණය පාලනය කිරීමේ තාක්ෂණය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආචාර්ය වෙයි යුආන්සොන්ග්, ශ්‍රී ලංකාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ළමාවංශ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ එම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පානීය ජලය දෙන්න ත්‍රෛ පාර්ශ්වික ගිවිසුමක්
n.rajapura Tuesday, 19 December 2023 09:04 AM
සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු දෙමල අකුරු චීන අකුරු ජාලයෙන් සිදීගොස්ය.