IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාපතරයෙක් මගේ දුව නැති කළා

(සුමිත් පොතුපිටිය)

මගේ දුව කිසිදු පාපතරයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා නෑ.ඒ මම වගකීමෙන් කියන්නේ. මගේ දරුවාට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ යැයි කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි සිහාරා නිර්මානී දැරියගේ මව වන ඩබ්ලිව්.ඒ.නෙලූකා මහත්මිය පැවැසුවාය.

කළුතර ලැගුම් හලක තෙවන මහලෙන් ඇදවැටි මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ඇය එක්කර ගෙන ගිය තරුණිය ඇතුළු තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටියි.

මෙසේ මියගොස් ඇත්තේ නාගොඩ පදිංචි සිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා නමැති සිසුවියකි. ඇය කළුතර බාලිකාවේ 11 වසරේ ඉගෙනුම ලැබුවාය.

සිහාරාගේ මව වන නෙලුකා මහත්මිය මෙසේද පැවැසුවාය.

මගේ දරුවා ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. හැම විෂයකටම ඉහළ ලකුණු ගන්නවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නවයක් ගන්න බලාපොරොන්තුවෙන් ඇය සිටියා.

මගේ දුව ප්‍රේම සම්බන්දතාවයක් පවත්වන බවට පොඩ්ඩක්වත් දැන ගන්න ලැබුණේ නැහැ. ඒ දරුවා එහෙම කෙනෙක් කියලා මා හිතන්නේ නෑ. කිසිදා නොදුටූ පාපතරයකු මගේ දරුවා බිලිගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා හේතුවෙන් තමන් සහ පවුලේ සාමාජිකයන් මහත් අපහසු තාවයකට පත්වුණා.

මගේ දුව සිද්ධිය වූ දින පස්වරුවේ නිවස අසල දන්සලක රැදී සිටියේ. ඇය ඇඳගෙන හිටියේ නිවසට අදින ගවුම පිටින්ම ඔය කියන දැරිය මගේ දරුවාව එක්කරගෙන ගියේ දන්සලක් කන්න කියල. මම කැමති වුණො නෑ. ඒ වෙලාවේ ඒ දැරිවි කිවා අදට විතරක් එක්කරගෙන යන්නම් අයේ කවදාවත් මම එන්නේ නෑ කියලා.

බෝයි ෆ්‍රෙන්ඩ් මුණගැහෙන්න යද්දී දන්සලකට යනවා කියලා තනියට මගේ දරුව එක්ක ගිහින් මගේ දරුවව පාපතරයකුට බිලිදීලා.

මගේ දරුවගේ වයස අවුරුදු 16 යි. ඇයට අවුරුදු 29 ක පුද්ගලයකු සමග ලැගුම් හලට යන්න උවමනාවක් නෑ. මත්පැන් පානය කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළත් මගේ දුව මත්පැන් පානය කරන දැරියක් නොවේ ඒ බව මම වගකීමෙන් කියනවා.

මගේ දුවගේ වයස අවුරුදු 16 නිසා ඇයට ලැගුම් හලකට ඇතුළු වෙන්න බැහැ. ඒ නිසා ප්‍රදේශයේ වෙනත් ගැහැනු ළමයකුගේ හැදුනුම්පතක් ඉල්ලගෙන මගේ දුවව ලැගුම් හල තුලට රැගෙන ගිහින් මේ අපරාධය කරලා.

දැන් අපිට නැතිවෙන්න දෙයක් නෑ. අපිට ලොකු අසාධාරණයක් වුණා. ඒකට සාධාරණයක් ඉටුකරන්න කියා මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. මගේ දුවට වූ අපරාධය මේ රටේ තවත් දැරියකට වෙන්න ඉඩ තියන්න එපා යැයි ඇය අවසන් වශයෙන් ඉල්ලා සිටියාය.

 



අදහස් (24)

පාපතරයෙක් මගේ දුව නැති කළා

thanuja Monday, 08 May 2023 09:55 PM

ඒ ළමයව රැගෙන ගිය යාළුවා මේ අපරාදයට සම සමව වගකියන්න් ඕනේ , ඇය වැනි අයට දැඩි දඬුවමක් දුන්නේ නැත්නම් ඔය වගේ අපරාද දිගින් දිගටම වේවි

:       2       86

Roshan Tuesday, 09 May 2023 03:06 AM

ලමයි ගැන මීට වැඩිය අවධානය යොමු කරන්න ඕන. මේක බලෙන් පැහැරගෙන යාමක් නෙමෙයි. ලමයා කැමැත්තට ගිය ගමනක් කියලා දැනට තියෙන සාක්ෂි වලින් පැහැදිලිව පේනවා. මෙතන හෝටල් සේවකයිනුත් වැරදී. හෝටල් වලට සල්ලි ලැබෙනවා නම් වයස ගැන හොයන්නෙ නෑ..

:       10       36

පැරකුම් Tuesday, 09 May 2023 04:31 AM

පාපතරයාට හෝ මාධ්‍යවලට දොස් කීමෙන් පලක් නැත. මෙහි වගකීම මුළුමනින්ම ලමයාගේ මව බාරගතයුතුය.

:       54       32

පණ්ඩුකාභයTuesday, 09 May 2023 11:10 AM

මෙන්න ලමයගෙ ඇත්ත තාත්තා

:       15       16

sujeewarTuesday, 09 May 2023 05:00 PM

මේ රට තමතමා විසින්ම තමන්ගේ වගකීම භාරගතයුතු තත්වයක පවතින සමාජයක් වන්නේ නම් තව නොබෝ කලකින්ම චිකාගෝවක් වනු ඇත. ශිෂ්ඨ රටක එලෙස තම දරුවන් ගැන වගකීම දෙමව්පියන්ට පමණක් පවරා නිහඬ නොවනු ඇත. සමස්ථ සමාජයම මෙයට වගකිව යුතු, එවැනි පාපතරයින්ට දැඩි දඬුවම් ලබාදීමට බල කෙරෙන, නැවතත් පෙර තිබූ යහපත් සමාජය යළි පිහිටුවීමට බල කෙරෙන, වැරැදිකරුවන්ට ඉතා කඩිනමින් දඬුවම් දීමට බලකෙරෙන, දැඩී නීතියක් සහ දැඩි විනයක් ඇති සමාජයක් සැකසීමට බලකෙරෙන මතයක් සමාජය තුළින් නිර්මාණය විය යුතුයි. මෙම වගකීම දෙමව්පියන්ට පැවැරීමට තරම් සරලව සිතන්නවුන් අනාගතයේදී මෙවැනි අපරාධ සිදුකිරීමට අපේක්ෂා කරන්නන් විය හැකිය.

:       1       12

බුද්දික එහන්සMonday, 15 May 2023 12:42 AM

රටක ඕනෑම කෙනෙක්ට නිදහසේ ජීවත් වෙන්න අයිතිය සහ ආරක්ෂාව තියෙන්න ඕනෑ. කිසියම් දරුවෙක් පැහැරගෙන ගොස් අපරාධයක් කරත් ඒක දරුවගේ හෝ දෙමාපියන්ගේ පිටින් වරද පැටවීම සම්පූර්ණයෙන්ම වැරැදියි. මෙවැනි අපරාධ සඳහා දඬුවම් දැඩිවිය යුතුයි... දේශපාලන හිතවතුන්ට කිසිම බුරුලක් නොදිය යුතුයි. එවැනි තත්වයක් උදාවෙනතෙක් අපරාධ සිදුවේවි... වැඩි වේවි. මිනිසුන් තිරිසනුන් බවට පත්වේවි..

:       0       8

චින්තක Tuesday, 09 May 2023 06:23 AM

වෙනත් ගැහැනු ලමයෙකුගේ හැදුනුම්පත හා දැරියගේ පෙනුම නොබලා කටයුතු කල ලැගුම්හල් හිමියාත් වරදක් කරල තියෙනවා ඔහුත් සොයාබලා කටයුතු කලානම් මේක වෙන්නෙ නැහැ එනිසා ඔහුටත් විරුද්ධව කටයුතු කරන්න ඕන

:       5       47

නදීක Tuesday, 09 May 2023 06:48 AM

ඇන්ටි හරි, ඇන්ටි.

:       7       9

Kanthi udumulla Tuesday, 09 May 2023 07:24 AM

ඉහළම දඬුවම දෙන්න ජනපති thumani thawakenenkuta වෙන්න nodi

:       2       19

සමන්ත Tuesday, 09 May 2023 07:57 AM

හැම අම්මා කෙනෙක්ම වගේ තම දරුවා සුද්ධ කරනවා. නමුත් අවුරුදු 16 කෙනෙක්ව බලෙන් අරන් යන්නේ කොහොමද එයා වුනත් කැමැත්තක් තියෙන්න ඇති. නැතුව කෙනෙක්ට තනි අතින්.අත්පොළසන් දෙන්න බෑ නේ. එක්කෝ අපේ රටේ ලිංගික අධ්‍යාපන උගන්වන්න ඕනේ. ඒ වගේම ගැහැනු ළමයෙක් කොටට ඇදන් ගියාම හැගීම් ඇවිස්සෙනවා කියලා කියන මානසික රෝගින්ට මුලින්ම බෙහෙත් ලබා දිය යුතයි. මීට දශක ගනනාවකට පෙර මෙරට කාන්තාවන් කොටට ඇදගෙන පාරේ ගියා ස්ත්‍රී දූෂණ අහන්න තිබ්බේ නෑ. ​පාසැල් වල සෞඛ්‍ය විෂයට ලිංගික අධ්‍යාපන ඇතුලත් කර නිසි අධ්‍යාපනයක් දිය යුතුයි. ඒ වගේම පෙර කී මානසික රෝගින්ටද ප්‍රතිකාර කල යුතයි.

:       17       30

Lalla Tuesday, 09 May 2023 08:38 AM

ඔය කියන කතාව ඇත්ත නම් අර යාලුව තමා දැරිය විකුණාගෙන තියෙන්නේ.තම දරුවන්ට වැඩිහිටි අය සමග යාමට ඉඩදෙන්න එපා කියල කියන කතාව ඇත්ත. සම වයසේ අය අතර ඉන්න උනන්දු කරවන්න ඕන....

:       3       18

අම්මටහුඩු Tuesday, 09 May 2023 10:17 AM

මෙයා හැම එකක්ම වගකීමෙන් කරලා.. ළමය හරියට හදන එක ඇරෙන්න...

:       13       12

sujeewarTuesday, 09 May 2023 11:33 AM

බෙෘද්ධ සංස්කෘතියකින් පෝෂණය වූ රටක වෙසක් දවසක පන්සල් යන්න, තොරණක් බලන්න යන්න, දන්සලකට යන්න ඉඩ නොදී ඉන්න තරම් පටු අදහසක් දෙමව්පියන්ට ඇතිවෙන්නේ නැහැ. ඒ තරම් පටු මානසිකත්වයක් බෙෘද්ධයන්ට නැහැ. හැබැයි මේ සියළු විකාර වල ඇරඹුම බහු ජාතික, බහු ආගමික මිත්‍යාවත් එක්ක ඇතිවුනු තත්වයන්. මේත බෙෘද්ධ රටක් කරලා බෙෘද්ධ රටකට ගැලපෙන නීති හදලා ඕන ජාතිකයෙකුට, ඕන ආගමිකයෙකුට ඒ නීතිවලට අනුකූලව සිටිය යුතු තත්වයකට රට පත් කල යුතුයි. ඒ එක්කම ඊනියා අයිතිවාසිකම් හා හිමිකම් සම්බන්ධයෙන් පැහැදිලි නිර්ණායක නියම කල යුතුයි. තුඩු දෙකක් අතරේ ගැහැණු ළමයෙකුට නිදහයේ යා හැකිව තිබූ රටක වෙසක් දවසකට වත් ආරක්ෂිතව යන්න බැරි නම් වෙනස පැහැදිලි වෙයි. වෙසක් දවස්වල තැබෑරුම් වැසිය යුතු නම් මත්පැන් විකිණීම හා ලැගුම්හල් විවෘත කිරීම කල යුතුද.. දෙමව්පියන්ට වැරදි පැටවිය යුතු අවස්ථාවක් කර නොගෙන මේ රට යා යුත්තේ කොතනටද, එය කෙසේ විය යුතුදැයි නිරවුල්ව විසදාගත යුතු අවස්ථාවකි.

:       13       25

Bamunuarachchi Tuesday, 09 May 2023 01:22 PM

පාපතරයා ඟට දන්සල් කන්න එක්කන් ගිය උන්දෑ ගැන කතා නැත්තේ මොකද?

:       1       8

පිටරැටියා Tuesday, 09 May 2023 02:16 PM

ධර්මද්වීපය කියලා හිතාගෙන උන්නාට ලංකාවේ තරම් දූෂණ, අපරාධ වෙනරටක් ලෝකෙම නැතුව ඇති...

:       1       5

Ranjith Gamlath Tuesday, 09 May 2023 07:46 PM

මේ ළමයාගේ යාලුවාටත්, පෙම්වතාටත්, පාපතරයන්ටත් මරණ දඬුවම දිය යුතුයි.

:       3       11

Amma kenek Wednesday, 10 May 2023 10:16 AM

අම්මේ අපට හරිම කනගාටුයි .සත්‍ය එළිවෙයි .ආගම අනුව හිත හදාගන්න බලන්න .එක එකාගේ කතා අහන්න එපා.ඔය කියවන මිනිස්සු ඔක්කොටම පිස්සු

:       3       17

Lalith Sirimewan Dissanayake Wednesday, 10 May 2023 10:33 AM

ශ්‍රී ලංකාවේ සියලුම දෙමාපියනි, කරුණාකර ඔබේ දරුවන් ගැන හොඳින් බලන්න. කිසිකෙනෙක් විශ්වාස නොකරන්න. ඔබේ ආදරණීය දරුවන් සුරක්ෂිතව හා සුරක්ෂිතව සිටීම ඔබේ එකම වගකීමයි. මෙය සියලුම දෙමාපියන්ට හොඳ පාඩමක්.

:       2       19

සම්පත් Wednesday, 10 May 2023 12:45 PM

ඔබට ඔබේ දරුවා අහිමි විය. ඒ වේදනාව දන්නේ ඔබම පමණයි. අහිමිවීමට නියමිත තවත් දරුවන්ද සිටී... ගැටළුව නම් අහිමි වනතෙක් ඔවුන්ගේ දරුවා අහිමිවීමට නියමිත බව ඔවුන් නොදනී... ඔවුන් කාර්‍යබහුලයි.

:       1       4

pubudu wijesooriya Thursday, 11 May 2023 07:15 AM

අනුන්ට බැනලා වැඩක් නෑ. තමන්ගෙ ළමයගෙ වැරැද්ද තියාගෙන.බලෙන් උස්සගෙන ගිහින් නෑනේ ඉතින්.දෙමව්පියන්ටත් බැනලා වැඩක් නෑ අවුරුදු 16ක ළමයෙක් උනහම යන හැම තැනම අම්මලට පස්සෙන් යන්නත් බෑනේ.ළමයි බුද්ධිමත් වෙන්න ඕන හොඳ දේ වැරදි දේ තේරුම් ගන්න පුළුවන් වෙන්න

:       5       7

Bamunuarachchi Thursday, 11 May 2023 11:34 AM

pubudu ඔබේ කතාව හරි. ඒත් කාටවත් බුද්ධිය දෙන්න පුළුවන් කමක් නැහැ.... එය උප්පත්තියෙන් ගෙන එන දෙයක්. ළමයින්ට හොඳ නරක කියා දෙන්න ඕනේ කව්ද? දෙමව්පියෝ, පාසල් ගුරුවරු හා කියවන පොතපත ඇසුරින්. අද ඔය එකක්වත් සිද්ද වෙනවද? ආදර හදවතක් තිබුණත් තාත්තා කියන පුද්ගලයා ළමයින්ට සැර පුද්ගලයෙක් විය යුතුයි. තාත්තා කියන නමට බය ළමයි හදන්න ඕනේ. ළමයින්ගේ වැරැදිවලට ගුරුවරු දඬුවම් කළාම දෙමාපියෝ ගුරුවරයාට විරුද්ධව පොලිසි යන සමාජයක් අපිට තිබෙන්නේ. ෆෝන් එකට කොට ඉන්න ළමයි ඉන්න රටක බුද්ධිමත් පරපුරක් කොහොම බලාපොරොත්තු වෙන්නද?

:       3       5

Demuni Uduwara Friday, 12 May 2023 03:42 AM

නීතියක් නැති රටක්!

:       1       5

තරිදි Saturday, 13 May 2023 01:04 PM

ඔය මද්‍යපානේ බීම ජොලිය ගෑණු නොදන්නේ... කියන එකට මිස්ලා නටවපු dj කාරයෝ තමයි අද ළමයින්ගේ ඔලු කන්නේ... ඒ අය ගැන කිසිම කතාවක් නැහැ. සිද්ධියක් වුණාම ඔවුන් ඒකත් විකුණන් කනවා...

:       2       3

Confused Wednesday, 24 May 2023 02:55 PM

අම්මා කෙනෙකුට දරුවෙක්ට ගෙදරින් පිට කොහෙවත් යන්නට නොදීම ඉන්න පුළුවන්ද? දරුවෙක්ට එයා දන්න කිසිම කෙනෙක් එක්ක කිසිම ගමනක් නොයාම ඉන්න පුුළුවන්ද? සමහරවිට ඒ දෙකම මෙතෙක් කල්ම සිදු වුණු දෙයක් නිසාද දන්නෙත් නෑ, මේ දරුවාම ඔය වැඩෙට තෝරාගත්තෙත්... මේ අවසනාවන්ත සිදුවීමට සම්බන්ධ වැඩිහිටියෝ වැලක්ම ඉඳිද්දී තාමත් මේ දරුවගේ අඩුවක් හොයන අඳබාලයින් ඉන්න රටක නීතිය කවදා හැදෙයිද? තමන්ගේ කැමැත්තෙන් ගියත් අතවරයක් වුණොත් නීතිය ක්‍රියාත්මක වෙන රටවල මෙහෙම දේ වෙනවා අඩුයි. අපේ රටේ තාමත් සෑහෙන දෙනෙක් තාමත් කරදරයට පත් වුණු කෙනාගේ වැරැද්දක් හොයන්න තමයි බලන්නේ. දරුවෙක් දම්වැලක් දාලා කූඩුවක හදන බල්ලෙක් වගේ ලොකු කරන්න ඕන නෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1410 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 2824 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 823 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2180 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1165 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 5692 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 401 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 665 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1899 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site