IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පාපැදි 38 ක් ඉස්සූ අයෙක් ගම්පහින් අල්ලයි

(තිලකරත්න දිසානායක)

සොරකම් කරන ලද පාපැදි 38 ක් සමග ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන  පොලීසිය සඳහන් කරයි.

අධික ලෙස මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව කියන කියන මොහු ඒ සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම පිනිස ගම්පහ සහ යක්කල ප්‍රදේශයන්හිදී මෙම පාපැදි සොරා ගෙන අඩු මිලට අලෙවි කර සහ උකස් කොට තිබියදී සැකකරුගේ පාපොච්ඡාරණයන්ට අනුව සොයාගත් බවත් පොලීසිය පවසයි. 

මෙලෙස සොරාගෙන අලෙවි කර තිබූ යතුරු පැදි කිහිපයක මිල රුපියල් ලක්ෂය ,අසූ දහස පමණ වන බවත් මෙම පාපැදි අතුරින් හිමිකරුවන්  21 හදුනා ගෙන ඇති බවද පොලීසිය කියයි.

සැකකරු අත් අඩංගුවට ගත් අවස්ථාවේ හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් තිබී ඇත. 

ගම්පහ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතු අනුව ගම්පහ කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක සමීර ලක්ෂාන් මහතාගේ මෙහෙයවීම යටතේ සැරයන්වරුන්වන රොෂාන් (12839), පේමලාල් (32795),කොස්තාපල්වරුන් සම්පත් (1458), මාලින්ද ( 39627) සහ ජයසිංහ (80951) යන නිලධාරීන් මේ සම්බන්ධයෙන්  පරීක්ෂණ සිදු කොට ඇත.

සැකකරු සහ නඩු භාණ්ඩ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 



අදහස් (0)

පාපැදි 38 ක් ඉස්සූ අයෙක් ගම්පහින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 360 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1491 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 527 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1589 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 177 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1071 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site