IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පාපන්දු සම්මේලනය ඇතුළු ආයතන 6ක් කෝප්, කෝපා හමුවට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඇතුළු ආයතන හයක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවට මේ සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

මේ අනුව දූෂණ සහ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ  ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට (03) වැනිදා කැඳවෙනු ඇත.

මෙයට අමතරව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඒළැඹෙන (4) දිනයේත්  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට එදිනමත් කාර්මික සංවර්ධන මණ්ඩලය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට එළැඹෙන (5) දාත්  සමුපකාර සංවර්ධන මණ්ඩලය රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට එදිනමත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලබන 6 වැනිදාත් කැදවෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කීය.

එසේම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවද කෝපා කමිටුව ඉදිරියේ හෙට (03)දා  විමර්ශනයට ලක් කෙරෙනු ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්ද  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන්ද රැස් වනු ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැස්වීම් 13ක්  මේ මස මුල් සතියේදී  පැවැත්වීමට නියමිතය.

අධිකරණ  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්ද සහ සෞඛ්‍ය  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එම ඇමතිනී  පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සභාපතිත්වයෙන්ද   රැස්වනු ඇත.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන (4) දිනයේද  ධීවර අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව සහ පරිසර අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව එම ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒළැඹෙන (5) දිනයේද රැස්වීමට නියමිතය. 



අදහස් (0)

පාපන්දු සම්මේලනය ඇතුළු ආයතන 6ක් කෝප්, කෝපා හමුවට

ඔබේ අදහස් එවන්න

දියත

අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 43 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 349 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 185 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 823 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 604 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 380 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site