IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


පාම් ඔයිල් තහනම් කළ හේතුව කියයි

(ඩයනා උදයංගනී)

පාම් ඔයිල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර නිසා යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

දළ පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය ප්‍රධාන පෙළේ රෝග කාරකයක් බවට වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විසින් විටින් විට පෙන්වා දී තිබූ බව ද එහි සඳහන් වේ.

නමුත් බිස්කට්, රසකැවිලි සහ ඇතැම් පාන් වර්ග නිෂ්පාදනයේදී සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද භාවිත කෙරෙන බවත් 1511.90.10 සුසංගත කේතාංකය සහිත ප්‍රභේදය එවැන්නක් බවත් එහි දැක්වේ.

එය ව්‍යවහාරයේ දී පාම් ස්ටියරින් ලෙස හඳුන්වන අතර අදාළ අතුරු ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරනු පිණිස මෙම ප්‍රභේදය ආනයනයට කිසිදු බාධාවක් නැතැයි ද නිවේදනයේ සඳහන් කර ඇත.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු කලින් බරපතල විවේචනයට ලක්ව තිබූ එතනෝල් ආනයනය මුළුමනින් නතර කරනු ලැබුවත් සායනික අවශ්‍ය සඳහා එතනෝල් ආනයනයට ඉඩ දී ඇති බවත් පාම් ස්ටියරින් ගෙන්වීමට ඇති අවසරයද එබඳු එකක් බවත් එහි සඳහන්ය.

කටුපොල් වගාව මගින් ජල මූලාශ්‍ර සිඳීයාම සහ පස නිසරු වීම වැනි දිගුකාලීන අහිතකර පාරිසරික ප්‍රතිවිපාක ඇති කරන බව කලෙක සිට පර්යේෂණවලින් තහවුරු කර තිබෙන බැවින් කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව මීට මාස 06කට පමණ පෙර ජනාධිපතිතුමා උපදෙස් දුන් අතර දැනට තිබෙන කටුපොල් වගාව අදියරෙන් අදියර ගලවා ඉවත් කොට එකී ඉඩම්වල රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගා කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 



අදහස් (1)

පාම් ඔයිල් තහනම් කළ හේතුව කියයි

sharm warn Friday, 09 April 2021 06:48 AM

කොහොම කිව්වත් පාම් තෙල් අපිට අගුණයි. ඉස්සර බේකරි නිෂ්පාදන වලට ගත්තේ පොල්තෙල් වලින් හැදුන මාගරින්. රටේ මිනිස්සුන්ට හෙන ගැහැව්වත් කමක් නැ මට ලාභ ලැබෙනවා නම් කියන ප්‍රතිපත්තියේ ඉන්න නිසා නේද මේ වැඩ කරන්නේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 539 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 339 1

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1564 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 902 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 713 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 406 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site