(චන්දන හෙන්දුරුගොඩ )
සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි.
වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල පාසල ආසන්නයේ නිවසකදී අද 18 වැනිදා සවස 5.30 6.00 අතර මෙම ඝාතනය සිදුවී ඇති බව දැනට වාර්ථාවේ.
වෙන්නප්පුව - වයික්කාල,පාසල අසල පදිංචිව සිටි විමල්කා තුෂාරි (අවු:19) නම්වූ තරුණියක් මෙම සිද්ධියෙන් මිය ගොස් තිබේ.
මාරවිල - වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සමග මිය ගොස් ඇති තරුණිය වසර 1 ½ ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර , මෙම සම්බන්ධතාවය නවත්වා දමමු යැයි පෙම්වතිය විසින් පෙම්වතාට යෝජනා කර ඇත.එම යෝජනාව සම්බන්ධයෙන් දෙදෙනා අතර පෙම්වතියගේ නිවසේදී ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පිහි ඇණුම සිදුවී ඇති බව පොලීසිය කියයි.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට
sanath Wednesday, 19 March 2025 12:23 AM
හිරෙන් නිදහස්වෙලා ආවත් මේ තිරිසනාට කිසිදාක කෙල්ලෙක් එක්ක යාලුවෙන්න හෝ කසාද බදින්න ඉඩ නොතැබීමට සමාජය වග බලාගතයුතුයි . මේවගේ සිදුවීම් ගොඩක් අපේ රටේ සිදුඋනා නමුත් අන්තිමට කොල්ල ආයේ කසාද බඳිනවා .
Bunny Preena Wednesday, 19 March 2025 09:12 AM
දැන් කාලේ තරුණ අයගේ ආදර කතා හරියට ලැබ සෙල්ලම් බඩු වගෙයි .නො ගැරන්ටි නො වොරන්ටි
රම්බොඩ Wednesday, 19 March 2025 09:31 AM
හදලා වඩලද , කන්න බොන්න දීලද ? මේ මොකුත් නැතිව අයිති කරගෙන කාමයට යට වෙලා ඒ මානසික රෝගයෙන් මරලා දානවා. තම හැඟීම් තර්කානුකූලව , හේතුවාදීව , විචක්ෂණ ව පරිපාලනය කරගන්න බෑ. ප්‍රජාණනය දුර්වල පරපුරක් හැදිලා. එක්කෝ බුදු දහමට අනුගත වෙන්න ඕන නැත්නම් නූතන මනෝවිද්‍යාව දැනගන්න ඕන. මේ දෙකම නැති කෙනා මේ විදිහට අනුන්වත් නසා තමනුත් නැසෙනවා.
m. saman perera Wednesday, 19 March 2025 12:00 PM
අපරාදේ වටිනා ජීවිතයක්. ඔබට නිවන් සුව දුවේ...!
SM Wednesday, 19 March 2025 01:18 PM
සමහර ගෑනු ඉන්නවා මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා ඒ මනුස්සයාගේ සල්ලි කාලය ඔක්කොම කාලා වෙන මනුස්සයෙක් එක්ක යනවා එහෙම දෙයක් නම් ඉතින් කරන්න දෙයක් නැ
prasanna Friday, 21 March 2025 11:51 AM
තවමත් අරගලය මානසිකත්වයෙන් ඉන්නේ...