( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (6) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 1125 දෙනෙකු හමුව ඇති අතර මින් 171 දෙනෙකු වන වැඩිම පිරිසක් හමුව ඇත්තේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ගම්පහ - 140 ක්, මහර -110 ක්, බියගම - 109 ක්, දොම්පෙ - 100 ක්, මීරිගම - 96 ක්, අත්තනගල්ල - 90 ක්, ජාඇල - 74 ක්, දිවුලපිටිය - 71 ක්, කැලණිය - 37 ක්, වත්තල - 36 ක්, මීගමුව - 35 ක්, කටාන - 21 ක්, සීදූව - 20 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් - 15 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් - 61 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 ක් සහ බියගමින් - 9 දෙනෙකු වශයෙනි.
දිස්ත්‍රික්කයේ රෝහල් වෙත පැය 24 ක් තුල ආසාදිතයින් 435 දෙනෙකු සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත සැක සහිත රෝගීන් 17 දෙනෙකු ඇතුලත් කොට ඇති බවත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි 462 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 35, 867 දෙනෙකු වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද උදෑසන වනවිට වාර්තාවී ඇති මුලු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව - 1,28,833 දෙනෙකි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය 24කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1125ක්