(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ව්‍යාපාරික පියාගේ අවසන් කටයුතු සිදු කර පැය කිහිපයකින් පුතා ලේලිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් හා කොරෝනා ආසාධිතයන් බව අනාවරණයවීම හේතුවෙන් අවමගුල පැවති මල් ශාලාවේ හය දෙනෙක් එම මල්ශාලා පරිශ‍්‍රයේම නිරෝධායනට ලක් කිරීමට මීරිගම සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුහ.
මීරිගම ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියා සිකුරාදා අලූයම මරණයට පත්වී ඇත.
ග‍්‍රාම නිලධාරි නිර්දේශය ඇතිව දේහය මල්ශාලාවකට ගෙනවිත් එහි මූලික කටයුතු සිදුකර අවසන් ගෞරව දැක්වීම සදහාද එම මල් ශාලාවේම තැබීමට පියවර ගෙන ඇත.
පවුලේ පිරිස මෙන්ම ප‍්‍රදේශයේ ඥාති හිතවතුන්ද විශේෂයෙන්ම නගරයේ ව්‍යාපාරික පිරිස්ද මේ අවස්ථාවට එක්වී තිබේ.
එදිනම පස්වරුවේ දේහය ආදාහනය කිරීමට කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව පස්වරුවේ සිදු කෙරුණු පරීක්ෂණයකදී මියගිය අයගේ පුතා ලේලිය හා දරු දෙදෙනා කොරෝනා ආසාධිතයන් බව හෙලිවීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීහු මල් ශාලාවේ අයිතිකරු ඇතුළු හය දෙනා මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පියාගේ අවමඟුලදා පවුලේ හතරකට කොරෝනා
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 30 May 2021 07:52 AM
අනේ ... !!! මොනතරම් දුක්ඛිත පුවතක්ද? මෙවන් දේ අසන්නට අප මොනතරම් අවාසනාවන්ත ද? මේ නපුරු වසංගතය දුරුවී සැම සුවපත් වේවා...!!!
sumudu Sunday, 30 May 2021 08:27 AM
සෞඛ්‍ය බලධාරීහු මල් ශාලාවේ අයිතිකරු ඇතුළු හය දෙනා මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ ඇත. මල් ශාලාවක් තුළ නිරෝධායනය කිරීම ශිෂ්ට සම්පන්න නැහැ.
පුෂිකර Sunday, 30 May 2021 10:46 AM
මම තමයි හොඳටම කරේ. මට කියනවා, කොහොමද ඉතාලියේ කරේ, චීනේ කරේ.... කියලා?
Malika Sunday, 30 May 2021 03:31 PM
මේ රටේ එක නීතියක් නැති නිසා වූ විපත් මේ... අපේ මිනිස්සුත් මරණයක් වුණාම පි.එච්.අයි මහතාව සහ ග්‍රාම නිලධාරින්ව මුලින්ම දැනුවත් කරන්න ඕනේ. ඉන්පස්සේ පළාතේ පොලිස් මූලස්ථානය දැනුවත් කරලා මෘත ගරීරය පළාතේ රෝහලට ගෙනියන්න ඕනේ පීසීආර් පරීක්ෂණයට. නමුත් මෘතශරීර වල පවුලේ අය කරන්නේ අත යටින් පගාව දීලා අතරමගදී රෝහලට ගෙනියන එක වළක්වාගෙන මල්ශාලාවට ගෙනියනවා. බොහෝ මල්ශාලාකාරයොත් ගාණක් අයකරගන්න පුලුවන් නිසා නීතියට පිටින් ගිහින් මේ වගේ වැඩ කරන නිසා තමා මේ අසරණ ජනතාවට මේ වගේ වෙන්නේ. ආණ්ඩුව හරි නම් එක නීතීයක් දාන්න ඕනේ මල් ශාලාවලට PCR නැතිව මෘතශරීර බාර ගැනීම තහනම් කියලා... එහෙම වුණා නම් වගකිවයුත්තන් වැඩේ හරියට කරාවි. නීතියක් නැති නිසයි මේ ඔක්කොම...
Sri Lanka Sunday, 30 May 2021 04:11 PM
කනත්තේදීම නිරෝධායනය කරන්න එපෑයෑ..
විපරමා Sunday, 30 May 2021 05:33 PM
හරිම කණගාටුදායකයි.. අපි අසරණ වෙලා. මොනවා කරන්නද? ඉක්මනින් සුවය ලැබේවා...!