(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15 ක පිරිමි ළමයකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ ගජනායකගම අම්බල ගෙදර පදිංචිව සිටි මොහොට්ටිගේ සචින්ත නිම්සර නම් ළමයා බව පොලීසිය පවසයි.
මියගිය ළමයාගේ පියා තවත් පිරිසක් සමග පැවැති ආරවුලක් ඇති වූ ස්ථානයට ගිය අවස්ථාවේ මෙම වෙඩි වැදීම සිදු වී ඇතැයි පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී ඇත.
මිය ගිය ළමයාගේ සිරුර වීරකැටිය ප්‍රදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය පරීක්ෂණ සිදු කරයි.
ගැටුමට සම්බන්ධට බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබූ අතර ළමයාට වෙඩි තබන ලද පුද්ගලයා පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මහේස්ත්‍රාත් පරීක්ෂණය වලස්මුල්ල වැඩබලන මහේස්ත්‍රාත් එල්.බී.හේරසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය.
වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට තිබූ මිය ගිය සිසුවාගේ සිරුරද මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කරනු ලැබීය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මහේස්ත්‍රාත් වරයා පොලීසියට නියෝග කරනු ලැබුවේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන මස 05 වැනි දින වලස්මුලල මහේස්ත්‍රාත් අධිකරණයට වැඩි දුරටත් කරුණු වාර්තා කරන ලෙසයි.
තංගල්ල කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අබේපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ වීරකැටිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සංගීත් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශනාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාරඹගේ යන මහත්වරු වැඩිදුර පරික්ෂණය සිදු කරති.
කිරින්ද , පුස්තෝලමුල්ල ජයවික්‍රම කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙහි පැවැති අංක 98 ඡන්ද මධ්‍යස්ථානයෙහි බිමතින් රාජකාරි සේවයෙහි යෙදි සිටි පොලිස් න
මාගම ගලවිලවත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු බව කියන පුද්ගලයකුට අද (15) අලුයම නාදුනන අයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ නිවසකට අද(15) අලුයම මුහුණ වසාගෙන පැමිණි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කළ පහරදීමකින් එම නිවසේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලීසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පියාට එල්ල කළ වෙඩි පහරින් 15 හැවිරිදි පුතා මරුට
Kuma Monday, 20 September 2021 09:58 AM
ලංකාවේ ගිනි අවි සංස්කෘතිය නවත්වන්න පුළුවන් කෙනෙක් එන්නේ කවද්ද.?
fairoosMonday, 20 September 2021 12:40 PM
ලංකාව දැන් ඇමරිකාව වගේ...
SLMonday, 20 September 2021 05:39 PM
එහෙම කරයි කියලා හිතලා ඡන්දෙ දුන්නු කෙනා අවුල්. එයත් කලින් අය වගේමයි. බන්ධනාගාරේ ඉන්න සිරකරුවෝත් අනාරක්ෂිතයි...
ගිරිගෝරිස් Monday, 20 September 2021 06:08 PM
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, වලස්මුල්ල වැනි ප්‍රදේශවල වැඩි දෙනෙකුම දරුවාට වෙඩිතබා පලාගිය නරුමයා වැනි දෙපා සතුන් යයි කිව නොහැකිද?