ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
එම ආලේපන නිෂ්පාදනය කරන ස්ථාන ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට ද රහස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
මීට අමතරව පියුමි හංසමාලි පවත්වාගෙන යන මෙම ව්‍යාපාරය විසින් සිදු කරගෙන යනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම් සහ ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යයි.
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන මෙම ව්‍යාපාරය සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද එම කාර්යාලය මගින් ගෙන්වාගෙන තිබෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෙන්වා ගත් එම තොරතුරු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පියුමිගේ ආලේපනත් සීඅයිඩීයේ විමර්ශනයට
අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 03 July 2024 06:28 AM
සීඅයිඩීයේ කට්ටියක් දැන් සුදුවෙලා, ආවහාම කාටද ආඩම්බර...?
ජගත් ලියනගේ Wednesday, 03 July 2024 07:56 AM
එයත් එක්ක කවුරු හරි ලොකු තරහකින් ඉන්න බවයි පේන්නේ. ලාබෙට දෙන්න බැහැයි කියලා වගෙයි එයාගේ දේවල්...
Lalla Wednesday, 03 July 2024 07:57 AM
ඇගේ කතාව ඇත්ත නම් රජය ඇයට උදව් කරන්න ඕනෑ. ඒත් ප්‍රමිතිය ගැන හිතන්න ඕනෑ. රටක ව්‍යවසායකත්වය කියන දේට සලකන්නේ නැතිව කොහොම දියුණුවට යන්නද?
Jagath Jayantha Wednesday, 03 July 2024 09:43 AM
මෙයා උපයන විට බදු ගෙවනවාද ? ටැක්ස් ෆයිල් එක විවෘත කරලා නැද්ද inland revenue එකෙන්? inland revenue එක පොල් ගානවාද?
fairoos Wednesday, 03 July 2024 11:03 AM
නිකන් කාලය නාස්තිකිරීමක් පමණයි.
dasun Wednesday, 03 July 2024 12:41 PM
අඳුරේ අතපත ගාන දෙයක් නෑ. හරි සරල විමර්ශනයක්... ඔය චෝදනා කරන වත්කමට ආදායම් බදු ගෙවලා තියෙනවද? එච්චරයිනේ මේ විමර්ශනය...
de silva Wednesday, 03 July 2024 03:47 PM
අනිවාර්යයෙන්ම ආදායම් බදු ගෙවලා නැහැ. ආදායම් බදු ගෙව්වා නම් ඔච්චර ලිපි ලේඛන ගෝනි ගණන් උස්සන් යන්න අවශ්‍ය නැහැ. ඉදිරිපත් කරන්න ඕනේ පසුගිය අවරුදු 5 ආදායම් බදු වාර්තා සහ ගෙවපු රිසිට් පමණි. හරි නම් මේ විමර්ශනයට ආදායම් බදු දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වෙන්න ඕනේ...
Ruwan De Silva Wednesday, 03 July 2024 04:42 PM
මෙයා කියන විදියට ලංකාවේ ජනප්‍රිය සන්නාමයක් මේක, ඉන්දීයාවේ ජනප්‍රිය Lakmé Cosmetics වගේ සමාගම් වලට තරඟ කරන සමාගමක් පියුමිගේ සමාගම, යුරෝපයේ වුනත් All In One Makeup Kit එකක් ඩොලර් 100-150ක් (රු 30,000-35,000) වෙන්නේ නෑ .එක්කෝ luxury brand වෙන්න ඕනේ. පියුමි හංසමාලි විතරක් නෙමෙයි ,ලංකාවේ ඉන්න ගොඩක් ව්‍යාපාරයන්, දේශපාලන හෙන්චයියෝ ඔක්කොම පරික්ෂා කරන්න ඕනේ. මේක ඉතින් ලී ක්වාන් යූ 1960-70 දශකයේ ආරම්භ කරපු මෙහෙයුම දියත් කරන්න ඕනේ. එතකොට තමයි ලංකාව දියුණු කරන්න පුළුවන් හොරුන්ගේ සල්ලි ටික රාජසන්තක කරලා.