IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පාරේ වී වේලමින් සිටි ගොවියා යතුරුපැදියට බිලි

( රොමේෂ් මධුෂංඛ)

 යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍ර‌දේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩ පොලීසිය පවසයි.

මහකන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසුව නෙලාගත් වී අස්වැන්න වේලීම සඳහා මාක්කිරායි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ගයට දමා වී වෙලමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

පලෙයි සිට පේදුරතුඩුව දෙසට ධාවනය වී ඇති යතුරුපැදියක වී වේලමින් සිටි ගොවියා ගැටී ඇති අතර ඒහිදී බරපතල තත්වයේ සිටි ගොවියා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.



අදහස් (5)

පාරේ වී වේලමින් සිටි ගොවියා යතුරුපැදියට බිලි

udara Monday, 12 February 2024 11:02 AM

ගොවියා පිළිබඳ බලවත් ශෝකය. නමුත් මහා මාර්ගවල වී වේලන එක නම් හරිම කරදරයක්...!

:       1       20

ලුම්බිණි Monday, 12 February 2024 12:20 PM

හරිම දුකයි. වී වේලාගන්න පහසුකම් තිබුණා නම් මේ මනුස්සයා පාරේ වී දාන්නේ නැහැනේ....

:       3       8

Nimal Monday, 12 February 2024 12:27 PM

යතුරු පැදි කරු සියලු චෝදනාවලින් නිදහස් කර රස්තියාදු නොකර ගෙදර අරින්න.

:       0       8

පිටරටවැසියා Monday, 12 February 2024 12:37 PM

ගොවියා රජ කරවනවාය කියා පාලකයින් බලයට පැමිණි රටේ, එක වෙලාවකට ගොවියා වස බී නසී, තව වෙලාවකට ගොවියාගේ සියලු සේසත බැංකුවට සින්න වේ, එසේත් නැතිනම් මහමග නසී... කෘෂිකර්මාන්තයට නිසි ක්‍රමවේදයක් සහ අවම පහසුකම්වත් නොමැතිකම මේ සියලු දේට හේතුවේ. නමුත්, සැමදාම පාලකයින් ගොවි කරමතින් රජ පුටුවට...

:       1       8

චන්දන Monday, 12 February 2024 03:21 PM

දැන් ලංකාව පුරාම මේක ස්ටයිල් එකක් කරගෙන.. පාරෙ වී විතරක් නෙවෙයි මුං, කුරක්කන් වේලනවා. සම්පුර්ණ වැරැදියි අනතුරු වැඩියි. ගොවියන් ඉස්සර වී වේලුවේ කුඹුරේම තියාගෙන. අපි තවම කරන්නේ එහෙම... ලේසිය, පහසුව විතරක් බලලා මේ කරන වැඩේ නවත්වන්න ඕනෑ...!

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 33 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2140 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1094 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 962 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 745 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2508 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38821 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site