(මනෝප්‍රිය ගුණසේකර)
කෝට්ටේ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ පරිගණකයේ තිබූ දත්ත නීතීවිරෝධී ආකාරයෙන් ලබාගැනීමේ චෝදනාවට තමන් නිවැරදිකරුවන් බව කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති, ජනාධිපති පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක ක්‍රියාකරුවකු කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (09) පැවසුහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා කියවූ අවස්ථාවේදී එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් පැවසීම නිසා නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිලිකරු වන කෝට්ටේ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මධූර විතානගේ මහතාට ලබන මස 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කළේය.
2013 ජුනි මස 17 වැනිදා කෝට්ටේදී, කෝට්ටේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ නිල කාමරයේ තිබු පරිගණකයේ දත්ත නීත්‍යානූකූල නොවන ආකාරයෙන් ලබාගැනීමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව අදාළ දත්ත නීත්‍යානූකූල නොවන ආකාරයෙන් ලබාගැනීමට කටයුතු කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා මෙන්ම ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ජනක රණවක මහතා සහ කෝට්ටේ නගර සභාවේ හිටපු පරිගණක ක්‍රියාකරුවකු වන එස්. ලසන්ත නමැත්තෙකි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඒ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා දුන් අතර එම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පැවසුහ.
ජනක රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ නීතීමය කරුණු සම්බන්ධයෙන් මුලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම නඩුවට පාදක පරිගණක පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බවත් දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ මුලික විරෝධතාවය ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදීම සුදුසු බවත් මෙම නඩුවට පාදක පරිගණක පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් හා සහය ලබාදීමට පැමිණිල්ල සුදානම් බවත් දැනුම් දුන්නේය.
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
පරිඝනක දත්ත සොරා නොගත් බව ජනපතිගේ පෞද්ගලික ලේකම් කියයි