IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මැකෝට පැමිණිල්ලක්

(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)

තෝරාගත් ජනාධිපති අපේක්ෂකයන් 6 දෙනකු පමණක් සහභාගි කරගනිමින් ලබන 7 වැනිදා ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට පැෆරල් සංවිධානය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය පක්ෂග්‍රාහීව කටුයතු කරමින් සිටින බවද එහි සදහන්වේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ඉකුත් (19) වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවද පැවැසේ.

එම විවාදය සදහා පැෆරල් සංවිධානය විසින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, පී. ආරියනේත්‍රන් යන අපේක්ෂකයන්ට ආරාධනා කර ඇති බවද එමගින් පෙන්දෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සිටි වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ, රොෂාන් රණසිංහ යන අපේක්ෂකයන්ට එම විවාදය සදහා ආරාධනා කර නොමැති බවත් සදහන්වේ.

මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 40 දෙනකු ඉදිරිපත් වන අතර පැෆරල් සංවිධානය ප්‍රධාන අපේක්ෂකයන් ලෙස 6 දෙනකු පමණක් විවාදය සදහා තොරාගෙන ඇත්තේ කුමන නිර්ණායක මත ද යන්න රටට හෙළි කළ යුතු බවත් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනීසිටිනවා යැයි පවසනු ලබන පැෆරල් සංවිධානය පක්ෂග්‍රාහීව සිදුකරනු ලබන නින්දිත ක්‍රියා කලාපය දැඩිව හෙළාදකින බව එම පැමිණිල්ලේ සදහන්වේ.



අදහස් (5)

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මැකෝට පැමිණිල්ලක්

Dasun Tuesday, 20 August 2024 03:48 PM

ඉත සාධාරණ චෝදනාවක් බව බැලූ බැල්මට පෙනේ. ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාට සීමා කළානම් වෙනමම කතාවකි.

:       0       0

යෝගා Tuesday, 20 August 2024 04:08 PM

ත්‍රි වීල් පක්‍ෂ අපේක්ෂකයෝ එක්ක මොන විවාදද? ඔබලාට ඕනේම නම් විවාදය ටීවී එකේ බලාපල්ලා...!

:       0       0

Rathnasiri Tuesday, 20 August 2024 06:55 PM

මිනිස්සු මාලු කඩේට ගියාම හැම මාලු වර්ගයක්ම ගන්නෙ නැහැ සමහර මාලු වර්ග ගන්නවා නම් ගන්නෙ බල්ලන්ට බළලුන්ට දෙන්න තමයි ඒ වගේ ජනාධිපතිවරණය සදහා නාමයෝජනා දුන්නා කියලා ඔක්කොම එකවගේ නැහැ සමාගමක සභාපති වෙලා හිටියා කියලා ජනාධිපති වෙන්න සුදුසුකමක් ලැබෙන්නේ නැහැ ඉතින් විවාදය පැවැත්වීමට කටයුතු කිරීම ඉතාමත් හොදයි හයදෙනා හොදටම ඇති

:       0       3

Prabath Tuesday, 20 August 2024 10:42 PM

මේ කතාව හරි . එහෙම තෝරාගන්නේ කොහොමද ?මේක මැතිවරණයට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමක් .එතකොට මේ පැෆරල් එක කියන්නේ මේ 6 දෙනාට විතරක් චන්දෙ දෙන්න කියලද ?ඔය හොර NGO නඩයක්

:       0       0

Rohana Wednesday, 21 August 2024 08:00 AM

දිනන්න බැරි අපේක්ෂකයෝ කලබලවෙලා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 403 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 654 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1529 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1747 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2186 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1115 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20401 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18408 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site