IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පරණ ක්‍රිකට් සංගම් විසුරුවයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

අවුරුදු විසි ගාණක් තිස්සේ එක දිගට ක්‍රියාත්මක වන ලංකාවේ සියලු ක්‍රිකට් සංගම් විසුරුවා හැර ඡන්දයක් අලුතින් පවත්වා ක්‍රිකට් ප්‍රතිසංවිධාන කිරීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

පළාත් නවයෙන් නව දෙනකුට අමතරව තව තිදෙනකු පත්කරන බවත් ඒ අවස්ථාවේදී ක්‍රීඩකයන්ගෙන් අයකු ද විනිසුරුවරුන්ගෙන් අයකු ද පුහුණුකරුවන්ගෙන් අයකු ද වශයෙන් 12ක් තෝරා ගන්නා බවත් බවත් අමාත්‍යවරයා කීවේය.

මේ 12 පත් කරන විට පහළ මට්ටම ගැන බැලිය යුතු වන බව පැවසූ රොෂාන් රණසිංහ මහතා කොළඹින් ඡන්දය ඉල්ලා දිනිය හැකි වුවත් ක්‍රිකට් ඡන්දයට පැමිණ දිනිය නොහැකි බවට මුත්තයියා මුරලිදරන්ද පවසන හෙයින් ලංකාවේම සංගම් මෙලෙස විසුරුවා හරින බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් මෙච්චර දූෂණ වංචා කරද්දි ඒ අය රැකීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් මෙරටට යන කලදසාව තමාට සිතාගත නොහැකි යැයිද ඔහු ප්‍රකාශ කළේය.

ක්‍රිකට් ගැටලුවේදී නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන විශ්වාසයක් නැති බව පැවසූ අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනයට එරෙහිව කටයුතු කිරීමට පෞද්ගලික නීතිඥවරුන් සම්බන්ධ කර ගන්නා බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (4)

පරණ ක්‍රිකට් සංගම් විසුරුවයි

බද්රානි Friday, 10 November 2023 10:38 PM

ක්‍රිකට් නිලවරණය සුදුසු ලෙස පැවැත්වීමේ ක්‍රමවේදයක් සකසනු විනා, විධායක ඇමැතිකමේ බලතල උපයෝගී කරගෙන සියල්ල විසුරුවා හරිමින් තමන්ගේ අභිමතය පරිදි නිලතල ලබාදීම කොතරම් දුරට සුදුසුද කියලා ඇයි වැටහෙන්නේ නැත්තේ..? හැමෝම විධායක ජනාධිපතිලා වගේ උමතුවෙන් හැසිරෙන්නේ... කරන දේ හරි වුණත්, කරන විදිහේ ලොකු වැරැද්දක් තියනවා... ඒක නොතේරෙන එක තමයි ගැටලුව...!

:       0       0

chandima Friday, 10 November 2023 11:03 PM

දැන් ඉතින් රැකගන්න ක්‍රිකට් නෙවෙයි, .... රටම විනාශ කරන හැතිකරේ...

:       2       3

ඩීමන් Saturday, 11 November 2023 07:23 AM

ඔබතුමාගේ නිර්භය ක්‍රියාකලාපයට අපගේ ගෞරවය..!.

:       3       10

අරවින්ද මොනරවිල Saturday, 11 November 2023 08:12 AM

ඇත්තටම මෙයා කාගේ හෝ දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ නැත්නම් හොඳයි. නමුත් මේ වැඩපිළිවෙල ගෙනියන්නේ තිලංගලා, රණතුංගලා සහ ධර්මදාසලා පලවා හැරලා වෙන පවුලක් හෝ කණ්ඩායමක් අතට බලය දෙන්න නම් ඒකට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා අවංකම ලංකාවේ ක්‍රිකට් ගොඩ දාන්න ආරක්ෂා කරන්න නම් උත්සාහය සම්පූර්ණ සැලසුම රටට ඉදිරිපත් කරලා ජනතාවගේ සහයෝගය ඇතිව මෙය කළයුතුව ඇත...!

:       1       13

ඔබේ අදහස් එවන්න

දියත

යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 20 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 289 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 660 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 324 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 186 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 433 2

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39614 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25776 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site