IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පේරාදෙණිය සරසවියේ අනධ්‍යන සේවකයින් සත්‍යග්‍රහයක

 

(ෂේන් සෙනෙවිරත්න)

දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ .

අද (19) පෙරවරුවේ සිට ආරම්භ කළ එම සත්‍යග්‍රහය  තම වෘත්තීය අයිතීන් ලැබෙන තුරු අඛණ්ඩව පවත්වාගෙන යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති ටී. ඒ. ඩී. සුරංජීව මහතා පැවසීය .

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ මෙම වැඩවර්ජන ක්‍රියාවලියට විසඳුම් ලබාදීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රධානීන්ට අවශ්‍යතාවයක් නොමැති බවට පෙනී යන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා  අනධ්‍යන සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබුණත් තම වෘත්තිය අයිතීන් ලැබෙන තුරු සේවයට වාර්තා නොකරන බවද සුරංජීව මහතා පැවසීය .

 



අදහස් (13)

පේරාදෙණිය සරසවියේ අනධ්‍යන සේවකයින් සත්‍යග්‍රහයක

Lal Wednesday, 19 June 2024 01:45 PM

මේ අය හොරු...

:       7       34

අර්ජුන මානගේ Wednesday, 19 June 2024 03:07 PM

පේරාදෙණියේ තරම් හොරකම් කරන, යටිමඩි ගහන, වංචා කරන අනධ්‍යයන සේවකයෝ වෙන කොහේවත් නැතුව ඇති. අවංක සේවකයෝ කීප දෙනෙක් හිටියත් ඒ අයත් අනික් අය නිසා බැනුම් අහනවා. ‌මේ පින්තූර කීපය ඇතුලේම නම් වශයෙන් කියන්න පුළුවන් ගේම් දෙන අන්ඩපාලයෝ හතරපස් දෙනෙක්ම ඉන්නවා. සමහර පීඨවලින් ආයතන වලින් එලවපු අය වෙන පීඨයකට ආයතනයකට රිංගා ගන්නවා. පේරාදෙණියෙන් එළවන්න ක්‍රමයක් නැති නිසා. විශ්ව විද්‍යාලයේ ප්‍රධානම නිලයක් වෙන ලේඛකාධිකාරි තාමත් ගෙදර වැඩ තහනම් වෙලා. මිනිහා විශ්ව විද්‍යාලයේ සේවකයෝ තමන්ගේ ගෙදර ගෙනිහින් වැඩට නොමිලේම කාර්යාල වෙලාවේ... වාහන වලින් ගැහිලි, ටෙන්ඩර්, මගඩි, ගොඩනැගිලි හදන ප්‍රොජෙක්ට්වලින් කොමිස්, ‌කඩදාසි කොළයේ ඉඳලා කැම්පස් එකට ගන්න සියළුම බඩුභාණ්ඩ වලින් වෙළෙන්ඳන්ගෙන් කොමිස්. මෙකී නොකී ජාවාරම් කාරයෝ සෙනෙට් එකෙයි පීඨවලයි පිරිලා. නිලනිවාසවල එක එක බිස්නස්. ගණිකා ව්‍යාපාර පවා ඒවාගේ. උදේ ඇවිත් ඇඟිල්ල තියපු කෙනා ටිකකින් බලනකොට නෑ. බකතපස් රකිනවා දැන්..

:       7       38

පේරා සිසුවෙක් Wednesday, 19 June 2024 03:37 PM

මම පේරාදෙනියේ ශාස්ත්‍රපීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙක්. අපේ ෆැකල්ටියේ අය ගැන විතරක් නෙවෙයි, පශ්චාත් උපාධි ආයතනයේ ‌සනාතන මන්දිරයේ, සෞඛ්‍ය මධ්‍යස්ථානයේ, පුස්තකාලයේ ඇතුළු බොහෝමයක් තැන්වල ඉන්න අනධ්‍යයන අය ගැන කියලා වැඩක් නෑ. කන්න ගියොත් තේ බොන්න ගියොත් වරුවකට එන්නේ නෑ. ළමයින්ට හෙන තග. වැඩක් කරවා ගන්න වඳින්න ඕනේ. උපකුලපතිටත් වඩා ගෙම්බර් මෙහේ ඔෆිස්වල ඉන්න එවුන්. හොරකම්, වංචා, දූෂණ වලට කප් ගහපු අය ඉන්නේ මෙහේ... ආචාර්ය මහාචාර්යවරුන්ට ගරුසරුවක් නෑ. නැති තැන කුණුහබ්බ දාලා කතා කරන්නේ එයාලා ගැන. රස්තියාදු කාරයෝ මන්ත්‍රීලාගේ ඇමැතිලාගේ ලියුම්වලට ආපු අය පිරිලා. අපට ක්ලාස් යන්නත් බෑ. එක්සෑම් නෑ‍‍. මේ සැරේ උපාධි උත්සවයත් කල් ගියා‍. රස්සාවලට යන්න බෑ පිටරටක ස්කූල් එකකට දාන්න බෑ... මේ පරක්කුව නිසා උපාධිය සම්පූර්ණ කරගන්න බැරුව‍‍. මොවුන් නම් පිළිලයක්. වෙන අය බඳවාගෙන කැම්පස් එක අරින්න. ඒකයි අපේ ඉල්ලීම...

:       5       41

Dr. KumarSaturday, 22 June 2024 11:05 AM

ඔබතුමාගේ කාරණාව සාධාරණ ඔය ෆැකල්ටියට විතරයි. මොකද ඔය ෆැකල්ටි එකේ ඩීන් වැඩ බැරි ටාසන් කෙනෙක්.. හරියට ෆැකල්ටි එකේ වැඩ බැලන්ස් කර ගන්න බැරි කෙනා.. නඩුවක් දැම්මා අන්තිමේ අපේ අය පච වුණා... දැන් අපිට යතුරක් වත් තියාගන්න විදිහක් නෑ. නඩු තීන්දුවෙන්ම ඔවුන්ට ලියලාම දුන්නා. මිනිහා හිතන් ඉන්නේ ඊළඟ vc පට්ටම ගන්න. ඒකට ඕන ගූ ගොඩක ලගියි.. අපිත් රජරට ඉඳන් ඕවා ඔක්කෝම බලන් ඉන්නේ... ආණ්ඩුව මේක දඩමීමා කරගෙන ඉන්නේ...

:       3       1

සුරංජ Saturday, 22 June 2024 11:34 AM

පේරාදෙණිය ශිෂ්‍යයෙක් නම් කෙලින්ම නම කියලා අදහස් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා ශාස්ත්‍රීයව. 1. විශ්වවිද්‍යාලය වගේම රටේ හැම තැනම පාර්ලිමේන්තුවේත් හොරු, ගේම් කාරයෝ ඉන්නවා. 2. අධ්‍යයන නොවන කාර්‍ය් මණඩලය නියෝජනය කරන්නේ විශ්වවිද්‍යාලවල ලේඛකාධිකාරි, මූල්‍යාධිකාරි, ප්‍රධාන වෛද්‍ය නිලධාරි, වැඩ ඉංජිනේරු, පද්ධති විශ්ලේශකවරු, තාක්ෂණික නිලධාරින්, තොරතුරු තාක්ෂණික නිලධාරින්, හෙද කාර්‍ය් මණ්ඩලය, ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර ශිල්පීන්, පුස්තකාල නිලධාරින්, ලිපිකරුවන්, ආරක්ෂක නිලධාරින්, විද්‍යාගාර සහායකයින්, කාර්‍යල සහායකයින් ආදී වූ පුහුණු හා පළපුරුදු සේවක ප්‍රජාවක් වේ. 3. අපගේ සේවය කොතෙක්ද යන්න දින පනස් ගණනක් විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති සැටියෙන් තේරුම් ගත හැකිද යන්න ඕනේම කෙනෙක්ට තේරුම් ගත හැක. 4. මේ විෂමතාවලට, කෙලින්ම සම්බන්ධ, වගකිව යුත්තේ පාලකයින්මයි. 5. ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ තත්වය නැති කරගෙන තියෙන්නේම ඔවුන්ගේ හැසිරීමයි. අධ්‍යයන කාර්‍ය් මණ්ඩලය තමන්ගේ රාජකාරිය හරියට කරලා අනුන්ගේ වැඩ නොකර හිටියා නම් හරි...

:       3       1

vikum Wednesday, 19 June 2024 04:16 PM

මුන්ට කන්ඩ නැ වගේ මාසේ පඩිත් අරන් තවත් මදි කියනවා.. කරන වැඩක් නෑ. විශ්ව විද්‍යාල යූටියුබ්, ෆේස්බුක් යනවා විතරයි. ගහලා එලවන්න ඕනි.

:       4       8

එස් සමරවික්‍රම Wednesday, 19 June 2024 04:50 PM

රජයේ විශ්ව විද්‍යාල කටයුතු අඩපණ කොට පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් රජය හා වෘත්තීය සමිතිවලට අවශ්‍ය බව පෙනේ. රටට ආදරය කරන කිසිඳු බලවේගයක් හෝ ආගමික නායකයින් ඇති බවක් නොපෙනේ. වර්ජකයින්ට කොපමණ කාලයක් ගියත් හිඟ වැටුප් ගෙවීම් ලැබේ. නමුත් අසරණ දරුවන්ගේ අනාගතය විනාශ වීමෙන් වන හානියට වන්දි ගෙවීමට සිදුවන්නේ එම දරුවන් ට පමණක් නොවේ රටේ බදු ගෙවන ජනතාවට මෙම අමතර හැම දිනයකම බර වැඩිවීම සිදුවේ. මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සිටින දරුවන් වෙනුවෙන් නිකුත් කිරිම සඳහා සැකසෙමින් තිබූ අත්පොතට වැයකළ මුදල දැනටමත් නාස්ති කොට ඇත. රජය හා වෘත්තීය සමිතිත් සියලු දේශපාලකයින් එක්ව රටේ ජීවනාලිය බඳු දරුවන්ගේ අනාගතය විනාශ කරන බව පෙනේ...

:       7       12

chanaka Wednesday, 19 June 2024 06:13 PM

රෑ වෙනකොට කුරුම්බා, බිස්කට් එහෙම පාව්ච්චි කරයි.

:       3       11

Lalla Wednesday, 19 June 2024 07:07 PM

වැටුප් වැඩිකිරීම බැහැ කියලා රජය ස්ථිරවම තීරණය දුන්නා නේද? ඔය තනතුරුවලට පත් කරන්න ඕනෑ තරම් තරුණ උගතුන් රටේ ඉන්නවා කියලත් කිව්වා නේද? ඉතින් වර්ජනය කරලා ඔහොම ගෙදරම යන්න. රජයට තව ප්‍රශ්නයක් අඩුවෙනවා.

:       2       4

Bamunuarachchi Thursday, 20 June 2024 08:20 AM

ඔට්ටුයි උඹලා එකෙක් වත් මැරෙනකම් සත්‍යක්ග්‍රහ කරන්නේ නැතුවට.

:       1       6

Lalla Thursday, 20 June 2024 09:34 AM

මේ ඉල්ලීම්වලට විරුද්ධ වෙන්න මහජනතාවට අයිතිය තියෙනව. කොටසකට වැඩිපඩි දෙන්න මුලු සමාජයම වැඩිපුර බදු ගෙවන්න ඕන. එයින් බහුතරය පෞද්ගලික අංශය සහ ස්වයං රැකියාවල නිරත අය. නිසැකයෙන් ඊළඟට එන මහජන උද්ඝෝෂණ රැල්ල රාජ්‍ය සේවය කප්පාදුව සහ අනවශ්‍ය ලෙස උපාධිධාරීන්ර ජයේ රැකියාවලට ගැනීමට එරෙහිව...

:       1       8

Genuine Thursday, 20 June 2024 05:28 PM

හිතවතුනි, විවිධ පාර්ශවවලට කඩේ යන්නන් ලෙසින් අදහස් ප්‍රකාශ නොකර විශ්ව විද්‍යාල වැඩ වර්ජනයේ ඉල්ලීම් පිළිබඳව වගකිව යුත්තෙක්ගෙන් අහලා දැනගන්න...

:       4       0

Kumar Saturday, 22 June 2024 11:31 AM

ඔය ආචාර්ය මහාචාර්යවරුන් සමහරු කෝටි ගණන් පොලු තියලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රට පැනලා රජයට පාඩු කරලා. ඒ සල්ලි තිබුණා නම් මේ තරම් වද වෙන්න ඕන නෑ.. Special තේරෙන හැටි ගැන ඒම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෑ නෑ.. අපි හොඳටම දන්නවා select වෙන විදිය. ඊට පස්සේ තමයි ආචාර්ය මහාචාර්ය වෙන්නේ. අමාත්‍යාංශ හැම එකකම ලොකු තනතුරු දරන්නේත් ඔය අයම තමයි.. කෝ දැන් රට දියුණු වුණාද? පළමු වසරේ ඉඳන් අවංකව වෙහෙසිලා වැඩකරන කී දෙනාද ආචාර්ය දක්වා යන්නේ.. ලකුණු අඩුයි කියලා ලෙක්චර් ළඟ අඬලාත් ලකුණු වැඩි කරගන්න ක්‍රම තියෙනවා. පහුගිය කාලේ ඔය දරුවන්ගේ ඉවතලන අපද්‍රව්‍ය බාල්දි ගණන් අල්ලලා දුන්නා නේද..? විශ්ව විද්‍යාලයට ප්‍රවේශවන දරුවන් ගැනකී දෙනෙක් සියදිවි හානි කරගන්නවාද..? මරනවාද...? අතහැර යනවැද..? විශ්ව විද්‍යාලය කියන්නේ ශ්‍රාස්ත පීඨයයි, සෞඛ්‍ය මධ්‍යස්ථානයි විතරක් නෙමේ..

:       3       0

ඔබේ අදහස් එවන්න

දියත

විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 15 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 158 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 173 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 270 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 928 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 573 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37673 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site