(නිමන්ති රණසිංහ, අජිත් ශාන්ත උදය සහ ගම්පහ තිලකරත්න දිසානායක)
කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක වාට්ටු, කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඔක්සිජන් අවශ්‍යතා සහිත අය බව වෛද්‍යවරු පවසති.
මේ වන විට එම රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා අමතර වාට්ටු කිහිපයක් ද සකස් කරමින් පවතින බව සදහන් වෙයි.
එසේම, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු මෙම රෝහල්වල කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද කොවිඩ් රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටින බවද එම රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
කොළඹ ජාතික රෝහලේ කොරෝනා රෝගීන් 700කට ආසන්න සංඛ්‍යාවක් ද, ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහලේ) රෝගීන් 240ක්, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් 222ක්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) රෝගීන් 300ක්, වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික විද්‍යායතනයේ රෝගීන් 182ක් වශයෙන් මේ වන විට රෝහල්වලින් වාර්තා වී තිබූ බව එහි අධ්‍යක්ෂවරු සදහන් කරති.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 350 දෙනකු පමණ මේ වන විට කොරෝනා ආසාදිතව ඇති බව එහි ප්‍රකාශකයෙක් සදහන් කළේය. එහි දැඩි සත්කාර ඒකක 24ක් පවතින අතර ඒවායේ කොරෝනා රෝගීන් 30 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් මේ වන විට දැඩි සත්කාර සියල්ලම පිරී ගොස් ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය. කොළඹ ජාතික රෝහලෙන් දෛනිකව දළ වශයෙන් කොරෝනා රෝගීන් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් මරණයට පත්වන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහලේ) දැඩි සත්කකාර ඒකක 2ක රෝගීන් අට දෙනකු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර, එහි දෛනික මරණ සංඛ්‍යාව දළ වශයෙන් මරණ දෙකක් හෝ තුනක් පමණක් වන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මෙම රෝහලේ මෝචරියේ අධි ශීතකරණ 08ක් පවතින අතර දෛනිකව සිදුවන මරණ එදිනෙදා ආදාහනය සදහා යොමුකිරිම සිදුකරන බැවින් මෘත ශරීර ගොඩගැසීමක් සිදු නොවන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) වෛද්‍යවරුන් 10 දෙනකු, හෙද හෙදියන් 10 දෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 130 දෙනකු මේ වන විට කොරා්නා ආසාදිතව ඇතැයි එම රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
මේ වන විට කොවිඩ් රෝගීන් 300 දෙනකු පමණ ප්‍රතිකාර ලබන එම රෝහලේ දැඩි ෂත්කාර සියල්ල රෝගීන්ගෙන් පිරී ඇති බවත්, දෛනික කොවිඩ් මරණ 16ත් 20ත් අතර ප්‍රමාණයක් දළ වශයෙන් වාර්තාවන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළේය. රෝහලේ මෝචරියේ ශීතකරණ 37ක් පවතින අතර, ඉන් 07ක් මේ වන විට අක්‍රිය මට්ටමේ පවතින බව සදහන් කළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, දෛනිකව මියයන රෝගීන් මෝචරියේ ශීතාගාරයේ තැන්පත් කර ආදාහනාගාරවල ඉඩ ලැබෙන පරිදි ඒවා ආදාහනය කිරීම සිදුකරන බව ද පැවසීය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 09 දෙනකු හෙද හෙදියන් 46 දෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 114 දෙනකු ඉකුත් 01 වැනිදා සිට ඊයේ (25) දින දක්වා වන කාලය තුළදී කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා පැවසීය. ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත බවට හදුනාගත් කාර්ය මණ්ඩලයේ මුළු සංඛ්‍යාව 224ක් වන බවද අධ්‍යක්ෂවරයා සදහන් කළේය. රෝහලේ වාට්ටු 04ක කොරෝනා රෝගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ප්‍රතිකාර ලබන අතර, එක් වාට්ටුවක කොරෝනා ආසාදිත ළමුන් 28 දෙනකු ප්‍රතිකාර ලබන බවත්, ඇඳවල් පහකින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ද රෝහල සතුව බවතින බවත් අධ්‍යක්ෂවරයා පැවසීය. කොරෝනා මරණ 12ක් වාර්තා වූ බවත් දෛනිකව සිදුවන මරණ වෙනස් අගයන් ගන්නා බව ද අධ්‍යක්ෂවරයා සදහන් කළේය. මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ සමස්ත වැඩිවීමක් දෛනිකව වාර්තාවන බැවින් ළමා වාට්ටුවක් ද සහිත රෝගීන් 150 දෙනකුට ප්‍රතිකාර ලබාදිය හැකි අලුත් වාට්ටු 05ක් කොරෝනා රෝගීන් වෙනුවනේ අද (26) පිහිටුවනු ලබන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනකු, හෙද හෙදියන් සිව් දෙනකු සහ පරිපූරක අතුරු වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 25 දෙනකු ඊයේ (25) වන විට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර සඳහා යොමුවී ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා සදහන් කළේය.
මේ වන විට රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් 181 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇදන් 07කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්, ඇදන් 40කින් සමන්විත අධිසත්කාර ඒකක 02ක්, අදැන් 80ක් සහිත ඔක්සිජන් කොවිඩ් වාට්ටු 03ක්, ඇදන් 16ක් සහිත ගැබිණී මව්වරුන් සදහා වාට්ටුවක් ද රෝහල සතුව පවතින බව ද අධ්‍යක්ෂවරයා පැවසිය.
රෝහලේ ඇඳන් ප්‍රමාණය ඉක්මවා රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින අතර, දෛනිකව රෝගීන් වාර්තාවීමද සිදුවන බැවින් අමතර ඇදන් 50ක් සහිත “ලෙවල් ටූ” වාට්ටුවක් පිහිටුවීමට මේ දිනවල කටයුතු යොදමින් පවතින බව අධ්‍යක්ෂවරයා සදහන් කළේය. ඒ අනුව, රෝහලේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන යක්කල වරැල්ලවත්ත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇදන් 50ක් ලබා ගනිමින් මෙම නව වාට්ටුව නිර්මාණය කිරීමට සූදානම් කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසීය. කොවිඩ් මරණ දෛනිකව දළ වශයෙන් 10ත් 15ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරත් සදහන් කළේය.
වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ කොරෝනා රෝගීන් 182 දෙදෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර, එහි කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරු සිව් දෙනකු සහ හෙද හෙදියන් 10 දෙනකු ඇතුලු 50 දෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. එල්. වනිගරත්න මහතා සදහන් කළේය.
එම රෝහලේ දැඩි සත්කාර ඒකකයක් අධි සත්කාර එක්කකයක් මෙන්ම කොවිඩි ආසාදිත ක්ෂය රෝගීන් සදහා වෙනම වාට්ටුවක් ද පිහිටුවා ඇතැයි සදහන් කළ අධ්‍යක්ෂවරයා, කොවිඩි ආසාදිතව දිනකට රෝගීන් දෙදනකු වත් මිය යන බව ද පැවසීය. දෛනික වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බැවින් අමතර වාට්ටු කිහිපයක් සකස් කිරීම සදහා පියවර ගනිමින් සිටින බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළේය.
රත්නපුර මහ රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතු``ථ කාර්ය මණඩලයේ 60 දෙනකු පමණ මේ වන විට කොවිඩ් ආසාදිතව ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රෝඩ්රිගෝ මහතා පැවසීය. මේ දිනවල රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ගෙන් වැඩි දෙකනු ඔක්සිජන් ප්‍රතිකාර අවශ්‍ය අය වන අතර ප්‍රධාන වාට්ටු හයක්, ළමා වාට්ටුවක් සහ මාතෘ වාට්ටුවක් සහිත වාට්ටු 08ක් කොරෝනා රෝගීන් සදහා වෙන්කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා වැඩිදුරත් සදහන් කළේය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රධාන රෝහල් රැසක් කොරෝනා රෝගීන්ගෙන් පිරෙයි
era Thursday, 26 August 2021 10:45 AM
අපේ රට දූපතක් වුනාට වැඩක් වුනේ නැත. එම නිසා අදහස් පලකිරිමෙන්ද වැඩක් නැත
fairoos Thursday, 26 August 2021 12:47 PM
ඉතින් සෞඛ්‍ය ඇමති කිවුවේ රෝහල් පිරිලා නෑ කියලා .ඒක බලන්නත් අපේ සර් ,කෙනෙක්ව පත් කළා නේද ?
Nuwan Thursday, 26 August 2021 01:15 PM
තාම සමාජගත වෙලා නැද්ද සර් ?
අනුර Thursday, 26 August 2021 01:36 PM
2021-08-25 "තවත් කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 7948 දක්වා ඉහල යයි. එය දිනකදී වාර්තා කල වැඩිම මරණ ප‍්‍රමාණයයි." දෛනිකව පවුල් 198කට පවුලේ සාමාඡිකයෙක් බැගින් අහිමි වේ. කොරෝනා පාලනය සාර්ථකද? අවිද්‍යාත්මක ආකාරයට කොරෝනා පාලනය අයාලේ යෑමෙන් දෛනිකව අහිමි වන ඡීවිත වලට වගකිවයුත්තේ මුනිවත රකින සෞඛ්‍ය අධ්‍යක්ෂ ඡනරාල්තුමා සහ කොරෝනා මර්ධන කමිටුව නොවේද? තවත් මිනිස්සු කීයක් මැරෙන්න ඔිනද? මේ ප්‍රශ්නය විද්‍යාත්මක විසඳන්න තවත් ප්‍රමාද නොවී තීරණ ගන්න.
de silva Thursday, 26 August 2021 02:44 PM
දැන් මොකද කරන්නේ සර්.?
amila Thursday, 26 August 2021 04:26 PM
මුට්ටියකට පැණි පුරෝලා ඔලුවේ ගහගන්න තමයි තියෙන්නේ.
Mr Don Friday, 27 August 2021 09:30 PM
මෙය සෝචනීය අවස්ථාවක්... අපි කාටවත් වැරැදි කීමෙන් ඵලක් නැත. අපි සියලු දෙනා එකතු විය යුතුය.