IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ප්‍රධාන සැලසුම් පහක් අනුව රට දියුණු කරනවා

(අංජුල මහික වීරරත්න)

ප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරවෙල දී අද (31) පැවසීය.

ජීවන බර සැහැල්ලු කිරීම ,රැකියා ලබාදීම,බදු බර අඩු කිරීම,ආර්ථික ප්‍රවර්ධනයෙන් අපනයන ආර්ථිකයක් ඇති කිරීම මෙන්ම උරුමය අස්වැසුම වැඩසටහන් මගින් අයිතිය ලබාදීම තම මූලික සැලසුම බවද ජනාධිපතිවරයා කීය.

මේ වන විට ජීවන බර 2022ට වඩා අඩුවී ඇතත් එයින් සෑහීමකට පත් නොවන බව කී ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ක්‍රමයෙන් යහපත් කරමින් හැකි තරම් සහන ලබා දෙන බව සඳහන් කළේය.

බණ්ඩාරවල නගරයේ පැවති ජනපතිවරණ ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

මා ස්වාධීන අපේක්ෂකයෙක් වුනේ මේ රට බේරගන්න .මා රට බාරගත් යුගයට වඩා අද වන විට බඩු මිල සැලකිය යුතු ගණනකින් අඩු වී තිබෙනවා. 

අපි ගත් පියවර නිසා ජීවන බර පාලනය කර ආදායම වැඩි කරන්නට හැකි වී තිබෙනවා. එමෙන්ම අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම සහනය ලබා දුන්නා. අප මාස හයෙන් හයට අලුතින් අස්වැසුම ලබා දෙනවා.

සැප්තැම්බර් 22 වැනිදා සිට මගේ සැලසුම ක්‍රියාත්මක කරනවා.

අද වන විට 2022 ට වඩා ජීවන බර අඩු වුණත් එයින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. තවදුරටත් ජීවන වියදම මෙන්ම බඩු මිල අඩු කළ යුතුයි.

හැකි තරම් සහන දීම මගේ අරමුණයි.

බඩු මිල අඩු කරන බව අනෙක් පක්ෂත් කියා තියනවා. මම එය කරන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන්.

එදා මා රට බාර ගන්නා විට ඩොලරයට 370 ක් ගෙව්වා  .අද වන විට ඩොලරයට ගෙවිය යුත්තේ රුපියල් 300ක් පමණයි . සමෘද්ධිය අස්වැසුමට සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා.ඒ නිසා සමෘද්ධි නිලධාරීන්ටත් ප්‍රශ්නයක් නැතුව මේ වැඩ කටයුත්තේ ඉදිරියට යන්න පුළුවන්. ඔවුන්ගේ අනාගතය අප ආරක්ෂිත කරනවා.

රුපියල ශක්තිමත් කරන්න නම් ආර්ථිකය ශක්තිමත් කර යුතුයි. 

අනුර සජිත් බදු අඩු කරන බව කියනවා.බදු අඩුකර සහන දෙන්නේ කොහොමද? යම්කිසි ඉලක්කයකට මේ රටේ ආදායම් එකතු කළ යුතුව තිබෙනවා.

වතුකරයේ ජනතාවට පඩි වැඩි කිරීමට අපට හැකි වුණා. ඔවුන් සඳහා  අප අස්වැසුමද අප ලබා ලබා දෙනවා. වෙන එක අපේක්ෂකයක්වත් රැකියා දෙන හැටි කියා නැහැ. අප රැකියා ලක්ෂයක් උත්පාදනය කරන්නට කටයුතු කරනවා.රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ද ස්වයං රැකියා අවස්ථාද අප බිහිකරනවා.නවීන කෘෂිකර්මය සඳහා අප පහසුකම් ලබා දෙනවා.

රැකියා බැංකුවක් ඇතිකර රටේ රැකියා ගැන දැනුවත් කරන බව ජවිපෙ කියනවා.රැකියා නැති නිසා ඒ බැංකුව බංකොලොත් වෙනවා.සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්තියේ රැකියා ගැන එක වචනයක්වත් නැහැ.ඡන්දය දෙන්න කියන්නේ මේ අයටද?

මා නියෝජනය කරන්නේ ඩී.එස්.සේනානායක ඇරැඹූ  එක්සත් ජාතික පක්ෂයයි. සජිත් ප්‍රේමදාස පක්ෂය කඩා දැමුවත් පසුව මම ජේ.ආර්. ජයවර්ධන සේම  ආර්ථිකය භාර ගෙන වසර දෙකෙන් ආපහු හැරෙව්වා. ඒ බව මතක තියාගන්න. 



අදහස් (7)

ප්‍රධාන සැලසුම් පහක් අනුව රට දියුණු කරනවා

pakeer Saturday, 31 August 2024 04:44 PM

සල්ලි අච්චු ගහලාද මේවා කරන්නේ, එහෙම නැතිනම් ලංකාවේ කෑලි කෑලි විකුණලාද? බොරු කියන්න එපා හලෝ...!

:       14       25

SameeraSaturday, 31 August 2024 07:32 PM

69 ලක්‍ෂයක් වූ ගෝඨාට ඦන්දය දුන් ජනතාවනි. ඔබ අතින් වරදක් වූ බව තේරුනේ 2022 දීය. රනිල් එය නිවැරදි කලේය. ඒ බොහෝ දෙනා අකුල් හෙළද්දීය​. අනාවැකිකරුවන් ලවා ඔහු මාසෙන්, මාස දෙකෙන්, මාස තුනෙන් විනාස වන බව කියවූයේය​. සියලු අභියෝග හමුවේ ඔහු ඔබව යහපත් තැනකට රැගෙන ආවාය​. දැන් උදාවී ඇත්තේ ඔබ අතින් වූ වරද නිවැරදි කර ඔබේ දරුවන්ගේ අනාගතය යහපත් කල හැකි, ක්‍රියාවෙන් ඔප්පුකල රනිල්ව ජයග්‍රහනය කරවීමය. සතුරන් බුද්දිමතුන් සේ ඔබට අවලාද නගති, නොසැලෙන්න.

:       13       10

කෝරළගේ Saturday, 31 August 2024 06:37 PM

පිස්සුවෙන් දොඩවනවා. අවුරුදු 74ක් රට කරලා අන්තිමට රට වලපල්ලට යවලා නැත්තට නැති කරලා කුජීත වෙලා ඉන්නේ, අපේ ළමයින්ට කන්න නැතුව බඩ පොත්තට ඇලිලා ඉන්නේ. මේ පාර අපි මාලිමාව දිනවලා මේ හොරුන්ට පාඩමක් උගන්වනකම් බලාගෙන ඉන්නේ...! 

:       1       2

සුමිත් Saturday, 31 August 2024 06:43 PM

අර්ඡුන් මහේන්දන්ට ලංකාවට එන්න කියන්නකෝ

:       5       12

පිටරටවැසියා Saturday, 31 August 2024 06:56 PM

අහගෙන ඉන්න අසාවේ බෑ. කුකුල් චමින්දයාට කියලා බත් ටිකක් කවන්න හිතෙනවා...

:       0       3

C.K.Lankaputhra Saturday, 31 August 2024 07:33 PM

අපි ආවාම සැලසුම් දෙකකින් රට දියුණු කරනවා. එකක් හොරකම නවත්තන එක, දෙක හොරැ එලවන එක. ඒ දෙක ඕන තරම් ඇති රට දියුණු කරන්න.

:       6       15

ගමේ එකාලා Sunday, 01 September 2024 01:15 AM

අවුරුදු 47 ක් දේශපාලනේ කරලා පස් වතාවක් අගමැති වෙලා කරපු නැති දේවල්, කරන්න මතක් වෙන්නේ නහින දෙහින කාලේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 11 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5338 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 792 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4049 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3724 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2474 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16853 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 82 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 263 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site