(අංජුල මහික වීරරත්න)
ඉදිරි මහ කන්නයේ දී මෙරට පුරන් කුඹුරු යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම මුදල යොදා 2023 වසරේ මහ කන්නයේ දී පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
නැවත වගා කළ හැකි එහෙත් අවුරුදු පහකට ආසන්න කාලයක් වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 47,000කි.
තවත් අක්කර 50,000ක් පමණ පුරන් කුඹුරු තත්ත්වයට පත්ව ඇතත් ඒවා නැවත වගාව සඳහා ඒවා යොදා ගැනීමට නොහැකි බව අමාත්‍යාංශය පවසයි.
වසරින් වසර රජයේ මුදල් යොදා පුරන් කුඹුරු අක්කර 47,000ම යළි වගා කිරීම ඉලක්කය බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
පුරන් කුඹුරු වගා කිරීමේ කටයුතු රැකියා විරහිත තරුණ ප්‍රජාවට පැවරීමටත්, ඔවුන්ට තමන් කැමැති සුදුසු බෝගයක් වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ප්‍රතිපාදන හා වගාවට අවශ්‍ය බීජ හා අනෙකුත් යෙදවුම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නොමිලයේ සපයන බව අමාත්‍යාංශය පවසයි.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුරන් කුඹුරු වවන්න මිලියන 430ක්