IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


'පරිපූරක ඇස්තමේන්තුවකින් හෝ ගෙවීන්ට වන්දි ගෙවනවා'

(යොහාන් භාසුර සහ නිමල් ජයශාන්ත)

කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඒ සඳහා වන්දි ගෙවීමට අයවැයෙන් මුදල් වෙන් නොකළ ද පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන්කර ගොවියාට වන්දි ලබාදීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රජය එකවර ගොවියා කාබනික පොහොර වැඩපිළිවෙලකට  රැගෙන නොගිය බව කී රාජ්‍ය අමාත්‍යවරයා රසායනික  පොහොර ඉවත්කර ගොවියා කාබනික පොහොර සඳහා යොමු කිරීමට එක්සත් ජාතික පක්ෂ රජය මීට වසර 30 කට පෙර සැළසුම්කර තිබූ බව ද සඳහන් කළේය.

 එම වැඩපිළිවෙළ ගැන නිලධාරීන් සහ මහජනතාව දැනුවත්  කිරීමට පැවැති රජයන් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කර ඇති බවත් ලෝක බැංකුව හරහා ව්‍යාපෘති අනන්ත  අප්‍රමාණ  ගෙනවිත් ඇති බවත් පළාත් සභා හා පාලන කටයුතු රාජ්‍ය  අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතා කීය.

රට තුළ  රසායනික  පොහොර,  වල්නාශක සහ කෘමිනාශක ප්‍රමාණයක් ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කීවේ වී සහ සහල් මාෆියාව වගේම කළු කඩ  මුදලාලිලා ගොවීන්ට අධික මිල ගණන්වලට ඒවා ලබාදුන හොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

රජය ලබාදෙන නැනෝ නයිට්රිජන් පොහොර අධික වර්ෂාව නිසා දිය වී ගියහොත් රජයෙන් මැදිහත් වී පොහොර වරක් නොව දෙතුන්වරක් වුවද ලබාදීමට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවද රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයන් අතර පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී එසේ පැවසීය.



අදහස් (5)

'පරිපූරක ඇස්තමේන්තුවකින් හෝ ගෙවීන්ට වන්දි ගෙවනවා'

Dayan Monday, 29 November 2021 03:36 PM

ඒකෙන් පේන්නේ, ඔහු අයවැයට ඇහුම්කන් නොදුන් බවයි.

:       1       5

Sunil Monday, 29 November 2021 03:44 PM

ඒවා දවල් හීන...

:       1       2

ගොවිරාළMonday, 29 November 2021 05:01 PM

සුනිල් නිවැරැදියි... ඇත්තටම කාබනික වගාව කළොත් සිදුවන පාඩුව ගෙවනවා කිව්වේ බොහෝ කලකට පෙර... එසේ ගෙවීමට අදහසක් තිබුණා නම් එය අය වැය සැකසීමේදී එයට ඇතුළත් කරන්න තිබුණා.. එවැනි දෙයක් නොකරන නිසා තමයි දැන් මෙහෙම කියන්නේ.. මේවා කට කහනවට කියන කතා...

:       0       3

noname Monday, 29 November 2021 04:39 PM

ඔව්, පරිපූරක ඇස්තමේන්තු කියන්නේ ඒ ගොල්ලන්ගේ පුද්ගලික මුදල්නේ...

:       1       2

ravin Monday, 29 November 2021 04:42 PM

ආ..! ඒවත් ගෙවන්න ඕනැ අපිද? ඔක්කොම ගෙවීම් අපෙන්... කොමිස් විතරක් දේශපාලුවන්ගේ...? කරුණාකර කාබනික පෝරවලින් ගත්තු කොමිස්වලින් ගෙවන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 392 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2474 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1736 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 958 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1146 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5224 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27356 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19601 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site