IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ප්‍රබල දේශපාලකයකුගෙන් කුලියට ගත් ඉඩමේ ගංජා වවලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නියෝජ්‍ය කථානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා  කුලී පදනම මත  ලබා ගත් පුද්ගලයකු ගංජා හේනක් පවත්වාගෙන ගියේ යැයි කියයන චෝදනාවක් සම්බන්ධයේන් සැකපිට අත්අඩංගුවට  ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ  සූරියවැව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

නියෝජ්‍ය කථානායකවරයාට අයත් බව කියන මත්තල ගම්මිරිස්කමත ප්‍රදේශයේ පිහිටි අක්කර 50 කින් යුත් ඉඩමෙන් අක්කර 10 ක පමණ කොටසක් එළවළු සහ පලතුරු වගා කිරීම සඳහා කුලී පදනම මත සූරියවැව ප්‍රදේශයේ පදිංචි සැකකරුට ලබාදී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම සැකකාර පුද්ගලයා  කුලී පදනම මත ලබාගත් එම ඉඩමේ අක්කර දෙකහමාරක පමණ ප්‍රමාණයක ගංජා වවා  තිබූ බව පොලිස් විශේෂ කාර්යය බළකා ආරංචිමාර්ග සඳහන් කරයි.

කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක්  මෙම වැටලීම සිදුකර ඇත ගංජා හේනේ අඩි පහක් පමණ උසට සරුවට ගංජා වැවී තිබුණු බව පැවසේ.

ගංජා පැල පැළ කොටසක් නඩු භාණ්ඩ වශයෙන් සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන සෙසු ගංජා පැල ගිනි තබා විනාශ කර දමා තිබේ.

 



අදහස් (5)

ප්‍රබල දේශපාලකයකුගෙන් කුලියට ගත් ඉඩමේ ගංජා වවලා

විජිත් Wednesday, 11 January 2023 12:22 AM

ඔය කියන නියෝජ්‍ය කතානායකයාට අක්කර 50 ලැබුනේ කොහොමද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න. අක්කර 50 ගන්න සල්ලි ලැබුනේ කොහොමද ? ගංජා වවපු මනුස්සයා පොලිසියට කොටුවුණ නිසා දැන් ඒ කුණු ඔක්කොම මිනිහා පිට පැටවුවා වෙන්න බැරිද ? මිට කලින් ඔය මනුස්සයා වෙනුවෙන් ගංජා වැවුවා වෙන්න බැරිද ? අපි දැක්කා පොලිසියේ ලොකුම ලොක්කෙක්ගේ ගෙදර සිවිලිමේ උඩ තිබුන ගංජා තොගයක් එස් ටි එෆ් එකෙන් අල්ලාගත්තා.

:       1       10

Ruhunu Wednesday, 11 January 2023 02:39 AM

අපිට හිතාගන්න පුළුවන් ගංජා වැව්වේ කවුද කියලා. මුදලට මහ උළුගෙදරට යන්න කැමති මිනිස්සු ඉන්නවානේ.

:       1       8

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 January 2023 07:39 AM

ත්‍රයිලෝක විජය පත්‍ර වගාකොට ඩොලර් බිලියන ගණනක් ජාතික ආර්ථිකයට එකතුකොට,රට ගොඩගැනීමට අගනා ව්‍යාපෘතියක් ගැන සිතුවා වෙන්නට බැරිද ? හික් .. හික් ..

:       1       8

Rohan Silva Wednesday, 11 January 2023 09:19 AM

නියෝජ්‍ය කතානායක බබෙක්. එය ඔහු සමඟ සම්බන්ධයක් නැත. මේ ඉඩම සාමාන්‍ය මිනිසෙකුට අයිති නම් මොකද වෙන්නේ. රජයේ හමුදා පමණක් නොව මාධ්‍ය ද දූෂිත දේශපාලකයන් ආරක්ෂා කරයි.

:       1       8

ranjith Wednesday, 11 January 2023 10:44 AM

කුලී පදනම මත දුන්නත් එම දේවල් ගැන ඉඩමේ අයිතිකරුගේත් වගකීමක් තියෙනවා නේද.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 230 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 562 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1056 2

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 61 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 551 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 20451 24


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18833 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 359 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1817 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site