රික්ටර් පරිමානයේ ඒකක 7.7 ක් සහ 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පා දෙකකින්, මියන්මාරය කැලඹිණි.
භූමි කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්න ඇති බවත්, පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බවත්ය.
භූමි කම්පාවෙන් විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන සම්බන්ධයෙන් හෝ ජීවිත හානි පිළිබඳව හෝ ඊයේ (28) සවස් වන විටත් කිසිදු නිල තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.
රික්ටර් පරිමානයේ ඒකක 7.7 ක් සටහන් කළ පළමු භූමි කම්පාව හටගත්තේ, මියන්මාරයේ වයඹ දෙසින් පිහිටි සගායිංග් නගරයට ආසන්නයෙනි. ඒ, දහවල් 12.50 ට පමණය.
රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ දෙවැනි භූමි කම්පාව හටගත්තේ පළමු භූමි කම්පාවෙන් පසු මිනිත්තු කීපයක් යද්දීය.
මියන්මාර පුවත් සේවා අනුව, බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගලි අතරේ සිරවුණු පිරිස් සිටින බවත්, ඔවුන් මුදා ගැනීමට දිවි ගලවා ගැනීම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පැවැසෙයි.
මියක්මාරය පාලනය කරන්නේ එරට හමුදාවය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ දේශපාලන පක්ෂ නායකයන් සිරගත කරමිණි. හමුදා පාලනය හේතුවෙන්, මියන්මාරය ලොවෙන් හුදෙලා වුණු ආසියානු බෞද්ධ රාජ්‍යයකි.
මියන්මාරයේ අසල්වැසියකු වන්නේ තායිලන්තයයි. භූමි කම්පාවල ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් අගනුවරට පවා හොඳින් දැණුනු බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ මීට සුලු මොහොතකට පෙර අද (01) සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාක
එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරය සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කරනු ලැබ තිබේ.
අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංව
කොලොන්නාව සිට මඩකලපුව බලා ධාවනය වූ ඩීසල් හා පෙට්‍රල් ප්‍රවාහන බවුසරයක් මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදී අද සවස 4.00 ට පමණ පාරෙන් ඉවතට පෙරළී මෙන් එහි
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා දීමට රජය හඳුන්වාදුන් වැඩසටහන නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැ
ගාල්ලේ විදුහලක ගුරුවරයෙකුගේ පහරදීමකින් කනට බර පතල තුවාල සිදුව ඇති සිසුවෙකු අද (01) සවස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ප්‍රබල භූමි කම්පා දෙකක් මියන්මාරය කලඹයි
බද්රානි Friday, 28 March 2025 05:33 PM
තායිලන්තය ගැන නම් ඇත්තටම හරිම කනගාටුයි.. මහපොළොව නුහුලන අපරාධ කල මියන්මාරයේ මහපොළොව දෙදරා ගිලා බැසීම ගැන නම් වැළපෙන්න තරම් හේතුවක් නැහැ. මියන්මාර "චිරතු" ලාගේ සහෝදර ඥාතීන් සිටින මේ සිරි ලංකාවට ඔය භූමිකම්පාව ආවොත් නම්, ඔතැනින් කෙළවර වෙන එකක් නැහැ. මුළු පොළොවම ගිලා බැහැලා තමයි නවතින්නේ.. ඒ නිසා, මේ මහපොළොව බදාගෙන තන්හාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් දඟලන අපිත්, මේ මහ පොළොවට වැළලිලා යන මිනිස්සු තමයි කියලා හිතලා වැඩ කරන්න පුරුදු වෙයල්ලා මුග්ධ මිනිස්සුනේ....
Bishan Friday, 28 March 2025 08:09 PM
බද්‍රානි මුග්ධ මිනිසුන් ගැන කියන තවත් කෙනෙක්..