(යොහාන් භාසුර)
නාරම්මල, බිහාල්පොල ප්‍රදේශයේ බිත්තර සඟවා ඇතැයි කියන ස්ථානයක් පරීක්ෂාවට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම අධිකාරියේ සියලුම විමර්ෂණ නිලධාරීන් එළඹෙන සඳුදා (8 වැනිදා) සියලුම ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්ව විරෝධතාව දක්වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සමස්ත ලංකා විමර්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති කෝසල රංගනාත් මහතා අද (5) පැවසීය.
මෙවැනි ප්‍රහාර හේතුවෙන් වැටලීම් නතර කිරීමට කිසිඳු අදහසක් නොමැති බව කී කෝසල රංගනාත් මහතා විමර්ෂණ නිලධාරීන්ට ආරක්‍ෂාව සැපයීමට පොලිසිය සහය දක්වනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ෂණ නිලධාරීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ජනාධිපවරයා මැදිහත් වියයුතු බවත් බිත්තර මාෆියාවට එරෙහිව අඛණ්ඩව කටයුතු කරන බවත් රංගනාත් මහතා වැඩි දුරටත් කීය.
නාරම්මලදී එම ප්‍රහාරයට ලක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ෂණ නිලධාරීහු රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාරිභෝගික අධිකාරියේ විමර්ෂණ නිලධාරීහූ සඳුදා විරෝධය දක්වති
විමලසිරි Friday, 05 May 2023 06:02 PM
අපුරු කතාවක් තමයි කියන්නෙ ඇත්තටම මොවුන් ජනාධිපති මෙතරම් අවතක්සේරුවට ලක්කර තිබීමෙන් මොවුන්ගේ නූගත් බව මනාවට ඔප්පු වෙනවා.එයින් ජනාධිපති අවතක්සේරුවට ලක්කිරීමට අමතරව සියලු අමාත්‍යවරුත් හෑල්ලුවට ලක්වෙනවා.
Lalla Saturday, 06 May 2023 10:46 AM
ආරංචිය අනුව ජරාව ඉල්ලා නොදුන්න නිසා වැටලීමට ගිය බව... ඇත්ත කතාව සොයාගෙන කතාකලයුතු කරුණක්....
සුරංගොඩ Saturday, 06 May 2023 02:48 PM
කතාව ඇත්ත කියලා කියන්න පුළුවන්... දැන් වගේ ගමනාගමන පහසුකම් නොතිබූ කාලයේ මිල පාලන දෙපාර්තමේන්තු (වර්තමානයේ පාරිභෝගික අධිකාරිය) නිලධාරින් හිටියේ තමන්ගේ ගමෙන් බොහෝදුර නවාතැන්වල තමයි. ඉතින් ඔවුන් සතිපතා ගමට යනවා නම් සිකුරාදා සවස කඩවල් කීපයක් වැටලීමට යාම අනිවාර්යයෙන් කරනවා. එතකොට ගමන් වියදම් හා ගෙදරට අවශ්‍යතා පහසුවෙන් ලැබෙනවා. දැන් එහෙම තිබේද කියලා නම් හරියටම දන්නේ නැහැ...
Sunil Saturday, 06 May 2023 01:00 PM
මේ පාරිභෝගික අධිකාරියෙන් කෙරෙන සේවයක් තියෙනවද? බොරුවට මාධ්‍ය සංදර්ශන දැමීම පමණයි කරන්නේ. තවමත් බිත්ත්ර විකිණෙන්නේ රුපියල් 55ට හැටට.
සමන්ත Saturday, 06 May 2023 05:14 PM
ඊයේ ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති කොත්තු හා ප්‍රයිඩ් රයිස් වලට සන වියදම් ක්‍රියාවෙන්ම පෙන්නුවා... සාමාන්‍යයෙන් දෙදෙනෙකුට ප්‍රමාණවත් ප්‍රයිඩ් රයිස් එකක් සඳහා වියදම් වන්නේ රුපියල් 360/= කිව්වා. ඔහු කියන්නේ බිත්තර දෙකක් දැමූ ප්‍රයිඩ් රයිස් රුපියල් 500/= කට හා එළවළු ප්‍රයිඩ් රයිස් එකක් 400/=කට දෙන්න පුළුවන් කියලා.. එයට වැඩියෙන් අයකිරීම අසාධාරණයක් කියලා තමයි ඔහු කිව්වේ.. තවත් ඔහු කියනවා බිත්තර අල්ලන අධිකාරියේ නිලධාරින් මේවා ගැන බලන්නේ නැහැ කියලා...