(බී. ජානක)
මිනිස් පරිභෝජනයට නොසුදුසු කිරිපිටි පැකට් ගබඩා කර තිබු පිටකොටුව ප්‍රදේශයේ ස්ථාන තුනකට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලිම් අංශය නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය.
කොළඹ වේල්ල විදියේ, ශ්‍රි කදිරේශන් විදිය ප්‍රදේශයේ ගබඩා තුනක් මෙලෙස මුද්‍රා තැබූ අතර එහිදී කිරිපිටි ඇසුරුම් කර එම පැකට් පිටකොටුවෙ තොග වෙළෙදභ සල් වෙත යවා අලෙවි කිරිම සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මුද්‍රා තබන අවස්ථාවේ දී ගබඩා තුළ ග්‍රෑම් පන්සීය බැගින් වූ කිරිපිටි පැකට් අඩංගු කිලෝග්‍රෑම් 25 මලු 76 ක් තිබී සොයා ගැනිමට හැකිවු බවත් මෙලෙස අත්අඩංගුවට ගත් මුළු කිරිපිටි. ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1900 ක් බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. ගබඩාවන්හි අයිතිකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බව පිටකොටුව පොලිසිය පවසයි.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පරිභෝජනයට නුසුදුසු කිරිපිටි පිටකොටුවෙන් අල්ලයි
Saththaya Wednesday, 01 September 2021 09:19 AM
ප්‍රදේශ වල කොයි වර්ගයේවත් කිරිපිටි ගන්නට නැත .
kkamalasiri Wednesday, 01 September 2021 11:19 AM
හිතක් පපුවක් නැද්ද වෙළෙන්දනේ ?
Raveendra Wednesday, 01 September 2021 12:22 PM
කරුණාකර මේ අයගේ නම්ගම් ප්‍රසිද්ධ කරන්න .මේවා රටට ගෙනාවේ කව්ද, ගබඩාව අයිති කාටද, සමාගමේ නම වැනි සියලු විස්තර ප්‍රසිද්ධ කරන්න.