IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


පිරමීඩාකාර ආයතන 21ක් ප්‍රසිද්ධ කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය කළ ආයතන 21ක් අද (20) නිල වශයෙන් නිවේදනය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ආයතන 21 සම්බන්ධයෙන් විමර්ශනයක් කළ බවත් ඉන් අනතුරුව මෙසේ ප්‍රසිද්ධ කළ බවත් සඳහන් කරයි.

එම ආයතන 21න් පස්වැනි ආයතනයේ නම ප්‍රසිද්ධ කිරීම අධිකරණය අත්හිටුවා ඇති බැවින් එය ප්‍රසිද්ධ කර නොමැති බවද මහා බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කලේ යැයි මහා බැංකුව ප්‍රසිද්ධ කර ආයතන ලැයිස්තුව පහත දැක්වේ.

1. ටීන්ස් ලංකා හෙල්ත් කෙයා ප්‍රයිවට් ලිමිටඩ්

2. බෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්

3. මාක් - වො ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්

4. වී. එම්. එල්. ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්

5. පස්වැනි ආයතනය ප්‍රසිද්ධ කර නොමැත

6. පාස්ට් 3 සයිකල් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්

7. ස්ටපා්ට් චේන් ඇප්, ස්පෝට් චේන් ඉසෙඩ්.එස්. සොසයිටි ශ්‍රී ලංකා

8. ඔන්මැක්ස් ඩීටී

9. එම්.ටී.එෆ්.ඊ. ඇප්, එම්.ටී.එෆ්.ඊ. එස්.එල් ගෘප්, එම්.ටී.එෆ්.ඊ. සක්සස් ලංකා, එම්.ටී.එෆ්.ඊ. ඩී.එස්.සී.සී. ගෘප්

10. පාස්ට්වින් ප්‍රයිවට් ලිමිටඩ්

11. ෆෘයුගෝ ඔන්ලයින් ඇප්/ ෆෘයුගෝ ඔන්ලයින් ප්‍රයිවට් ලිමිටඩ්

12.රයිඩ් ටු ත්‍රී ෆීඩම් ප්‍රයිවට් ලිමිටඩ්

13. කිව්නෙට්

14. එරා මිරකල් ප්‍රයිවට් ලිමිටඩ් ඇන්ඩ් ගිනේසිස් බිස්නස් ස්කූල්

15. ලෙජ බ්ලොක්

16. ඉසිමාගා ප්‍රයිවට් ලිමිටඩ්

17. බීකොයින් ඇප් ඇන්ඩ් සන්බර්ඩ් ෆවුන්ඩේෂන්

18. වින්ඩෙක්ස් ට්‍රේඩින්

19. ද එන්රිච් ලයිෆ් ප්‍රයිවට් ලිමිටඩ්

20. ස්මාට් වින් එන්ටප්‍රනියර් ප්‍රයිවට් ලිමිටඩ්

21 නෙට් ෆෙවර් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්/නෙට්රික්ස්



අදහස් (4)

පිරමීඩාකාර ආයතන 21ක් ප්‍රසිද්ධ කරයි

sugath Monday, 20 January 2025 07:29 PM

මහ බැංකුව මේ ප්‍රකාශය මාධ්‍යය හරහා දැන්වීමට ගත් පියවර ප්‍රසංශා කළයුතු දෙයක්. නමුත්, රටේ මුදල් කෑදරකමින් පෙලෙන කී දෙනෙක් මෙයින් ප්‍රයෝජන ගනීද යන්න සැක සහිතයි. මෙවැනි දැනුම් දීමක් කර තිබියදීත් මෙවැනි වංචාවකට යමෙක් හසු වුවහොත්, එහි වගකීම ඒ තැනැත්තා විසින් පමණක් බාර ගත යුතුයි.

:       2       24

Ruwan Monday, 20 January 2025 08:32 PM

සමාජ මාධ්‍ය ඇතුළු රටේ ප්‍රධාන මාධ්‍ය සහ ස්ථාන වල ප්‍රසිද්ධියේ මෙවැනි ව්‍යාපාර ප්‍රවර්ධනයට කටයුතු කරන පුද්ගලයන් සහ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමයි.

:       0       18

Tharindi wijethunga Tuesday, 21 January 2025 07:17 AM

අපිට රජයේ ලියපදිංචි ආයතනයකින් මුදල් වංචාවක් කලොත් මොකද කරන්නේ , ඒත් ඒකට සල්ලි යොදවපු අයම වගකීම බාරගන්න ඕනිද

:       1       1

ලාලිත Tuesday, 21 January 2025 10:29 AM

90% මිනිස්සු දැන දැනමයි මේ පිරමිඩ් ආයතනවලට සම්බන්ද වෙන්නේ. ඔවුන් හිතනවා තව දෙන්නෙක් තුන්දෙනෙක් මාට්ටු කරලා ගානක් කපා ගන්න පුලුවන් වෙයි කියලා. ඉතුරු 10% යාලුවන් හෝ සමීපතමයන් දෙන ලණුව කාලා මුදල් සහ ජීවිතය විනාස කරගන්නවා. මිනිස්සුන්ව සුපිරියට අන්දන්න පිරමිඩ් සමාගම් භාවිතා කරන උපාය උපක්රමත් ඉතාම මනෝ විද්යාත්මකයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 228 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 826 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 566 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 232 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 852 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 199 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site