IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ප්‍රමාදය නිසා මධ්‍යම අධිවේගයට කෝටි 20,000 වැඩිපුර ගෙවන්න වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරි වසර පහේදී සම්පූර්ණයෙන්ම සාදා අවසන් කරන බව ද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

 



අදහස් (16)

ප්‍රමාදය නිසා මධ්‍යම අධිවේගයට කෝටි 20,000 වැඩිපුර ගෙවන්න වෙයි

වෑල්ඩින් ආචාර්ය Sunday, 09 March 2025 11:18 PM

අර පඬුකරඳ ගහක් වට කරගෙන උද්ඝෝශණ කරලා අධිවේගේ වැඩ පරක්කු කරපු දේවානි ජයතිලක මාලිමාවෙන් ඡන්දෙත් ඉල්ලුව නේද? ලංකාවෙ උන්ට ටිකට සති 2ක් විතරක් මතක තියෙන හින්දා හොඳයි ඉතින්.

:       15       101

ඉන්දික Sunday, 09 March 2025 11:21 PM

අර ගම්පහ මීරිගම කොටසේ අලාභය දේවානි නෝනගෙන් ඉල්ලගන්න... එයාල පිස්සු නැටුවේ නැත්තං එම කොටස මෙලහකට හදලා....

:       6       83

සත්‍යපාල Monday, 10 March 2025 01:32 AM

තවමත් පසුගිය ආණ්ඩුවලට කඩේ යන අයට ලැජ්ජාවක් නෑ. මොනවාහරි හේතුවක් කිය කියා රට විනාශ කරපු අපරාධකාරයින්ටම කඩේ යනවා.

:       74       33

SenarathMonday, 10 March 2025 10:35 AM

මෙම ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේ 2015 සිට 2019 දක්වා තිබූ යහපාලන කාලයේදීය. එදා රජය පත් කර ගැනීමට වැඩිම සහාය දැක්වූයේ ජාතික ජන බලවේගය (JVP) වෙයි. මෙය හොඳින් සොයා බලන්න. වැරදිකරුවන්ගෙන් මේවා නැවත අය කරගන්න ඕනේ

:       13       56

H.T.Kusumapala Monday, 10 March 2025 01:49 AM

වරද අපේ නොව එවකට සිටි ප්‍රවාහන ඇමැතිවරයාගේ සහ ඔහුගේ නිලධාරීන්ගේය. ඔවුන්ගේ අතපසුවීම් සඳහා ඔවුන්ට යම් ආකාරයකින් දඬුවම් කළ යුතු නොවේද?

:       45       19

Rasika Monday, 10 March 2025 04:36 AM

මෙික මඟනැවතීමට මූලික හේතුව රටේ සල්ලි නැතිවීම නෙවෙයිද?

:       45       15

යෝගා Monday, 10 March 2025 06:28 AM

ජේවීපිය කොටස්කරුවන් වු යහපාලන නඩය මේ පාඩුවේ මූලික වගකියයුත්තෝ. ඊටපස්සේ පඬුකරඳ ගහක් අල්ලගෙන නාඩගමක් නැටුවා. 76 වසරක සාපය කවුද කියලා ඉදිරියේදී ඔප්පු වෙයි

:       17       65

ගුණරත්න Monday, 10 March 2025 07:22 AM

කෝටි 20,000 විශාල මුදලක්, එත් ගිය අවුරුද්දේ සීයාට පින්සිද්ද වෙන්න විදුලිය බල මණ්ඩලයේ ලාබය කෝටි 14,000යි. මේ ආණ්ඩුව ඒ ලාබය 99% අඩු කරගෙන යයි ප්‍රවෘත්තියක් අපි ලංකාදීප පත්රයෙන්ම දැක්කා. යාලුවනේ ලාබෙ වැඩි වෙලා නෙවේ හොඳේ

:       11       31

Dasun Monday, 10 March 2025 08:22 AM

ඔව් මිනිසුන්ට මතක නෑ, උඹලා ගහක් අල්ලාගෙන නටපු නාඩගම

:       6       55

පොඩිඑකා Monday, 10 March 2025 08:27 AM

කෝ මේ යෝගා…..?

:       42       7

Aslam Monday, 10 March 2025 08:28 AM

ඉදිරි වසර පහ තුළ කුමක් සිදුවේදැයි අපි බලා සිටිමු. මෙම රජය මහජනතාව සඳහා මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

:       31       25

මැක්ස් Monday, 10 March 2025 08:33 AM

පෝට් සිටිය, මත්තල ගුවන් තොට, හම්බන්තොට වරාය ආදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, තමන් තුළ ගොජ දමමින් පවතින කුහකකම නිසාම කල් දැමීමට කටයුතු කළ ජවිපෙ ප්‍රමුඛ යහපාලන නඩය, ප්‍රමාද ගාස්තු වශයෙන් එම ව්‍යාපෘති සඳහා ගෙවූ මුදල අති විශාල ය. කිරිඅල්ලකරණය වූ මධ්‍යම අධි වේගය හොර ගුහාවක් බවට පත්වීම ඇතුළු මේ සියලු මුල්‍ය අපරාධවලට ජවිපෙ ද වගකිව යුතුය. "මං සුදනා" න්‍යායයෙන් අනුන්ට පටවන්නට උත්සහ කරන සියලු වැරදිවල සැලකිය යුතු කොටසක් ජවිපෙයට ද ඇත. ඔවුන්ගේ දායක සබාවට හැර සාමාන්‍ය සිහි බුද්ධිය ඇති ඕනෑම අයකුට ඒ වග වැටහෙනු ඇත.

:       15       65

පම්පෝරි ජනක Monday, 10 March 2025 10:25 AM

@ගුණරත්න ගොයියෝ , සීයට පින් සිද්දවෙන්න ? බංකොලොත් කරලා බිල 300% කින් වැඩිකරපු එකට දැන් සිලිඩර් බයියෝ සීයට පිනුත් දෙනවා

:       14       38

රම්බොඩ Monday, 10 March 2025 10:34 AM

මේ ආණ්ඩුව දැන් කරන්නෙ එක එක ඒවා පෙන්ව පෙන්වා ඉන්නවා. ඒ කාලෙ අනුර මහතා ඇහුවා අධිවේග මාරුග කන්නද කියලා. කට උල්කර කර ඇහුවේ. මේ මහා දැවැන්ත සංවිධාන වලට කුහකව මඩ ගැහුවා. ඒවායින් රටට වෙන සෙත ගැන කතා කළේ නෑ. කොරෝනා නිසයි මේවා නතර වුණේ.

:       11       44

Maharuf Monday, 10 March 2025 12:05 PM

ගස් යට රා බිබී හිටපු උන් දියවන්නාවට දාගෙන උන හදියක්

:       1       9

Saman Monday, 10 March 2025 01:35 PM

ලංකාවේ මිනිස්සු මෝඩයි. පේන්නේ කරපු වැඩකින් මාටියා ගහපු කෑල්ලෙන් රටට වෙච්චි හානිය පමණයි. ඒත් ඇත්තටම රටට වැඩිම විනාශය කළේ වැඩවලට බකට් ඇදපු ජෙප්පන් සහ වැඩ මන්දගාමී කරපු යහපාලනයයි.

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 22 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 449 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 401 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 452 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 256 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site