( තිළිණි ද සිල්වා)
පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 26 දෙනෙකු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පකිස්ථානයේ ගුජරන් අධිකරණය අද (06) නියෝග කර ඇත.
මෙම සැකකරුවන් 26 දෙනා සියල්කෝට් පොලීසිය විසින් ඊයේ දින ගුජරන් හී පිහිටි ත්‍රස්ත විරෝධී අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පකිස්ථානයේ තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
මීට අමතරව සියල්කොට්හි උගෝකි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වන අර්මගන් මක්ත් රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් කර්මාන්තශාලාවේ සේවකයන් 900 දෙනකුට පාකිස්තාන දණ්ඩ නීති සංග්‍රහයේ 302, 297, 201, 427, 431, 157, 149 වන වගන්ති යටතේ ත් ත්‍රස්ත විරෝධී පනතේ 7 සහ 11 ඩබ්ලිව්.ඩබ්ලිව්. යන වගන්ති යටතේ මූලික පැමිණිලි ගොනු කර ඇත.
මීට අදාළ සියලුම සැකකරුවන් අල්ලා ගැනීම සදහා සියල්කෝට් දිස්ත්‍රික්කයේ සම්බ්රියල්, දස්කා, සහ පස්රූර් ඇතුළු ආසන්න ගම්මානවල දැවැන්ත සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා නගරයේ සී.සී.ටීවී. දර්ශන, මෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ විඩියෝ සහ ඡායාරූප ද භාවිත කරන බවත් සියල්කොට් පොලිසිය පවසා තිබේ.
එම සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයන් 235 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සියල්කොට් පොලිසිය ප්‍රකාශ කර සිටී.
ආගමට අපහාස කළ බවටත් දෙවියන්ට අපහාස කළ බවටත් චෝදනා නගමින්, කර්මාන්තශාලාවේ සේවකයන් ඇතුළුව සිය ගණනක් ප්‍රියන්ත කුමාර මහතාට ද ම්ලේච්ඡ ලෙස මියයනතුරු පහර දී තිබේ. සියල්කොට් පොලිසිය අත්අඩංගුවට පත් පිරිස අතරට මෙම සිදුවීම් පෙළ විඩියෝ කළ පුද්ගලයන් ද ඇතුළත් යැයි ද පැවැසෙයි.
අත්අඩංගුවට ගත් මොහොමඩ් තල්හා, සහ ෆර්හාන් ඉද්රීස් යන ප්‍රධාන සැකකරුවන් ඇතුළු පිරිස අනාවරණය නොකළ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත් පැවැසෙයි. රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් කර්මාන්තශාලාව සෙනසුරාදා වසා දමා තිබූ අතර, එහි සේවකයන් අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා පලායමින් සිටින බව ද ‘ඩ්වෝන්’ පුවත් පත වාර්තා කර තිබේ.
ප්‍රියන්ත කුමාර දියවඩන මහතාට පහර දී ඝාතනය කර, සිරුර පුළුස්සා දැමීම කළ බවට චෝදාන එල්ල වී ඇත්තේ 'තරීක් ඊ ලබ්බයික් පාකිස්තාන්' නමැති දේශපාලන කණ්ඩායමටය. එහ කණ්ඩායම දේශපාලන පක්ෂයක් වන අතර පාකිස්තාන දේශපාලනයට පමණක් නොව සිවිල් සමාජයට බලපෑමක් කළ හැකි ප්‍රබල අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් ද වෙයි.
ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට තමන් සම්බන්ධ නැතැයි එම පක්ෂය කියා සිටී. 2018 මහ මැතිවරණයට ඉදිරිපත් වුණු මෙම පක්ෂය ඉන් කිසිදු ආසනයක් දිනා ගැනීමට සමත් වූයේ නැත. කෙසේ නමුත් පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන් ආසාන 3 ක් දිනා ගත්තේය.
පකිස්ථානයේ සියල්කොට්හීදී ප්‍රියන්ත කුමාර දියවඩන වධහිංසනයට ලක් කිරීමට අදාළ සිදුවීම් මාලාව ආරම්භ වී ඇත්තේ පසුගිය සිකුරාදා උදෑසන 10.02 ට බව පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළ බව පාකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.
එම වාර්තාවට අනුව පොලීසිය එම ස්ථානයට ළඟා වී ඇත්තේ 11.45 ට පමණ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන අනුව ප්‍රියන්ත කුමාරගේ සිරුර ගිනි තබන අවස්ථාවේ දී ඒ අසලින් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු දැක ගත හැකිවේ.
කෙසේ වෙතත් පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළේ රාජකාරී මග හැර ඇති පොලිස් නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිවත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවයි.
මේ අතර ප්‍රියන්ත කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව අනුව ඔහුගේ මුළු සිරුරම දැඩි ලෙස පිළිස්සී ඇත.ශරීර අභ්‍යන්තර කොටස්වලට දැඩි ලෙස හානී වී ඇති බවත් කැපුම් හේතුවෙන් වෙන්වී තිබූ සිරුර යළි සකස් කර ලාහෝර් පොලිසියට භාර දුණි.
බාර දුන් ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරේ අවශේෂ කොටස් රජයේ වියදමින් ලහෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ඊයේ (06) පස්වරු 5.00ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ඒම විදේශ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරුණි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රියන්තගේ ඝාතනයට 26ක් රිමාන්ඩ්