(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ආසන්න අධිආරක්ෂක කලාපයට අයත් ජල තීරයට අනවසරයෙන් ඇතුළුවී ඔත්තු බලමින් සිටි බවට සැක කෙරෙන තරුණයෙක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ ( පාර්ලිමේන්තු )නිලධාරියා විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පාර්ලිමේන්තු පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ඊ ප්‍රනාන්දු මහතා ලබා දුන් තොරතුරක් අනුව බුද්ධි අංශ නිලධාරියා සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබූ බව තලංගම පොලිසිය පවසයි.
සැකකාර තරුණයා මොරටුවේ පදිංචිකරුවෙකි.
මොරටුවේ සිට පා පැදියකින් පැමිණ ඇති සැකකරු මෙම ජල තීරයට වැටකින්ද පැන ඇතුළු වූයේ ඇයි දැයි ප්‍රශ්නයක් වන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අධි ආරක්ෂක කලාපයට ඇතුළුවීමට හේතුව පැහැදිලිවම පැවසීමට සැකකරු අපොහොසත්ව සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය.
සැකකරු අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා ප්‍රදේශයේ ආවේක්ෂණ රාජකාරියක නිරතව සිට ඇති බවත් පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු ඔහු වහා ක්‍රියාත්මකවී සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවත් පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ලබාදී තිබු තොරතුරක් අනුව නාවික හමුදාවේ නිලධාරීහු කණ්ඩායමක්ද ඒ ස්ථානයට ඊයේ උදේ පැමිණ සිටියහ.
එසේම සැකකරුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීම සඳහා ඒ අවට ප්‍රදේශවල සීසීටීවී කැමරාද පරික්ෂා කරගෙන යන බව පොලිස් ආරංචිමාර්ග වලින් පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර පුෂ්පකුමාර, පාලිමේන්තු පොලිස් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් පාර්ලිමේන්තු පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.ඊ ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ තලංගම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු අධි ආරක්ෂක කලාපයේ ඔත්තු බැලූ තරුණයෙක් මාට්ටු
කිරි පුතා Monday, 23 May 2022 09:34 AM
අකුසල් අරමුණක් ඇතිව පැමිණියේ නම් ඔහුට එහි ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවේ. සමාජයක් ලෙස කළ අකුසල් හොඳටම ඇති. ඉන් මිදීමට කළ යුත්තේ කුසල් වැඩීමයි...
ලුම්බිණි Monday, 23 May 2022 09:50 AM
බොරුවැඩ නොකර අහිංසක මිනිසුන්ට යන්න දෙන්න. අල්ලනවා නම් ඔය ප්‍රසිද්ධ අපරාධ කරපු අය ඉන්නේ...
මහී Monday, 23 May 2022 10:13 AM
අජිත් කුමාර නාට්‍යය ආයෙත් රඟපාන්න වෙන්න ඇති. පුරුද්දනේ...
chathura Monday, 23 May 2022 11:40 AM
දන්නවනේ කව්ද ඔය වගේ වැඩ කරන්නේ කියලා. ගෙවල් ගිනිතැබීම්වලට සම්බන්ධ පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්..!
Lalla Monday, 23 May 2022 01:21 PM
මේ නම් හිඟන පොරක් වෙන්නැති... නොමිලේ යන වැසිකිළියක් හොයලද බලන්න...?
kamal Monday, 23 May 2022 01:39 PM
ත්‍රස්ත බිල්ලන් එනවා වගේ...!