IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පාර්ලිමේන්තු එනවා නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

දිවයිනේ මේ වන විට නැවත උද්ගතව පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී  අද (06) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමේ දී හා එහි රැඳී සිටියදී සෞඛ්‍ය බලධාරීන්

දී ඇති උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන තරයේ පිළිපදින ලෙසත්, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් සියළුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, සැපයුම්කරුවන් හා සේවා සපයන්නන්, ආරක්ෂක අංශ වලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියළුම දෙනා සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය වන බවද කථානායකවරයා නිවේදනය කළේය.



අදහස් (6)

පාර්ලිමේන්තු එනවා නම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

siri Tuesday, 06 October 2020 07:29 AM

ඕකෙ ඉන්න 225 න් කීදෙනෙකුට ඕක තේරෙයිද දන්නේ නැහැ. ඒ ජාතියේ කට්ටියක්නේ මේ සැරෙත් යවලා තියෙන්නේ.

:       1       5

Raveendra Tuesday, 06 October 2020 08:03 AM

අපේ මේ සුපින්වත් 225 ම තමතමන්ගේ සෞඛ්‍ය අාරක්ෂිතව තමයි තම වැඩකටයුතු කරන්නේ.. කව්ද මේවා අලුතින් මතක් කරන්නේ? නිකං වැඩ නැතුවට... එහෙම සෞඛ්‍ය අාරක්ෂිතව මේ පින් කඳන් 225 වැඩ නොකළා නම් මෙලහකටත් 225ම මහ උළු ගෙදර කල්දේරම් බත රස විඳිනවා.

:       0       3

isurandi Tuesday, 06 October 2020 08:21 AM

ඕකේ ඉන්න අයට කොරෝනා හැදෙන්නේ නැහැ කොහොමත්.. මොකද රටට වැඩක් ඇති එවුන් නෙවෙයිනේ ඕකෙ ඉන්නේ. රටේ ආර්ථිකයට උරදෙන රටේ පුරවැසියා තමයි හැමදාමත් මේ කොරෝනා බිල්ලට අසුවෙන්නේ..

:       0       2

sharm warn Tuesday, 06 October 2020 08:31 AM

ආ.. නෑ නෑ... එහෙම පරිස්සම් වෙන්න ඕනෑ නැහැ. අර පරිවාර සනුහරයක් ඉන්න නිසා හැදුණොත් මුලින්ම හැදෙන්නේ එයාලටනේ.

:       1       1

විජිත් Tuesday, 06 October 2020 09:38 AM

මට කොරෝනා වෙන්නට පුලුවන්නම්. කෙලින්ම එන්නේ දියවන්නාවට. දියවන්නාවේ ඌරු කොටුවේ එල්ලිලා ඉන්න මිනිස් ලේ බොන වවුල්ලු ඔක්කෝටම බෝකරනවා. දරුණු විදිහට බෝකරනවා. ආයෙත් ගොඩ නොඑන්නම. මෙහෙන් චුතවෙලා අවීචි මහා නරකාදියටම යන්න වැඩේ සලසනවා. වවුලන්ට මුට්ටි අල්ලන හිඟන පෙරේතයින්ටත් අවීචියට යන්න වැඩේ සලස්වලා. මම ආයෙත් මිනිස් වෙස් ගන්නවා. ලේ බොන වවුලන් විසින් විනාශ කරපු අපේ සුන්දර රට ආයෙත් වතාවක් ලස්සන රටක් කිරීමට හැකි පමණින් උරදෙනවා.

:       0       4

පූජාTuesday, 06 October 2020 01:04 PM

අම්මෝ විජිත්, මොනවද අනේ ඔයාට වෙලා තියෙන්නේ..? කොරෝනාවක් හදාගෙන යනවා කියන්නේ ඉතින්, අර නොපෙනී යන බලයක් තියෙනවා නම්, මම මෙහෙම කරනවා කියලා කීවාට සමානයි. ඒ මිනිසුන් එතනට සෘදියෙන් ගිහින් වාඩි වුනේ නැහැනේ... මේ රටේ බහුතරයක් මිනිසුන්ගේ කතිරයේ බලයෙන් එයාලව එතැනට පත්කරලා තියෙන්නේ. ඔච්චර තරහ ගන්න එපා. ඒක ඇඟට හොඳ නැහැ. කවදා හරි මේ රටේ මිනිසුන්ගේ "ආකල්ප" වෙනස් වෙන දවසක් එනකම් ඉවසගෙන ඉන්න.. මට පුදුමයි මේ ඉස්සර හිටපු විජිත්මද කියලා. ඒ කරුණාවන්ත මිනිසාගේ හිත මෙතරම් වේදනාවටත්, ක්‍රෝධයටත් පත් කරපු "දේශපාලුවන්ට" මම මොනවා කියන්නද.?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 604 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


ඝාතන
2024 නොවැම්බර් මස 18 10 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 496 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 846 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1521 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 85 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21625 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 360 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site