(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම භාෂණයේ නිදහස සුරක්ෂිත කිරීමටත්, ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමටත්, මන්ත්‍රී වරුන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීමටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මැදිහත්ව කටයුතු කරණ ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් අද (13) සමගි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කතානායකවරයා වෙත භාරදුන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ලිපියේ මෙසේ සඳහන් වේ,
"සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකූලවම ලබාදී ඇති බව ඔබතුමා හොඳින් දන්නා කරුණකි. එසේ නිත්‍යානුකූලව එම අයිතිය ලබාදී ඇත්තේ අන් කිසිවක් නිසා නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන නියෝජිතයන් ලෙස තමන්ගේ අදහස් මහජනතාව වෙනුවෙන් රටට ප්‍රකාශ කිරීමට ඇති පරම ආයතන පාර්ලිමේන්තු වන බැවිනි.
නමුත් ගරු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද තමන්ගේ ප්‍රකාශයට ගරු ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාගේ නම සදහන් කරමින් ඔහුගේ කතාවට පාර්ලිමේන්තුවෙන් පිටතදී මාධ්‍ය ඉදිරියේ පිළිතුරු ලබා දෙනු අපි දුටුවෙමු. එම සමස්ත ප්‍රකාශය අධ්‍යයනය කිරීමේ දී එහි භාෂණයේ නිදහසට එරෙහිව යමින් යම් තර්ජනාත්මක ස්වරූපයක් දක්නට ලැබේ.ගරු ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගිවීමට අයිතිය ඇති බව සහ ඊට පිළිතුරු දීමට අයිතිය ඇති බවද ඔබතුමා දන්නා කරුණකි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හා සමානව ම ඔහුගේ අනුගාමිකයින් හා රාජ්‍ය මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළින් ද ඔහුගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශ සිදුවනු අපි දුටුවෙමු.
එම තත්ත්වය භාෂණයේ නිදහස මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල බලපෑමක් බව අපගේ විශ්වාසයයි.
එම නිසා උත්තරීත පාර්ලිමේන්තුවේ නායකයා වශයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස සහ ජීවිත ආරක්ෂාව පිළිබද කටයුතු කළ හැකි පුද්ගලයා වශයෙන් මෙම තත්වය හමුවේ ගරු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස සුරක්ෂිත කිරීමටත් ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමටත් ගරු මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීමටත් උත්තරීත පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මැදිහත් වී කටයුතු කරන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කරන්නයි කතානායකගෙන් ඉල්ලති
සිරිබිරි Wednesday, 13 January 2021 04:21 PM
කවදාවත් ගම්සභාවකවත් හිටියේ නැති එක්කෙනෙක් රටේ මුල් පුටුවට ගියාම ඔහොම දේවල් වෙනවා. එහෙම අය පරිණත නැහැ .
shanikaThursday, 14 January 2021 08:44 AM
සරත් ෆොන්සේකා ජනාධිපති වෙන්න ඉල්ලනකොට කාටවත් ඕක මතක් වුණේ නැහැ නේද?
Demuni Uduwara Wednesday, 13 January 2021 06:07 PM
මේ ඉල්ලීමට කථානායකවරයා ගරුකරයිද?
Bamunuarachchi Thursday, 14 January 2021 04:23 AM
පාර්ලිමේන්තු වරප්‍රසාද කියන්න.. ඒක පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න බැරි අයට මෙතන ඉඳන් අපහාස උපහාස කරන එක නොවෙයි. එහෙම අපහාස උපහාස ලබපු කෙනෙක් පාර්ලිමේන්තුව තුළදී දෙන පිළිතුරත් ප්‍රශ්නයක් නොවෙයි. හොඳම උදාහරණ වාසුගෙන් කාටදෝ ලැබුණු පිළිතුර. එසේ නැතිව පාර්ලිමේන්තුවෙන් පිටදී උත්තර දුන්නොත් අන්න කනට ගැසුවා වගේ වදිනවා. ඊළඟට ආරක්ෂාව හොයනවා...
Upal Thursday, 14 January 2021 04:46 AM
සිංහයා සිංහනාද කරනකොට හිවලුන්ට මුත්‍රා යනවා.
මුණසිංහ Thursday, 14 January 2021 06:09 AM
මෙයාලා ආණ්ඩුවක් කරන විට මේවා මතක් වුනේ නැත්ද?