( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථානුකූල නොවන බව පවසමින් දේශපාලන පක්ෂ හයක් , මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකු හා සිවිල් සංවිධන කිහිපයක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 කට එරෙහිව අතරමැදි පෙත්සම්කරුවන් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා ගොනු කරනු ලැබූහ.
මෙලෙස විරෝධතා ගොනු කරනු ලැබුවේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් ගොනු කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නායක මහාචාර්ය ජී.ඇල්.පීරිස් , අමාත්‍ය උදය ගම්මන්පිල , ජගත් වැල්ලවත්ත , මහාචාර්ය චන්න ජයසුමන සහ නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත යන මහත්වරුන් විසිනි.
මෙම විරෝධතාවලින් අතරමැදි පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූලව සිදුකර ඇති බවය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය ,සහ දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය යන දේශපාලන පක්ෂයන් ,මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙකු හා සිවිල් සංවිධන කිහිපයක් එක්ව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප‍්‍රභ කරන්නැයි සිය මූලික විරෝධතා වලින් අතරමැදි පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහි තීරණය ගැන තවත් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණයට