IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


’පාර්ලිමේන්තුව විසුරුවිමේ ගැසට්ටුව ඉවත් කරන්න ජනපතිට නීතියෙන් බලය නෑ’

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්‍රතිපාදන සලසා දී නැතැයි නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියාය.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්  බලය ඇත්තේ විසුරුවා හළ පළාත් සභාවක් නැවත කැදවීම සඳහා පමණක් යැයිද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ,ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙන්වා දුන්නාය.

එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබා දිය නොහැකි බැවින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයිද නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියාය.

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද(26) අඛණ්ඩව  හය වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම ඇරඹුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ , සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් සලකා බැලේ.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය අද වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේ  පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම සදහා නීතිමය බාධාවන් නොමැති බව විවිධ නඩු තීන්දු උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි මහ මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බවට තීන්දු කරනු ලැබුවොත් අලුතින් නාම යෝජනා පත්‍ර කැඳවීමට පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ප්‍රතිපාදන සලසා නොමැති බව ද ඇය පෙන්වා දුන්නේය.



අදහස් (19)

’පාර්ලිමේන්තුව විසුරුවිමේ ගැසට්ටුව ඉවත් කරන්න ජනපතිට නීතියෙන් බලය නෑ’

Bamunuarachchi Tuesday, 26 May 2020 09:20 AM

මියගිය වළදමා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්න එපා. එය කොරෝනා වැළඳී මියගිය මළ කඳක් ගෙදර නැවත ගෙනාවා වගේ සිටියි.

:       668       1218

දොළුකන්දTuesday, 26 May 2020 01:31 PM

හැබැයි ඒ මළමිනීවලට පණ දෙන්න ඔයාලා ගිහින් පෝලිමේ ඡන්දෙ දෙයි... අනේ යන්න...

:       37       430

BamunuarachchiThursday, 28 May 2020 06:29 AM

අපි ඡන්දෙ දෙනවද මළගිය ප්‍රාණ කාරයින්ට? එකට ගොඩ ගහල පුච්චන්න බලාගෙන ඉන්න සීත කාලේ එනකල්. ඒ රස්නෙන් ගිනි තපින්න..

:       0       0

ranaWednesday, 27 May 2020 04:30 AM

හා.. හා.. අප්පච්චි සහ සමාගමට නින්ද කරන්න එපා !

:       20       3

dev Tuesday, 26 May 2020 09:37 AM

NGO JVP UNP සල්ලි...

:       1059       867

Prabha Tuesday, 26 May 2020 09:48 AM

පාර්ලිමේන්තුව නැවත කැඳෙව්වොත් පහුවුණු මාස කීපයේ පින්පඩිත් දෙනවද?

:       0       56

gamage Tuesday, 26 May 2020 10:25 AM

සයින්දමුරුදු නගර සභාවක් කරන්න දාපු ගැසට්ටුව නම් නැවත අවලංගු කරා වගේ මතකයි...

:       36       156

මුණසිංහ Tuesday, 26 May 2020 10:58 AM

දැන් පේනවා නේද එකඑකාට ඕනෑ විදියට පැලැස්තර දාලා ව්‍යවස්ථාව එහෙම පිටින්ම අච්චාරුවක් කරලා කියලා.

:       19       116

de silva Tuesday, 26 May 2020 11:18 AM

ජනපතිට බලේ නැතිනම් අධිකරණය විසින් එ්ක කරන්න...

:       212       235

Raveendra Tuesday, 26 May 2020 11:31 AM

කාලකන්නි 225 චිරාත් කාලයක් පිනට කාලා පුරුදුවෙලා ඉඳලා දැන් දියවන්නා පට්ටියට යන්න බැරිව මරලතෝනි දෙනවා නොවේද? පක්ෂභේදයකින් තොරව මෙය නොවේද යතාර්ථය? මේ අය මේ පොරකන්නේ මහජනතාවට අවංකවම සේවය කිරීමට නම් මේ අවස්ථාවේ නිකං කකාබිබී පට්ටියේ කාලය ගතකරන එකද කළයුත්තේ? ගෙදරට වෙලා ඉන්න එකද?, යන්න අප මෙම 225න්ම ඍජුවම විමසන්නෙමු. එකෙකුට හෝ මෙම පැනයට පිළිතුරු දියහැකි නම් දියව්...!!!

:       10       1087

විජිත් Tuesday, 26 May 2020 03:49 PM

රවින්ද්‍ර මල්ලි, ඔයාගේ සටහන කියවලා තේරුම්ගන්නවත්, පිළිතුරු ලියන්නවත් ...දියවන්නාවේ ඉන්න අයට දැනුමක්, තේරුමක් නැහැ. මේ මිනිස් ලේ බොන අය කවදාවත් පාසල් ගිහින් නැහැ. දියවන්නාවට එන්න කලින්... ඔය කට්ටිය හොරපොල් කඩන්න ගස් බඩගාපු හොරු...

:       0       0

මහේන්ද්‍රාණිWednesday, 27 May 2020 02:08 AM

රවීන්ද්‍ර 225 අතරේ ඔබෙත් මගෙත් කැමැත්තට තේරුණු අයත් ඉන්නවා. එහෙම තියෙද්දී 225ට කාලකන්ණි කියනවිට ඔවුන් තේරූ ඔබත් කාලකන්නියෙක් වෙනවා නේද? ලොක්කන් උඩබලාගෙන කෙල ගහන්න එපා.... මෙය ඔබ ඔබටම අපහාස කිරීමක්...

:       2       19

Ruwan Tuesday, 26 May 2020 12:00 PM

තිබුණු එකයි, එන්න තියෙන එකයි අතර වැඩි වෙනසක් නෑ. ඒක නිසා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට තිබුණු එක ගෙනාවට කමක් නෑ... හැබැයි රට ගැන හිතුවොත් ඔය දෙකෙන්ම වැඩක් වෙන්නේ නෑ...

:       131       259

Champa Tuesday, 26 May 2020 01:00 PM

2019 ජනාධිපතිවරණයේදී ජනතාව යහපාලනය වල දැම්මා. නමුත් බොහෝ දෙනෙක් පටලවා ගත්ත දෙයක් තියෙනවා. ජනතාව වල දැම්මේ යූඑන්පී ආණ්ඩුව මිසක් පාර්ලිමේන්තුව නෙමෙයි. පාර්ලිමේන්තුව පරණයි තමයි. අවුරුදු 187ක්ම පරණයි. මණ්ඩල දෙකක මුල්ම ව්‍යවස්ථාදායකය පිහිටෙව්වේ 1833. මුලින් සුද්දෝ විතරයි පස්සේ ලංකාවේ මිනිස්සුන්වත් ගත්තා. ඊට පස්සේ 1947. ඊට පස්සේ 1972 ... අපේ පාර්ලිමේන්තුව ලෝකයේ පැරණිම පාර්ලිමේන්තුවක්. පාර්ලිමේන්තුව පිළුණු වෙමින් ගඳ ගහන්න පටන් ගත්තේ 1989 ඉඳන්. යූඑන්පී එක ගෙන විවෘත ආර්ථිකය පාර්ලිමේන්තුවත් ආක්‍රමණය කරපු නිසා. දැන්නම් කියලා වැඩක් නැහැ. මට කියන්න ඕනේ වුනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතා පරමාධිපත්‍යය, ජනතාවගේ මූලික අයිතිවාසිකම්, ජනතා අවශ්‍යතා සපුරන සිවිල් පරිපාලනය.... කොටින්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාව මිසක් 225 නෙමෙයි. ඒ හින්දා, ව්‍යවස්ථාදායකය සම්බන්ධ ප්‍රශ්නයකදී, විධායකයටත් බලයක් නැත්නම් අධිකරණය තීන්දුවක් දෙන්න ඕනේ. ජනතා පරමාධිපත්‍යය තියෙන්නේ ව්‍යවස්ථාදායකයටත් ඉහළින්. පාර්ලිමේන්තුව කියන්නේ ඔළුගෙඩි 225ක් නෙමෙයි. ඔළුගෙඩි එනවා යනවා. නමුත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතිනවා. පැවතිය යුතුයි...

:       44       660

කනිෂ්ක Tuesday, 26 May 2020 01:32 PM

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉවත් කර ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව නම් ඉතා සරල තර්කයක්.... එය දැනදැනම මෙවන් පෙත්සම් ඉදිරිපත් කරමින්, කොරෝනාවලින් හෝ ගොඩයාමට උත්සාහ කිරීමද කාලය කා දැමීමක්... දැන් අවශ්‍ය මහ මැතිවරණයක්... නව රජයක්...

:       256       41

karuTuesday, 26 May 2020 02:23 PM

ඔව් ,අලුත් ආණ්ඩුවක්...!!! කබරයින්ගෙන් තොර රටක්...

:       0       0

ධනුෂ්ක Wednesday, 27 May 2020 01:52 PM

කණිෂ්ක, මට ටිකක් පැහැදිලි කරනවද ව්‍යවස්ථාවේ 70(2), 70(3), 70(4),70(5),70(6),70(7) කියන වගන්ති ටික කියවලා ඔබ සරලයි කියන දේ...

:       0       0

Deepal Nirosh Wednesday, 27 May 2020 03:26 AM

අළුත් තත්ත්වය අනුව සෞඛ්‍යාරක්ෂිතව පාර්ලිමේන්තුවේ අසුන් ගන්වන්න පුළුවන් මන්ත්‍රීවරු 125යි. අන්න ඒ් ප්‍රමාණයට පමණක් නව පාර්ලිමේන්තුවක් පත්කර ගමු. අපේ රටට ඒ් හොඳටම ප්‍රමාණවත්.

:       0       0

සාරා Wednesday, 27 May 2020 04:23 AM

ඔබගේ ස්මාර්ට් ෆෝන් එකේ එකම තැනට, ලයික් හෝ ඩිස්ලයික් වෙනුවෙන් කෙටීම, ෆෝන් එකේ පැවත්මට එතරම් ගුණදායක නැත. ඒ ගැනත් සිතන්න.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1041 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 579 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 684 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 346 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1554 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 461 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 884 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 549 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site