IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


පැරාලිම්පික් විරුවෝ අගමැති හමුවෙති

(සුජිත් හේවාජුලිගේ)

ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබමින් මාතෘ භූමිය රනින් සැරසූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද (8) හමුවූහ.

පැරාලිම්පික් තරගාවලියේදී ලබාගත් මෙම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළට ඔසවන්නක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ක්‍රීඩකයන්ට සුභ පැතුම් පිරිනමමින් මෙහිදී දැනුම් දුන්නේය.

ඉතිහාසය අලුතින් ලියා තැබූ මෙම ජයග්‍රහණවලට මග පෙන්වූ පුහුණුකරුවන්, නිලධාරින් ඇතුළු සියලු දෙනාට සිය ප්‍රණාමය පුද කරන බව සඳහන් කළ අගමැතිවරයා ක්‍රීඩා ජයග්‍රහණ හිමිකර දෙමින් රටට අභිමානයක් එක් කිරීමට කැපවන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට රජය පියවර ගන්නා බවද අවධාරණය කළේය.

දිනේෂ් ප්‍රියන්ත හේරත් ජපානයේ ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 67.79ක දුරක් හෙල්ලය විසිකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත්තේය.

සමිත දුලාන් කොඩිතුවක්කු එම තරගාවලියේම හෙල්ල විසිකිරීමේ වෙනත් අංශයකින් ලෝකඩ පදක්කම දිනා ගත්තේ මීටර් 65.61ක දුරක් හෙල්ලය විසි කරමිනි.

ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු රජය ලබා දෙන සහයෝගයට සිය ප්‍රණාමය පුදකරන බව මෙහිදී පැරාලිම්පික් පදක්කම් දිනූ දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් ක්‍රීඩකයෝ අග්‍රාමාත්‍යතුමාට පැවසූහ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙරට ක්‍රීඩාව සැළැස්මකට අනුව දියුණු කිරීමට පියවර ගනු ඇතැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත්, ලේකම් බන්දුල බණ්ඩාර, හෙල්ල විසිකිරීමේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 



අදහස් (0)

පැරාලිම්පික් විරුවෝ අගමැති හමුවෙති

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 728 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 592 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


නව පාර්ලිමේන්තුව 21 රැස් වේ
2024 නොවැම්බර් මස 12 260 0

දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී


ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි
2024 නොවැම්බර් මස 12 217 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි


ඇහිලූ මුදල් අයිතිකරුටම දෙයි
2024 නොවැම්බර් මස 12 31 0

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි


ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක්
2024 නොවැම්බර් මස 12 59 0

පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 168 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1587 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site