IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පුරාවිද්‍යා භූමියේ සී සාලා

(උපුල් හේරත්)

ක්‍රිස්තු පූර්ව 238දී ඉදි කළ බව කියන මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය එහි විහාරාධිපති හිමියන්  ට්‍රැක්ටර් දෙකක් යොදවා සී සෑමක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවට ගම්මාන තුනක වැසියෝ  එම විහාරස්ථානය වැටලූහ .

මෙම සිද්ධියෙන් පසු අප කළ සංචාරයේ දී දැක ගැනීමට හැකි වූයේ ට්‍රැක්ටර් දෙකක් යොදවා පුරාවිද්‍යා ස්මාරක ඇති භූමිය සී -සා ඇති බවයි. එසේම එම සිද්ධියට විරුද්ධ වූ පොතාන,සුරැක් කුලම ,ගල් මඩුව යන ගම්මානවල වැසියෝ ද එම විහාරස්ථානයේ වැටලීම සඳහා පැමිණ සිටියහ.

මේ සිද්ධිය පිළිබඳව ඓතිහාසික මිහින්තලය සුළුගුළු විහාරයේ විහාරාධිපති අනුරාධපුර ධම්මාරාම හිමියෝ මෙසේ පැවැසුහ.

මෙම විහාරස්ථානයට කිසිදු ආදායම් මාර්ගයක් නැහැ .ඒ නිසා මම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ගෙන් කළ ඉල්ලීමකට අනුව ගොවිතැන් කිරීම සඳහා වාචික අවසරයක් ලබා දුන් බවයි.

මිහින්තලේ පුරා විද්‍යා කලාපයේ බාර නිලධාරි මංජුල රස්නායක මහතා සමග දුරකථනයෙන් කළ විමසීමකදී කියා සිටියේ ඓතිහාසික සුළුගුළු විහාරයට අක්කර එකසිය තිස්අටක භූමියක් එදා තිබුණ.අද වන විට අක්කර පනස් දෙකකට සීමාවෙලා.

ඓතිහාසික වටිනාකමකින් යුත් ගල් මඩුවක් සහිත පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් තිබෙන එම භූමියේ සිදුවූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ අවුරුදු තිහක් පමණ හේන් ගොවිතැන් කළ එම පිරිසත් ,අවසානයේ විහාරය ආසන්නයේ සි සැමක් සිදු කළා යැයි කියන විහාරාධිපති හිමියනුත් වරදක් සිදු කර තිබේ නම් අත්අඩංගුවට ගත යුතුයි.

 

 



අදහස් (9)

පුරාවිද්‍යා භූමියේ සී සාලා

Lalith M Monday, 18 October 2021 07:08 AM

පන්සල්වල කරන කියන දේට දායකයෝ නිහඬව සිටීම තමා බුද්ධාගම පිරිහීමේ මුල.

:       35       13

චන්දන Monday, 18 October 2021 07:10 AM

වැටලීමට සම්බන්ධ වුන ගම්වාසීන් ට පැහැදිලි කරන්න පුළුවන් ද අක්කර 138ක භූමිය 50ට බැස්සේ කොහොම ද කියලා. තමා හරියට ඉඳල හාමුදුරුවන් ට උගන්නන්න යන්න. එහෙමනම් අහිමි වූ එම භුමිය නැවත විහාරයට ගන්න.

:       5       43

WCA Monday, 18 October 2021 08:14 AM

2500 ඉතිහාසය, පුරාණ කියලා කෑගැහුවට වැඩක් නෑ ඕවා පරිස්සම් කරන හාමුදුරුවෝ බලාගන්නේ නැත්නම්.

:       26       38

Janaka from Matara Monday, 18 October 2021 11:17 AM

හෙල උරුමය පරිස්සං කරන්න කැක්කුමක් තියෙනව නං රුවංවැලි සෑය කැලෑවට ගිහිං තිබුනෙ කොහොමද​?

:       44       7

SureshMonday, 18 October 2021 01:50 PM

එක දවසේ වෙල්ලස්සේ මිනිස්සු ලක්ෂයක් මැරුවා දන්නවද දන්නේ නෑ. එහෙම තමා සුද්දා බුදු දහමට සැලකුවේ. එහෙම කළාම මිනිස්සු බලන්නේ ඉස්සෙල්ලම ජීවිතේ බේරා ගන්න...

:       3       44

Janaka from MataraMonday, 18 October 2021 02:30 PM

තකහනි වුණාම අමුඩේවත් හරියට ගහගන්න බැහැ නොවැ. ලක්ෂයක් මැරුනේ නෑ එකදවසින්. හැබැයි ලක්ෂ 05ක් විතර මැරුණා.. ඒ ව්‍යාපෘතියෙන්... ඉතිං ඒකයි, මහ සෑයවල් ටික වල් අලින්ට බාර දීපු එකෙයි සම්බන්ධය මොකක්ද​?

:       17       0

fairoos Monday, 18 October 2021 12:36 PM

කෝ අපේ රට රකින සෙට් එක ?අනිත් ආගම් වල අය කරනකොට දේශප්‍රේමය ගලා යනවා

:       34       11

කමල් Monday, 18 October 2021 01:13 PM

ලවුඩ්ස්පීකර්වලින් අවට මහජනතාවට හිරිහැර නොකරන පන්සලක් හොයාගැනීම දැන් දුර්ලභ කාරණාවක්..

:       20       3

උපාසක ( ඔරිජිනල් ) Monday, 18 October 2021 01:31 PM

මෙහෙම දේවල් හුඟක් වෙන්නේ දායක සභාවේ පොදු එකඟත්වයක් නොමැතිවයි. විහාර හා දේවාලගම් පණත අනුව විහාරාධිපති ස්වාමීන් වහන්සේ තම අභිමතය පරිදි මෙවැනි දේ කරන්න බැහැ. මෙවැනි කටයුතු ගැන ගිහියන් විමසුවොත් ලැබෙන්නේ පුදුම සහගත පිළිතුරු තමයි.

:       17       2

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 878 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 216 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1787 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 204 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 503 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2430 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site