IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ප්‍රවාහන සංගම් 12ක සහාය ජනපතිට

(අංජුල මහික වීරරත්න)

පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු සංගම් ප්‍රධානීහු හා නියෝජිතයෝ   කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වී ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වෙත සිය පුර්ණ සහාය පළ කරන බව ප්‍රකාශ කළහ.

නැවත ඉන්ධන පෝලිම් තමන්ට අවශ්‍ය නොවන බව මෙහිදී පෙන්වා දුන් ප්‍රවාහන සංගම් නියෝජිත පිරිස ඉන්ධන හිඟය හමුවේ තම ප්‍රවාහන කටයුතු පවත්වාගත නොහැකිව මුහුණදුන් අසීරුතා අමතක නොමැති බවද සඳහන් කළහ.

රටේ කඩා වැටි තිබු ආර්ථිකය ගොඩගැනීමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ අගය කළ ප්‍රවාහන සංගම් නියෝජිතයන් රට ඉදිරියට ගෙන යමින් ජනතාවට ජිවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දිය හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවද පෙන්වා දුන්නේය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය, බහලුම් ප්‍රවාහන සංගමය, කාර්යාල ප්‍රවාහන සංගමය, සමස්ත ලංකා රියදුරු වෘත්තීය සමිතිය, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව යන සංගම්වල ප්‍රධානීහු සහ නියෝජිතයෝ  ජනාධිපතිවරයා හමු වී සහාය පළ කළහ.  



අදහස් (13)

ප්‍රවාහන සංගම් 12ක සහාය ජනපතිට

Suresh Raji Sunday, 25 August 2024 12:02 PM

මේක තමයි ඇත්ත... නමුත් අපේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බෑ..

:       21       40

sukitha Sunday, 25 August 2024 12:04 PM

ගාස්තු වැඩි කරන අය බදු වැඩි කරන අය එක්ක නැතුව වෙන කවුරු එක්ක එකතු වෙන්නද?

:       38       26

Buddika Sunday, 25 August 2024 03:19 PM

මෙතන රනිල්ට තියෙන්නේ පැහැදිලිවම ඡන්ද 12ක්. ඒ හැර වෙන එකක්වත් නෑ. ඒකයි යථාර්තය. මිසිස්සුන්ට කතකරන්න නොදන්න, ඉතුරු මුදල් නොදී හොරකම් කරන ගැන මිනිස්සු ඉන්නේ කේන්තියෙන්..!

:       26       28

සෙනෙවිරත්න Sunday, 25 August 2024 03:24 PM

රටටම එපා වෙච්චි අපතයින් හැර රනිල්, සජිත් සරණ යන්නෝ වෙන කවුරුද?

:       28       24

Achini Sunday, 25 August 2024 03:33 PM

ගැමුණු කවදත් හිටියේ UNP එක්ක තමයි, බලන්න ගිය ඡන්දවල...

:       26       28

Chandima Sunday, 25 August 2024 03:42 PM

වැඩේ ටිකක් තේරුණා මදි. දැන් මේ කියන්නේ බස් අයිතිකාරයෝ රනිල්ට සහාය දෙනවා කියලාද? නැතිනම් අයිතිකාරයෝයි, රියැදුරයි, කොන්දොස්තරයි සහාය දක්වනවා කියලාද? එහෙමත් නැතිනම් බස් මගීනුත් සහාය දක්වනවා කියලාද?

:       14       16

Vithana Sunday, 25 August 2024 04:23 PM

බස් ගෙන්වපු අයට එකතු වෙනවා මිසක් බස් ගිනි තියපු අයට එකතු වෙන්නයෑ...

:       15       6

Dharmatileke Sunday, 25 August 2024 05:17 PM

බස් ගැමුණුගේ ඡන්දය රනිල්ට, එච්චරයි... අනිත් එකොළහ සජිත්ට හා අනුරට...

:       5       18

ගමේ එකාලා Sunday, 25 August 2024 05:27 PM

බස් ගැමුණුගේ කෙරුවාවල් ගැන දන්නෝ හොඳාකාරවම දනිති. එහෙම කෙනෙක් රනිල්ට එකතු වෙන එක පුදුමයක් නොවෙයි...

:       5       17

Niranga Sunday, 25 August 2024 07:15 PM

බස් ගාස්තු සාධාරණව අඩු වෙන්නේ නැත්තේ මේ නිසා තමයි එහෙනම්...

:       3       15

Perera Monday, 26 August 2024 07:49 AM

ඔව් ඉතින් ඔකුන්ගේ බස් වලින්නේ මුගේ රැස්වීම් වලට සෙනග අදින්නේ

:       1       3

Nimal Monday, 26 August 2024 09:33 AM

ඔය ඔක්කොම යාළුවෝ මල්ලි

:       1       4

Bunny Preena Monday, 26 August 2024 10:31 AM

ඔව් ඉතින් එන්පිපි ආවොත් උඹලාට පොල් පටවලා වගේ මිනිස්සු පටවන්න හම්බ වෙන්නේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 10 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3302 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2467 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3059 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5888 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18712 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site