(ටී.කේ.ජී.කපිල)
ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් බෑගයක් තුළ රිවෝල්වරයකට සහ පිස්තෝලයකට සමාන අවි දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය .
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි මෙම 65 හැවිරිදි ගුවන් මගියා ප්‍රංශයේ පැරිස් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු රැගෙන ආ ගමන් මල්ලක් වැරදීමකින් වෙනත් ගුවන් මගියකු රැගෙන ගොස් තිබූ අතර පසුව එම මගියා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් , ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙන් සොයා ගෙන , අවශ්‍ය නිවැරැදි කිරීම සිදු කර තිබේ.
පසුව එම ගමන් මල්ල ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පරිලෝකන යන්ත්‍රයක් (Scan Test ) මගින් නිරීක්ෂණය කිරීමේදී , එය තුළ පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබෙන බව හදුනා ගෙන තිබේ .
ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම ගුවන් මගියා සහ මෙම අවි සහිත ගමන් මල්ල අත් අඩංගුවට ගෙන තිබේ .
පොලීසිය වෙත රැගෙන ගිය මෙම අවි වැඩිදුර නිරීක්ෂණය කිරීමේදී මේවා ප්ලාස්ටික් වලින් නිෂ්පාදන කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම ගුවන් මගියා ඇප මත නිදහස් කර යවා තිබේ .
මෙම අවි දෙක දුඹුරු සහ නිකල් පැහැයෙන් යුතු අතර ඒවා ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කර තිබේ . ඒවා මත (Idial Dum) ලෙස සදහන් කර තිබේ .
මෙම අවි දෙක පිළිබඳව වැඩිදුර විමර්ශනය කර වාර්තාවක් ලබා ගැනීම සදහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කර තිබේ .
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රංශයේ සිට ආ මගියාගේ මල්ලේ සෙල්ලම් අවි දෙකක්