IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධානය ලංකාවට කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

දශක ගණනාවක් පුරාවට බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට අත්වූ ඉරණම හෝ ඔවුන් සිටින ස්ථානය අනාවරණය කිරීමටත් හෙළි කිරීමටත් ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි එම වාර්තාවේ දැක්වේ.

එසේම එම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන්ට වගවීම ලබා දීම සඳහාද ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතු යැයිද එම වාර්තාවේ සඳහන් වේ.

එලෙස බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන් කිසිදිනෙක අමතක නොකළ හැකි බව මෙම වාර්තාවෙන් නැවත මතක් කර ගෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමීපතමයන් අතුරුදන් වූ පුද්ගලයන් නැවත පැමිණෙනතුරු දීර්ඝ කාලයක් සිට බලා සිටින බවත් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට පවුල්වල සාමාජිකයන්ට සහ සමීපතමයන්ට අයිතියක් තිබෙන බවත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

 



අදහස් (23)

ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධානය ලංකාවට කියයි

aruna Friday, 17 May 2024 11:12 PM

තමන්ගේ ඇහේ පොල් පරාල ‌පෙනෙන්නේ නැති හැටි...!

:       2       46

SAM Friday, 17 May 2024 11:18 PM

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ නම් සමානවම LTTE කුඩා දරුවන් සහ ඔවුන් සිදුකළ විනාශයන් සම්බන්ධව සිටි සහ ද්‍රවිඩ ප්‍රජාව දශක ගණනාවක් රැවටූ ද්‍රවිඩ දේශපාලන පක්ෂ සියලු දෙනාද සිදුකළ යුතුවේ. මේ සියල්ල සිදුවූයේ ලංකාවේ පවතින ජාතිවාදී, ආගම්වාදී බලලෝභී දේශපාලනය නිසාවෙනි. එමනිසා මේ සඳහා ලංකාවේ විදේශ තානාපති අංශ විසින් ඔවුන්ටද අවස්ථාවක් ලබාදිය යුතුවේ...!

:       1       16

PC PereraMonday, 20 May 2024 07:46 AM

දෙමළ කොටි ත්‍රස්ථවාදීන් මෙ රටෙ අහිංසක ජනතාව ගම්, බස්, කොච්චි පිටින්,පන්සල් ගිය අය,බඩූ ගන්න ගිය , පාසල් ළමයින් කි දෙනෙක් මරා දැමුවාද. ඉලගට අතුරුදහන් වුනයි කියන ඔය අය LTTE අරන් ගියා, සමහරක් පැනලා ගියා පිට රට වලට.LTTE ගිය අය මැරුනා,රට බෙදන්න ආපු ත්‍රස්තවාදීන් අන්තිම කාලයේදී LTTE එකෙන් පැනලා ඉන්දියාවට ගියා.ඉලගට රට බෙදන්න ආපු ත්‍රස්තවාදීන් මැරුනාම සරන් කමිස අන්දවලා ගෙවල් ලගට ගිහින් දැම්මා.අතපය කැඩිච්ච අය හා ගොඩක්ම තුවාල වෙච්ච අය LTTE එකෙන් ම මරා දැමුවා,අදටත් ගිහින් බලන්න උතුරු, නැගෙනහිර අබාධිත අය නැ හරිම අඩුයි.ඉන්න කිප දෙනත් ඉන්නේ රජයේ න් කරන Restoration center වෙලා, සුමන්තිරන්, රාසමාන්‍යක්ම්ලා වත් එන්නේ නැ බලන්න. දෙමළ අයට රටක් තියෙනවා කැලි ඕනෙනම් එහෙට යන්න පුලුවන්. මෙ අය අවෙ ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉදලා.මෙහෙ ඉන්න පුලුවන් හැබයි කැලි නැ. ඉලගට UNA නටන්නේ USA. කැනඩාව,UK කියන විදියට මෙ අයට පලස්තිනයෙ අහිංසක ජනතාව මරාදානවා අතුරුදහන් කරනවා UNA එක කතා කරනවද?

:       0       0

Kule Friday, 17 May 2024 11:39 PM

කොටි බලහත්කාරයෙන් අරන්ගිය අය ගැනයි, යුද්ධයට කැමැත්තෙන් ගිය අයයි, විස්තර සම්බන්ධයෙන් සුමන්තිරන් සුසන්යෝගයෙන් දැනගන්න පුළුවන් රටින් හොරෙන් පැනලා ගිහින් බලවත් රටවල දේශපාලන රැකවරණ ගැනත් ඒ රටවලින් හොයාගන්න පුළුවන්... අපිට පවු නොදී.

:       1       20

රුවන් Saturday, 18 May 2024 01:02 AM

මානව හිමිකම් එකට කියන්න එපාද ?

:       0       10

alwis Saturday, 18 May 2024 02:53 AM

ඔයිට කලින් මිනිසුන් දහස් ගණන් මරණ ඊශ්‍රායෙල් වලට කිව්වා නම් නේද හොඳ පලස්‌තීනයෙන් සමාව ගන්න කියලා...

:       0       29

ජගත් Saturday, 18 May 2024 03:07 AM

ගාසා තීරයේ පලස්තීන ජනතාවට වෙන දෙයම වෙන්න ඇතැයි කියා සිතන ලෙසට ඥාතීන් දැනුවත් කළා නම් වඩාත්ම යෝග්‍ය වේ...

:       0       36

චතුරි Saturday, 18 May 2024 03:36 AM

මොවුන්ට සමාව ගන්න කියන්න එපා. ඒ අසරණයින් වෙනුවෙන්. මොවුන්ව එල්ලා මරන්න. සහෝදරයෝ බේබිලාව, ප්‍රධාන මිනීමරුවෝ... මොවුන්ට කිසිම සමාවක් ගන්න කියන්න එපා...

:       35       0

SL Saturday, 18 May 2024 04:46 AM

ඒකත් එක්කම පලස්තීනේ පැත්තට ඇහැ දාලා පොඩ්ඩක් එන්නකෝ...!

:       0       25

Chathu Saturday, 18 May 2024 05:33 AM

ඔය රටවල් වලට සරණාගත වීසා අරගෙන ඉන්න ලිස්ට් එක දුන්නා නම් අතුරුදන් වුණු ගාණ හරියටම කියන්න පුළුවන්. මතකනේ ස්විට්සර්ලන්තය මැදිහත් වුණ ගානියා බැලස්ටර් කතන්දර මාලාව.

:       0       38

ලුම්බිණි Saturday, 18 May 2024 06:12 AM

හොඳ තීරණයක්.

:       51       7

Nimal Saturday, 18 May 2024 07:10 AM

ප්‍රසිද්ධියේ සමාව ගත්විට සියලු දොස් නිදොස් වෙනවද? මේ දශක කිහිපය තුළ මිලිටරි කණ්ඩායම් වල හිතුවක්කාර ක්‍රියා නිසා නිරපරාදේ මිය ගිය අය දසදහස් ගණනක්.

:       42       9

Nishan Saturday, 18 May 2024 07:24 AM

උතුරේ මැරුණත්, දකුණේ මැරුණත් ඒ ලාංකිකයෙක් පමණයි. යුද්ධයේ අමිහිරි පැත්ත තමයි මේ. ආබාධිත රණවිරුවන් 17000 ක් දිහා බලනකොට දිනපු කෙනෙකුත් නෑ කියලා හිතෙනවා. ඒත් වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති උන්මත්තකයා යුද්දෙන් මෙහා විසඳුමක් බලාපොරොත්තු නොවුණු නිසා ඉතා අමිහිරි ඛේදවාචකවලට අපට මුහුණ දෙන්න සිද්ධවුණා.. දශක තුනක්ම... එයින් ඉතා වටිනා ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත දහස් ගණනක් විනාශ වෙලා රටේ ආර්ථිකය නැත්තටම නැති වෙලා ගියා. යුද්ධයක් නොතිබුණා නම් ජීවිත විනාශ වෙන්නෙත් නෑ රටේ ආර්ථිකය විනාශ වෙන්නෙත් නෑ. මේ වගේ සමාවල් ඉල්ලන්න ඕන වෙන්නෙත් නෑ.

:       0       57

Ajantha Saturday, 18 May 2024 07:36 AM

අනේ බම්බු ගහගන්න. අපියි දන්නේ අපේ රටේ වුණ දේවල්...

:       2       47

පාඨකයෙක් Saturday, 18 May 2024 07:48 AM

එතකොට අර පෘතුගාලයෙන් ඇවිල්ලා ලංකාවේ අන්‍ය ලබ්ධිකයින්ට කඩුව පෙන්නලා මානව දයාවෙන් සලකපු සිද්ධි...? මාතලේ කැරැල්ලෙන් පස්සේ ඉංග්‍රීසි සොල්දාදුවෝ ඒ ගම්වල හිටපු කොල්ලෝ කුරුට්ටෝ පවා ඉතුරු නොකර පිරිමි උදවිය මරලා, ගෙවල් ගිනි තියලා, වගාවන් විනාශ කරලා, කරපු වින්නැහිය? ලංකාවේ අපට "එලෙස බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන් කිසිදිනෙක අමතක නොකළ හැකි බව" මතක් කරලා දෙන්න හැබෑටම කවුරුවත් නැද්ද?...

:       1       59

පැරකුම්Saturday, 18 May 2024 10:55 AM

අපට ඉස්සෙල්ලා ඔය බටහිර බලවතුන්යැ කියාගන්න අයට සමාව ගන්න නොකියන්නේ මොකද? බයද?

:       2       44

Banda Saturday, 18 May 2024 08:13 AM

බයියෝ රෑන කෝ? මේකටත් 88/89 ගාගෙන වරෙල්ලා...

:       47       7

අමාSaturday, 18 May 2024 10:23 AM

කොළඹ, ගිහිල්ලා වගේ...!

:       24       7

Alfread Saturday, 18 May 2024 09:28 AM

සමාව ගන්න ඉස්සෙල්ලා ස්විට්සර්ලන්තයයි, ජර්මනියයි, කැනඩාවයි ඉන්න දෙමළ මිනිස්සුන්ගේ නාම ලේඛනයක් ගන්න. ඊට පස්සේ ඔය අතුරුදන් සෙට් එකේ නම් ටික අර ලිස්ට් එකෙන් කපන්න. අන්තිමට ඉතුරු වෙයි නම් 10ක් විතර. නිකන් ආච්චිට හාල් ගරන්නේ නැතුව ඔය කතාව ඊශ්‍රාලයට කියලා බලන්න..

:       1       76

චන්දිම Saturday, 18 May 2024 05:03 PM

අපි සමාව ගන්න ඉස්සෙල්ලා ඔය මානව හිමිකම් කට්ටිය ගාසා තිරයේ ළමයි කාන්තාවන් රෝගීන් ඇතුළු සියලු මිනිසුන් ඇස පනාපිට බුරුතු පිටින් මරද්දී කිසිම කතාවක් නැතුව වගේ වගක් නැතුව ඉන්න ඒක ගැන අපට කරුණු පැහැදිලි කල යුතුයි. ඒ මරා දාන මිනිස්සු ගැන ඔය ජිනීවා මානව හිමිකම් වලට වගේ වගක් වත් නැහැ වගේ. ඇයි එහෙම කරන්නේ කියලා නොකිව්වොත් ඔයගොල්ලෝ කියන දේවල් එච්චර ගණන් ගන්නැ ඕනි නැහැ. මෙච්චර කල් හිටියා වගේ ඔහේ ඇදි ඇදී යන්න ඇරලා නිකම් ඉන්නවා. ඊශ්‍රායලයට මොවත් කරන්නේ නැත්නම් අපි මොකටද නහින්නේ සමාවක් ගන්න.

:       0       20

ජයනාත් Saturday, 18 May 2024 05:41 PM

ගිහිල්ලා බලාපල්ලා ගාසා තීරය. ඊශ්‍රායලයට කියපල්ලකෝ පුළුවන් නම් ඕවා... වලිගේ අස්සේ ගහගෙන ඔළුව නවාගෙන ඉන්න ලංකාවේ ආණ්ඩුවට හොඳ පාඩමක්...

:       0       20

Vishva Saturday, 18 May 2024 10:06 PM

ඇමරිකාව පිළිකා රෝගීන්ගෙ අත්‍යවශ්‍ය ඖෂධ වලට සම්බාධක දාල ඉරානෙ ඇතුලු අනිත් රටවල විඳින මිනිස්සුන්ට ඔය මානව හිමිකම් අදාල නැද්ද?? තව කොච්චර උදාහරණ තියනවද America and Western alliance කරන ජඩ වැඩ. ඒවට ඔය මානව හිමිකම් අදාල නැද්ද??

:       0       0

ana Sunday, 19 May 2024 08:11 AM

උතුර ඕන නැහැ දකුණේ පොලීසිවලට ගිහින්ආපහු නො ආව කී දෙනෙක් ඉන්නවා ද? මුලු රටම ගත්විට දන ගහලා සමව ගන්න එෟන.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1746 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 15 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1096 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1645 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1152 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site