IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ප්‍රසන්නගේ තීන්දුවට එරෙහිව අභියාචනයක්

(මනෝප්රිය ගුණසේකර)

කොළොන්නාව මීතොටමුල්ල ප්‍ර දේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරුවී අත්හිටවු සිරදඬුවම් සහ දඩ නියම වු හිටපු අමාත්ය ප්‍රසන්න රණතුංග මහතා එම තීන්දුවට සහ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අද (07) අභියාචනයක් ඉදිරිපත් කළේය.

නීතීඥ මේරි ඩික්මන් මහත්මිය මාර්ගයෙන් ඉදිරිපත් කළ එම අභියාචනය අද කොළඹ මහාධිකරණයට බාර දුන්නේය.

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරුවු හිටපු අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වසර 02 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 05ක කාලයකට අතිහිටුවනු ලැබු අතර ඊට අමතරව රුපියල් කෝටි 2 1/2ක දඩයකටද ඔහු යටත් කළේය.

මෙම සිද්ධියේ පැමිණිලිකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමටද විත්තිකාර ප්‍රසන්න රණතුංග මහතාට නියම කළ විනිසුරුවරයා දඩ හා වන්දි මුදල් නොගෙවුවහොත් අමතර වසරක බරපතළ වැඩ සහිත සිරඳඩුවමක්ද ඔහුට නියම කෙරිනි.

වසර 07ක කාලයක් පුරා විභාග කළ මෙම නඩුවේ සාක්කි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ චෝදනා ලැබ සිටි ඔහුගේ බිරිඳ වන ගම්පහ උඩුගම්පොල පදිංචි මොරීන්  ස්ටේලා රණතුංග මහත්මිය සහ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන නරේෂ් කුමාර් ෆාරිස් නමැත්තකු නඩු විභාගයෙන් අනතුරුව විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.



අදහස් (0)

ප්‍රසන්නගේ තීන්දුවට එරෙහිව අභියාචනයක්

ඔබේ අදහස් එවන්න

දියත

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 163 0

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 494 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 903 2

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 57 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 450 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල



වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 20156 24


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18833 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 358 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1817 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site