IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ප්‍රසන්නගෙන් මහින්දට ලියුමක්

(අංජුල මහික වීරරත්න)

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ  පක්ෂය ගැන සිතා ගත් තීරණයක් නොවේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් පවසා ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ලිපියේ මෙසේද සඳහන්ය.

අපගේ මාතෘ භූමිය අද ඉතා තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇත. මේ මොහොතේ රටට ආදරය කරන පුරවැසියෙකු ලෙස අපගේ යුතුකම හා වගකීම වන්නේ රට ගැනත් අප සමඟ හැමදා සිටි අපේ පාක්ෂිකයන් ගැනත් සිතා කටයුතු කිරිමය. 

අතිගරු ජනාධිපතිතුමණි, මගේ දේශපාලන ගුරුවරයා වන්නේ මගේ තාත්තාය. ඉන්පසු මගේ පරමාදර්ශී දේශපාලන චරිතය වන්නේ අන් කවරෙකුවත් නොව ඔබය. 2015 වසරේ දී යහපාලනය පෙන්වා ඔබව පරාජය කළ විට නැවත ඔබතුමා බලයට ගෙන ඒම සඳහා එවකට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යධූරය ද කැපකරමින් ඔබ වෙනුවෙන් පෙනී සිටියේ මගේ හෘද සාක්ෂියට එකඟවය. දශක 03 ක කුරිරු ත්‍රස්තවාදී යුද්ධයෙන් රට ගලවාගෙන රට එක්සේසත් කළ ඔබතුමා කෙරෙහි තිබූ ගෞරවයත්, ඔබ තුළ රටට හා ජනතාවට තිබූ ආදරයත් මා ඒ සදහා පෙළඹවූ බව අදත් සිහිපත් කරමි. එදා මෙන් අදද , අද මෙන් හෙටද ඔබ කෙරෙහි වන ගෞරවය හෝ ආදරයේ කිසිදු වෙනසක් නැත. 

2015 දී ඔබ වෙනුවෙන් “ මහින්ද සුළඟ” වේදිකාව තැනුනේ මගේ ද  මූලිකත්වයෙනි. ඔබතුමා නැවත දේශපාලනයට ගෙන ඒමට මූලිකත්වය ගැනීම නිසාම අපටත් අපගේ පාක්ෂිකයන් විවිධ තාඩන පීඩන වලට ලක්වීමට සිදුවූ බව ඔබතුමාටද රහසක් නොවේ.

අතිගරු ජනාධිපතිතුමණි, 2019 දී අප විසින් 69 ලක්ෂයේ ජනතාවගේ ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කර ගත්තද එතුමාට සිය ධූරය අතහැර යාමට සිදු වූයේ ඇයි දැයි මා අලුතින් පැහැදිලි කළ යුතු නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමෙන් පසුව ඒ සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීම සිදුවූයේ ඔබතුමාගේ ද , පක්ෂයේ ද ආශිර්වාදය ඇතිවය. ඒ මොහොතේ ගත යුතු නිවැරදි තීන්දුව අප ගත්තේ කරුණු 02 ක් මත පදනම්වය. එකක් රට තුළ තිබූ ආර්ථික ආර්බුධයයි. දෙවැන්න දේශපාලන අස්ථාවරත්වයයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට තීරණය කළේ ඔබ ඇතුළු පක්ෂ නායකත්වයයි. අප කළේ ඔබ ගත් නිවැරදි තීන්දුවට සහය පළ කීරිමයි. එදා ඔබ ගත් තීරණය හේතුවෙන් අපගේ පාක්ෂිකයන්ගේ ජීවිත හා දේපළ සුරක්ෂිත වූ බව ද සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙනි. ඒ තීරණය ක්‍රියාත්මක කිරීමෙන් රට තුළ පැවැති ආර්ථික අර්බුදය විසඳී රට ආර්ථිකමය වශයෙන් යථා තත්ත්වයට පත්වූ බවද සිහිපත් කරමි.

ගෙවී ගිය වසර දෙක තුළ රට නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකි වූයේ ඔබ අප ප්‍රමුඛ පොහොට්ටුව අතිගරු ජනාධිපතිතුමාට ලබා දුන් සහාය නිසා බව අවිවාධිතය. 

අතිගරු ජනාධිපතිතුමණී, මා හැමවිටම ජනතාව අතර සිට ජනතාව සමඟ දේශපාලනයේ නිරතවන්නෙකි. මට හැමවිටම වැදගත් වන්නේ ජනතාවයි. රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට නම් වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුය යන්න මගේ විශ්වාසයයි. ඔබතුමා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා හා නාමල් රාජපක්ෂ මැතිතුමා හමු වූ සෑම අවස්ථාවකදීම අපේ පාක්ෂිකයන්ද ඇතුළු රට වැසියන් රැක ගැනීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට තවත් කාලයක් ලබා දිය යුතු බව යෝජනා කළේ ඒ නිසාය. පාර්ලිමේන්තුවේදී මා ඇතුළු 30 කට අධික පොහොට්ටුවේ මැති ඇමතිවරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටියේද ඒ නිසාය. 

මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීමකට හෝ අවධානමක් ගැනීමට සුදුසු තත්ත්වයක නොවේ. එවැනි අත්හදා බැලීමකින් රටටත්, ජනතාවටත් කිසිදු ප්‍රගතියක් අත් නොවනු ඇත. ඒ නිසා අපේ යුතුකම හා වගකීම වන්නේ රට වෙනුවෙන් සිතා රනිල් වික්‍රමසිංහ මහතා නැවත රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම බව මගේ විශ්වාසයයි. මගේ ආදරණීය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපේක්ෂාවද එයයි.

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ එය අපේ පක්ෂය ගැන සිතා ගත් තීරණයක් නොවේ. එම තීරණයට මා එකඟ නොවන්නේ මාගේ හෘද සාක්ෂියට එකඟවය. එම තීරණය සඳහා ඔබතුමා පෙළඹවූ බොහෝ දෙනෙකු ඔබතුමා ඒ සඳහා පෙළඹවුයේ ඔබතුමාට හෝ පක්ෂයට ඇති ආදරය නිසා නොවේ.

ඒ නිසා අතිගරු ජනාධිපතිතුමණී, හෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැප වෙමි. 

මා එදා නුගේගොඩ පැවැති මහින්ද සුළඟ වේදිකාවට ඔබතුමා වෙනුවෙන් ගොඩවූයේද ඒ හෘද සාක්ෂියට අනුවමය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත පත් කිරීමෙන් මිස අපගේ පාක්ෂිකයන් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ මට පෙනෙන්නේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා නැවත පත් කර ගැනීමෙන් මිස රට මේ පවතින තත්ත්වයෙන් ඉදිරියට යාමක්ද මට මේ මොහොතේ පෙනෙන්නේ නැත. ඒ නිසා එදා ඔබ වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව ඉදිරිපත් වූ ලෙසම රට ගැන සිතා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙමි.

මා පොහොට්ටුව අත්හැර යන බව හෝ මා එජාපය සරණ යන බව එමඟින් ගම්‍ය නොවන බව අවධාරණය කරමි.

මම තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයෙකි. ඔබතුමා තවමත් මාගේ පරමාදර්ශී නායකයාය. ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.!

 



අදහස් (5)

ප්‍රසන්නගෙන් මහින්දට ලියුමක්

fairoos Wednesday, 31 July 2024 02:56 PM

දැන්නම් අපිට ඔබලා සේරම එකයි...

:       1       21

කම්පහ ගප්පං Wednesday, 31 July 2024 03:49 PM

ඉඳල හිටල ඔය කෝල් එකක් දුන්නාට තවමත් අවංක මනුස්සයෙක්

:       7       9

ගමේ එකාලා Wednesday, 31 July 2024 05:51 PM

මොන ලියුම් යැව්වත් වැඩක් වෙන එකක් නැහැ. පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් ගැන මුලුරටම දන්නවා...

:       0       13

shantha Wednesday, 31 July 2024 07:31 PM

මොවුන් දෙන්නාගේම ඇඳුම්වල චු.. යනවාලු.. මේ ළඟකදී ඉඳලා.. තව තව ඒවා යයි ඡන්දෙන් මාලිමාව ජයග්‍රහණය කළාම....

:       0       0

පරම පවිත්‍ර පරමාදර්ශී Thursday, 01 August 2024 06:18 AM

මහින්ද තවමත් අතිගරු ජනාධිපති වුනේ කොහොමද .ප්‍රසන්න කියනවා ඔහුගේ පරමාදර්ශී නායකයා මහින්ද කියලා මිනිස්සු කියන්නෙ ප්‍රසන්න කප්පම් කාරයා කියලා. එහෙම නම් කප්පම් ගැනීම පරමාදර්ශී නායකගේ අනුමැතිය මත කරන්න ඇති කියලා නේද පැහැදිලි වෙන්නෙ. එහෙම නැත්නම් මිනිස්සු කියනාකාරයට කප්පම් ගත්තා නම් මහින්ද ඒවා නැවැත්වීම නොකලේ ඇයි. ඊළඟට යුද්ධය නැවැත්වීම මහින්දගේම දක්ෂතා නිසා ඇතිවුණේ නැහැ .රනිල්ගෙ උපක්‍රමයක් නිසා නැගෙනහිර කොටි බෙදීයාමත්, ෆොන්සේකා මැතිතුමා හමුදාපති වීමත් යුද්ධය අවසන් කරන්න හේතුවක් වුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1442 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1284 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2033 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2369 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 563 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1130 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35887 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site