IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ප්‍රසන්නගෙනුත් තුන් නිවුන් දරු මවට නිවසක්

(අංජුල මහික වීරරත්න)

 හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි නිවසක තුන් නිවුන් දරු උපතක් ලැබූ  මවට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධ පුවත අද (16) ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළ වූ අතර මාධ්‍යයේ පළ වූ තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍යවරයා  නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතාට  උපදෙස් ලබා දී ඇත්තේ තුන් නිවුන් දරුවන් බිහි කළ මව වන ගිහානි සුපේෂලා කුමාරි මහත්මියගේ පවුල වෙනුවෙන් අදාල නිවස කඩිනමින් ඉදිකරන ලෙසයි.

නිවස ඉදිකිරීම සඳහා අදාළ තොරතුරු ලබාදෙන ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර  දිස්ත්‍රික් කළමනාකරුට උපදෙස් දුන් බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.



අදහස් (14)

ප්‍රසන්නගෙනුත් තුන් නිවුන් දරු මවට නිවසක්

ගමේ එකාලා Thursday, 16 May 2024 03:17 PM

ඇමතියා ලකුණු දාගන්ඩ හැදුවට වැඩක් නැහැ. දැනටමත් ගෙයක් හදාදෙන්ඩ පින්වත් පොඩි හාමුදුරු නමක් ඉදිරිපත් වෙලා ඉන්නේ?

:       0       2

Pankumburage Thursday, 16 May 2024 03:25 PM

හොද කාලෙට ළමයි හම්බ උනේ.

:       0       0

NAMAL Thursday, 16 May 2024 03:33 PM

මේ කප්පම්කාරයා ඌට වාසියක් නැතිව මොනවත් කරන්නේ නෑ , අනිවාරෙන් මේ තුන් නිවුන් දරු මවට නිවසක් දීලා ප්‍රසන්නගෙනුත් තව දරුවෙක් එන්නයි හදන්නේ .

:       147       37

Samson Thursday, 16 May 2024 03:47 PM

කොහොමද ඔහු පොදු ධනය ඔහුට ඕනෑ විදියට පාචිච්චි කරන්නේ

:       104       42

Dharmatileke Thursday, 16 May 2024 04:38 PM

පළමු වතාවට නමට ඔබින සේවයක් කළා. ස්තුතියි...!

:       0       0

viraj ekanayake Thursday, 16 May 2024 04:49 PM

කවුරු වුණාම මොකද අහිංසක පවුලකට ගෙයක් හදලා දෙන්න... නොදකිං මේ වගේ කුහකයෝ...

:       1       2

Hafeel Thursday, 16 May 2024 05:01 PM

මේ කප්පමට කලින් එම ප්‍රදේශයේ වාසය කරන ගරු ස්වාමීන් වහන්සේ නමක්, මෙම ප්‍රවෘත්තිය ආරංචි වුණු විගස ක්ෂණිකව එම නිවසට වැඩම කරලා, දැනටමත් මෙම පවුලට නිවසක් ඉදිකරන්න උන්වහන්සේ කටයුතු කරලා අවසන්...! 

:       0       2

PATTA hora Thursday, 16 May 2024 05:18 PM

එයාලාගෙන් කප්පන් අරගෙන නැතිද? තඹයක්වත් හොරා කන්නේ නැතුව වැඩක් කරන්නේ නෑ.

:       0       1

සෙනෙවිරත්න Thursday, 16 May 2024 05:29 PM

එහෙමත් පින් සිත් පහළ වුණු පලියට ඔහොම කරන්න තමන්ගේ ⁣බූදලේද? රටේ ධනය මංකොල්ල කෑවෙත් ඔහේම තමයි...!

:       1       1

Sanjaya Thursday, 16 May 2024 06:00 PM

ප්‍රසන්නගෙන් නෙවෙයි, මහජනතාවගෙන් කියා නිවැරැදි විය යුතුයි.

:       0       1

jothi Thursday, 16 May 2024 08:58 PM

(කාංචන කුමාර ආරියදාස ) අනුරාධපුර, හබරණ, පුවක්පිටිය මහා වන කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක බිහිකළ දරු තිදෙනා ගේ පුවත ලංකාදීප වෙබ් අඩවියේ අනාවරණයෙන් පසු ගම්මානයට වැඩම කළ ගඟසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරුවෝ (සදගිරි සැයේ පොඩි හාමුදුරුවෝ ) ඔවුනට ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු නිවසක් තනා දීමට පොරොන්දු විය. මේ ධම්මාලෝක පොඩි හාමුදුරුවෝ ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු නිවසක් තනා දීමට පොරොන්දු වෙලානේ තියෙන්නේ, දැන් මේ ප්‍රසන්න රණතුංග මොකක්ද ගහන්න හදන ගේම

:       0       2

සෝබනා Friday, 17 May 2024 07:12 AM

එම නිවස හදන්න හාමුදුරුනමක් ඉදිරිපත් වෙලා ඉන්නවා කොහොමත් නිවාස අධිකාරිය නිවසක් හැදුවොත් කාලෙකට පස්සෙ නිවෙස් හිමියන්ට ණය මුදල් ගෙවීමට සිදුවෙනවා ඒක

:       0       3

Kazi Shajahan Friday, 17 May 2024 11:50 AM

ප්‍රසන්න ගේ පුද්ගලික මුදලින්ද නැතිනම් රජයේ මුදල් වලින්ද ?මීඩියා මේ වගේ දේවල් රිපෝට් කරන කොට හරියට කරුණු හොයලා බලලා දාන්න ඕනේ

:       0       2

Jayasekara Friday, 17 May 2024 12:15 PM

මෙයාට ගෙයක් දෙන්න මතක් වෙන්නේ අපේ හාමුදුරුවෝ ගෙයක් හදලා දෙන්න පොරොන්දු වුණාම තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 3 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 21 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2440 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 18 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1395 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2076 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37981 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site